Sunday, May 5, 2024

ගෝඨාභයගේ පදනම සහ දැක්ම විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශය කැඳවන හැටි!

දර්ශකයන් ද ඇඟවීම් ද සුපැහැදිලි ය. සිංහල බෞද්ධ උත්තමවාදී වැඩ සටහනක් මගින් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ, සිංහල බෞද්ධ උත්තමවාදී ජනාධිපතිවරයකු ලෙස පාලනය ගොන යෑමට අදහස් කරන බව සුපැහැදිළි ය.

නිදහස් ලංකාවෙහි ප්‍රථම වරට දරන් මුස්ලිම් ඇමැතිවරයකු නැි අමාත්‍ය මණ්ඩළයක් තිබේ. 38ක් වන නියෝජ්‍ය/රාජ්‍ය ඇමැතිවරු අතරද මුස්ලිම්වරයකු නැත. 54 දෙනෙකු වන අමාත්‍ය මණ්ඩළ සහ අමාත්‍ය මණ්ඩල නොවන ඇමැතිවරුන් අතර දෙමළ ජාතිකයින් දෙනෛකු පමණක් සිටින අතර ඇත්තේ එක් කාන්තාවකි. කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිවරයා ද පිරිමියෙකි.

සියයට 75% වන සිංහලයෝ වත්මන් ඇමැති පිරිසෙහි සියයට 92%කි.

මෙයට පෙර සිටි සියලු නායකයින්. මහින්ද රාජපක්ෂ ද ඇතුලුව, මෙම නියෝජනයක් නැති ස්වභාවය විසින්, සිත්තැවුලට පත් කරන්නට තිබුණි. නමුත් ගෝඨාභය රාජපක්ෂට එවැනි සිත්තැවුලක් නැත. හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු ඔහු මූලික ප්‍රතිපත්ති ප්‍රකාශණ දෙකක් ඉදිරිපත් කළේ ය. මෙම දෙකෙහි ම එක් පොදු කාරණාවක් දක්නට ඇත. එනම් සුලතරයන් ගැන කිසිවක් නොකීම යි.

වර්ථාමාන තත්වය නම් විවෘත, නිරුවත්. බහුතර උත්තමවාදය යි. සුලුතරයන්ට ( බෞද්ධ නොවන සිංහලයන්ටද) මෙම යථාර්තය පිළිගෙන ඒ අනුව ජීවත්වීමට නිදහස තිබේ. අන් කවර හෝ ප්‍රතිචාරයක් එය සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී, නීතිමය හෝ ව්‍යවස්තාමය වේවා දේශප්‍රේමය දරුණු ලෙස ‌‌කෙළෙසීමක් යැයි  සැක කැරෙනු ඇත.

තමාට සහ සිය ආණ්ඩුකරණය සදහා එකම මඟ ලෙස ගෝඨාභය රාජපක්ෂ තෝරාගෙන ඇත්තේ සිංහල බෞද්ධ උත්තමවාදයට විවෟතවම ගැලී සිටීම යි. සිය දේශපාලන සහ ජන්දදායක පදනමට ඔහු ලබා ‌දෙන දැවැන්තම දායකත්වය ද එය යි. රාජපක්ෂගේ පදනම, ශ්‍රී ලංකාවේ යතාර්තය වන මිශ්‍ර ජනවර්ගයන්ගෙන්, ආගම්වලින්, භාෂාවන්ගෙන් සහ සංස්කෘතීන්ගෙන් පිරි බහුත්වවාදී භූමියෙහි නියෝජනයක් නොවේ. ඒ වනාහී, සුලුතරයන් හුදු ජනගහණ සංඛ්‍යා වශයෙන් සහ සෙවනැලි ආකාරයෙන් පමණක් පවතින සිංහල බෞද්ධ රටක් ය යන මවාගත් ශ්‍රි ලංකාවක නියෝජනයකි. ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ පදනම විශ්වාස කරන්නේ ශ්‍රි ලංකාවේ ඉතිහාසය සිංහල බෞද්ධ එකකැයි ද එහි අනාගතය විය යුත්තේ සිංහල බෞද්ධ එකකැයි ද කියා ය. ගොඨාභය රාජපක්ෂ ශපථ කරන ලද්දේ බහුතරවාදී පාරාදීසයක් ගොඩනැගීමට ය. ඒ වනාහී යථාර්තමය ශ්‍රී ලංකාවට කවර වැයක් දරන්නට වුවද ඔහු විසින් පවත්වා ගන්නට කල්පනා කරන බව පෙනෙන ශපථ කිරීමකි.

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ පරාදීසයක් කරා ආපසු ගෙනයාමේ පොරොන්දුවෙහි දේශපාලනමය සහ ආර්ථිකමය අඩංඟුවක් තිබේ. දේශපාලනමය අඩංඟුව වන්නේ වාර්ගිකආගමික බහුත්වාදය කතාවෙන් ද ක්‍රියාවෙන් ද අතහැර දැමීම යි. සමානාමතාවය ගැන කතා තවදුරටත් නැත. රාජ්‍යයේ ප්‍රථම කාර්ය භාරය නම් සිංහල බෞද්ධයන් රැකබලා ගැනීම ය. අන් සියලු දේ පැමිනෙන්නේ ඉන් පසුව ය.

ඉදින් ශ්‍රී ලංකාව සුලුතරයන් වෙතින් ඉවතට ගෙන එහි සැබෑ හිමිකරුවන්ට පැවරීම පාරාදීසය කරා වන ගමනෙහි ප්‍රථම පියවර වේ. පරාදීසම ය පොරොන්දුවෙහි මෙම කාරිය ගෝඨාභය රාජපක්ෂ විවෘතවත් සීග්‍රගාමීවත් ඉටු කරමින් සිටී.

අනෙක් කාරණාවන්හිදී ආණ්ඩුව උඩි යටිකුරු වෙයි… ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් රාජපක්ෂ සහ රාජපක්ෂ රිජීමය, සිරිසේනවික්‍රමසිංහ පාලනයටත් වඩා ඉබාගාතේ යයි.

ඒ් නමුත් සුලුතරයන් නියම තැන තැබීමෙහි දී කිසිදු උඩියටිකුරු වීමක් නැත. තවදුරටත් දෙමළ බසින් ජාතික ගීයක් නැත. ජනවාර්ගික ප්‍රශ්ණයක් ද නැත. එබැවින් ම විසඳුමක් ද අවශ්‍ය නැත. ප්‍රශ්ණය නන්දිකඩාල්හි දී විසදන ලදී. එය එතැනින් ඉවර ය. සුලුතර ප්‍රජාවන්ට අනාරක්ශශිත බවක් හැගෙන්නේ නම් එය ඔවුන්ගේ වරදකි. වාද විවාද නැත. සාකච්ජා නැත.

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල ඉහළය. තවත් ඉහළ යා හැකි ය. උග්‍ර පොහොර හිඟයක් ඇතිවිය හැකි ය. බොහෝ තැනක පාසල් නිල ඇදුම් වවුචර තවම බෙදා දීමට තිබේ. අඩු ආදායම්ලාභී පවුල්හි ගර්භවී මව්වරුන්ට ලබාදුන් පෝෂණ මල්ල දැන් නැත. එනමුත් ගෝඨාභය රාජපක්ෂගේ පදනමේ  ඡන්දදායකයාට මේ කිසිවක් ප්‍රශ්ණයක් නොවේ. දේශපාලන ව්‍යාපෘතිය අපූරුවට ඉදිරියට යයි. ආර්ථිකය එය පසුපසින් එනු ඇත.

පළමුවෙන් අප රට පිටතින් පැමිණයවුන්ගෙන් ආපසු රැගෙන ඇත්ත හිමිකරුවන්ට දෙමු. අනතුරුව අපි රට සංවර්ධනය කරමු.

පැරණි බොරු ප්‍රයෝජනවත් ය. එනම් පංති සබඳතා වාර්ගිකආගමික පදනමින් යළි සූත්‍රගත කිරීම ය. සිංහල බෞද්ධ ගොව් කම්කරුවන්ට ( ශ්‍රීලනිපයට අනුව සඟ, වෙද, ගුරු ද ඇතුලත්ව) එරෙහිව බූෂුවා ධනපතියෝය. (ඔවුහු අධිරාජ්‍ය ගැත්තෝද වෙති). මෙම බියජනක අසත්‍ය ගැඹුරටම කිඳාබැස තිබේ. ඊට එක් හේතුවක් නම් කිසිදු දේශපාලන පක්ෂයක් එයට අභියෝග කර නැතිකම ය. ඊට ප්‍රතිවිරුද්ධව සෑම දේශපාලන පක්ෂයක්ම සිය මැතිවරණ වාසි සඳහා වරින් වර එය ප්‍රයෝජනයට ගෙන තිබේ. ජනතා විමුක්ති පෙරමුණ දෙවරක් ම එම පදනම මත විප්ලවයක් කිරීමට ද උත්සාහ කළා ය.

මෙම ගැඹුරට ම කා වැදුණු විශ්වාසය නිසා රාජපක්ෂ ඡන්දදායක පදනමේ න්‍යෂ්ටිමය කාණ්ඩය අතර වැඩිවන බඩුමිල හෝ අනෙක් සමාජ=ආර්තික අර්බූදයන් සම්බන්ධයෙන් අසංතෝශයක් නැත. සම්පත් යළි බෙදාදීමට කලින් අපේ උපන් අයිතිය සොරා ගත්තවුන්ගෙන් එය යළි ලබාගත යුතු ය. සෙල්ලම ආරම්භ කිරීමට පෙර ක්‍රීඩා පිටිය අසමාන කළ යුතු ය. ආණ්ඩුව ඒ කාරියෙහි යෙදී සිටී. ඒ තර්කය  කාලය ලබා දෙන එකකි.

බහුත්වවාදී ප්‍රජාතන්ත්‍රවාදය ඝාතනය කිරීමට ඇති හොඳම ක්‍රමය නම් එය සුලුතරයන්ට වාසිදායක එකක් බව ඒත්තු ගැන්වීමයි. ඔවුන්ට හොඳ දෙය ස්වභාවිකවම අපට නරක ය. දේශපාලන නිදහස උනට හොඳ ය. ස්වාධීන අධිකරණය උනට හොඳ ය. දුර්වල විධායකය උනට හොඳ ය. පොරොන්දු දේශය, එනම් ගෝඨාභය රාජපක්ෂ විසින් පොරෙන්දු වූ දේශය කරා යාමට නම් ඒකී සියල්ල සුනු විසුණු කළ යුතු ය.

හරියටම 19වන සංසෝධනය විනාශ කල යුතුවා වැන්න.

(ඊළඟ ‌කොටස බලාපොරොත්තු වන්න.)

තිසරණී ගුණසේකර විසින්  ඉංග්‍රිසි බසින් නම් පල කරනලද ලිපියක් අසුරෙන් සංස්කරණය කරන ලද අනුවාදයකි.

Archive

Latest news

Related news