Monday, May 20, 2024

“කොම්පියුටර් ජිල්මාට් බිල්ලා” යළි පෙන්වනු ලැබේ… අනුග්‍රහය මහාචාර්ය අශු මාරසිංහ විසිනි.

චමින්ද (එනමින් මෙහි කියැවෙන්නේ වසන්ත දේශප්‍රිය බව සළකන්න – ශ්‍රී ලංකා බ්‍රීෆ්) සහ ආචාර්ය සංජීව වීරවරණ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මණ්ඩලයට පත් කිරීම සැක සහිත බවත් එය ඥාති සංග්‍රහයක් බවත් මැතිවරණ කොමිසම සඳහා ඩිජිටල් විසඳුමක් සංවර්ධනය කිරීම සඳහා අප සම්බන්ධ වී ඇති හෙයින් ඉන් ලැදියා ගැටුමක් ඇති වන බවත් මහාචාර්ය අශු මාරසිංහ විසින් මාධ්‍යවලට පවසා ඇත.

එමිරේටස් විය යුතු මහාචාර්යවරයා මේ කීමට උත්සාහ කරන්නේ කුමක්ද? (රැකියාවෙන් පිටතදී මහාචාර්ය ලෙස හැදින්වීමට හැක්කේ එමිරේටස් මහාචාර්යවරුනට පමණි).

අ) ගෝඨාභය රාජපක්ෂ මහතාට නීතිවිරෝධී ලෙස ජනපතිවරණය ජය ගත හැකි වන පරිදි අප විසින් කොම්පියුටර් ජිල්මාට් එකක් කර ඇති බවද?
ආ) ගෝඨාභය රාජපක්ෂ ජනපති විසින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යක්ෂෂ මණ්ඩලයට අප දෙදෙනා පත් කළේ එයට දුන් පගාවක්ද වශයෙන් බවද?
ඇ) අප දෙදෙනා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කළේ ගෝඨාභය රාජපක්ෂ ජනපතිට මහ මැතිවරණය නීති විරෝධීව හෝ ජය ගැනීමට හැකි වන අන්දමින් මැතිවරණ කොමිසමේ තොරතුරු තාක්ෂණ පද්ධතිය අප දෙදෙනා ලවා සකසා ගැනීම සදහා බවද?

අප දෙදෙනාගේ කැරැට්ටුව දන්නා අයට මේවා සුරංගනා කථා නොවේද? Github හි ඇති හා අනාගතයේදී ද පළ කරන මැතිවරණ කොමිසමේ මාදුකාංග මූලාශ්‍රවලින් ඕනෑම අයෙකුට එහි ඇතිත නැත්ත පෙනෙන නිසා මෙය අරාබි නිසොල්ලාසයට වඩා කදිම කථාවක් නොවේද?

ඔහු පෙන්වා දෙන මේ ලැදියා පිළිබඳ ගැටුම (Conflict of Interest) කුමක්ද?

අප අතීතයේ දිනක මෘදුකාංග පද්ධතියක් සංවර්ධනය කළ නිසා සමහර විට අපට නව හෝ අනාගත ආණ්ඩු වල කිසිදු තනතුරක් දැරීමට නොහැකි ද?එක්සත් ජාතික පක්ෂ යුගයේ මෙන්ම මහින්ද රාජපක්ෂ යුගයේ ඉ-රාජ්‍ය පද්ධති සංවර්ධනය කිරීමට මවිසින් නායකත්වය ලබා දී ඇත. එබැවින් අනාගත ආණ්ඩු වල කිසිදු තනතුරක් මා නොගත යුතුය. (මා එම තනතුරු පිළිගන්නවාද නැද්ද යන්න වෙනත් කාරණයකි).

මහින්ද රාජපක්ෂ යුගයේදී චමින්ද විසින් ඉ-රාජ්‍ය පද්ධති සකස් කර ඇති බැවින් යහ පාලන රජයේ අමාත්‍යාංශ ලේකම් ධුරයකට චමින්ද පත් කළ විට මහාචාර්යවරයා ඊට විරුද්ධ නොවූයේ ඇයි?

සංජීව සහ චමින්ද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂ මණ්ඩළයේ සිටින නිසා, මැතිවරණ කොමිස සඳහා මෘදුකාංග සංවර්ධනය කිරීමට අප සම්බන්ධ වීම ලැදියා ගැටුමක් ද?

අප තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින තාක් කල් අපට රජයේ කිසිදු මෘදුකාංග සංවර්ධන කටයුත්තකට සම්බන්ධ විය නොහැකිද?

මුලදී, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් බොහෝ රාජ්‍ය ආයතන සඳහා මෘදුකාංග සංවර්ධනය කරන ලද අතර චමින්ද රාජ්‍ය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහනේ අධ්‍යක්ෂකවරයා ලෙස ඒ සියල්ල මෙහෙයවූයේය. එය ජීවිත කාලය පුරා දිවෙන ලැදියා ගැටුමක්ද?

ඔහු පවසා ඇත්තේ චමින්ද මැතිවරණ කොමිසමේ සභාපතිගේ ඥාතියෙකු බවත් එහෙයින් මෙම පත්වීම ඥාති සංග්‍රහයක් බවත් ය. (චමින්ද මහින්ද දේශප්‍රියගේ බාල සහෝදරයා වන අතර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී මුහුන්තන්ගේ ක්‍රියාකලාපය ආරක්ෂා කිරීම සදහා මහාචාර්යවරයා චමින්ද සමග පාර්ලිමේන්තුවේදී  කතා කළේය. එනම් ඔහු චමින්ද අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙස කටයුතු  කළ බව හා ඔහු මැ.කො.ගේ මල්ලී බව ද ඔහු මීට පෙරම දනී ).

මෙය ඥාති සංග්‍රහයක් නම්, මහින්ද දේශප්‍රිය අධ්‍යක්ෂ මණ්ඩළයට චමින්දව පත් කළාද? නැතහොත් මැ.කො. විශ්‍රාම ගොස් වේලෙමින් සිටින තම දෙටු සොයුරා වන චමින්ද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට කෙසේ හෝ පත් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනපතිගෙන් ඉල්ලා සිටියාද?

චමින්දගේ පවුලේ දේශපාලන පසුබිම අනුව, මහින්ද දේශප්‍රිය එසේ ජනපතිගෙන් ඉල්ලා සිටියත් චමින්ද වැනි මතවාදී විරුද්ධ අදහස් ඉදිරිපත් කළ අයෙකු ජනපති ඉක්ටා අධ්‍යක්ෂ මණ්ඩළයට රජයේ නිලධාරියකු වන මැ. කෝ. ගේ ඥාතියකු පත් කරයිද?

(chamindasworld.wordpress)

Archive

Latest news

Related news