Thursday, November 21, 2024

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ජනපතිට: පනත වෙනස් කරන්නේ නම් අතුරුදහන් වූවන්ගේ පවුල්වල දැනගැනීමට ඇති අයිතියට ගරු කරන්න!

2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත සංශෝධනය කිරීමට රජය අදහස් කර ඇති බව මෑත කාලීන මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත. 2020 ජනවාරි මස 9 වන දින මෙම වාර්තා පිළිබඳ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ස්ථාවරය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ගරු අධිකරණ හා මානව හිමිකම් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාට නිල වශයෙන් සන්නිවේදනය කරන ලදී. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කරන ලද්දේ අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද පවුල්වල සාමාජිකයින්ගේ දීර්ඝ කාලීන ඉල්ලීම්, පෙර පැවති රාජ්‍ය යාන්ත්‍රණවල තිබූ යම් ඌනතාවයන් සහ එම යාන්ත්‍රණ මගින් ඉදිරිපත් කරනු ලැබූ නිර්දේශ වල ප්‍රතිඵලයක් වශයෙන් බව නිල සන්නිවේදනයේ අවධාරණය කර සිටියේ ය.
දශක හතරකට අධික කාලයක් තිස්සේ පැවති සිවිල් යුද්ධය සහ දකුණේ පැවති කැරැලි කෝලාහල ඇතුළු විවිධ සනද්ර්භයන් තුළ අතුරුදහන් වීම් අප රට තුල සිදු වී ඇති බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සිහිපත් කරන ලදී. පසුගිය දශක තුනක කාලය තුළ විවිධ දේශපාලන පක්ෂවලට අයත් රජයන් විසින් අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවූ තැනැත්තන් පිළිබඳ ගැටලුවට විසඳුම් සෙවීමට උත්සාහ කර ඇත්තේ සීමිත බලතල සහ විෂය පථ සහිත ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා ඇතුළු තාවකාලක යාන්ත්‍රණ ස්ථාපිත කිරීමෙනි.

2011 දී උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන පිළිබඳ වූ පරීක්ෂණ කොමිෂන් සභා අවසාන වාර්තාවේ ඇතුළුව මීට පෙර පැවති රාජ්‍ය යාන්ත්‍රණයන් විසින් අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද තැනැත්තන් සම්බන්ධ ගැටළු විසඳීම සඳහා පළුුල් වරමක් සහ ශක්තිමත් විමර්ශන බලතල සහිත ස්ථිර ආයතනයක් පිහිටවීුමට රජයට නිර්දේශ කළ බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය තවදුරටත් සඳහන් කර ඇත.

පෙර පැවති යානත්‍රණයන් මෙන් නොව, 2018 ස්ථාපිත අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ස්ථිර හා ස්වාධීන රාජ්‍ය ආයතනයක් වන අතර, වෙනත් ස්වාධීන කොමිෂන් සභාවලට සමාන අනන්‍යතාවයක් ඇති අප කාර්යාලයේ කාර්යභාරය කිසියම් නිශ්චිත කාල පරිච්ඡේදයකට, කලාපයකට හෝ ප්‍රජාවකට සීමා නොවේ. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ 27 වන වගන්තියට අනවු අප කාර්යාලයේ කාර්යභාරයට උතුරු නැගෙනහිර පළාත්වල සිදු වූ සන්නද්ධ ගැටුම් අතරතුර හෝ එහි ප්‍රතිඵලයක් ලෙස නැතහොත් එම සන්නද්ධ ගැටුම්වලට පසුව අතුරුදහන් වූ තැනැත්තන් හෝ දේශපාලන නොසන්සුන්තාවයක් හෝ සිවිල් කැරළි කෝලාහල හෝ සම්බන්ධයෙන් අතුරුදහන් වූ හෝ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් වලට ලක් වූ තැනැත්තන් හෝ ”යුද්ධයේ දී අතුරුදහන් වූ” තැනැත්තෙකු ලෙස හඳුන්වනු ලබන ක්‍රියාන්විතයේ නිරතව සිටියදී අතුරුදහන් වූ සන්නද්ධ හමුදාවල සාමාජිකයින් හෝ පොලසීියේ සාමාජිකයින් ඇතුලත් වේ.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ 10(1) වගන්තිය ප්‍රකාරව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයයේ කාර්යභාරයට (අ.) අතුරුදහන් වූ තැනැත්තන් සොයා ගැනීම සඳහා උචිත ක්‍රියාමාර්ග ගැනීම; (ආ.) අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධ සිදුවීම් පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගැනීම පණිිස අදාළ බලධාරීන් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම; (ඇ.) අතුරුදහන් වූ තැනැත්තන් සහ ඔවන්ගේ පවුල්වක සාමාජිකයින්ගේ අයිතිවාසිකම් සහ බැඳියා ආරක්ෂා කිරීම; (ඈ.) අතුරුදහන් වූ තැනැත්තන් සහ ඔවුන්ගේ පවුල්හි සාමාජිකයින්ට හිමිකම් ඇති සහන මාර්ග හඳුනා ගැනීම; සහ (ඉ) අතුරුදහන් වූ තැනැත්තන්ට අදාළ දත්ත එකතු කිරීම ඇතුලත් වේ. පෙර පැවති කොමිසම් සභා නිගමනය කර ඇති පරිදි අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවූ තැනැත්තන් පිළිබඳ පරීක්ෂණ සංකීර්ණ වන අතර ඒ සඳහා පළුුල් සහ විධිමත් විමර්ශන බලතල අවශ්‍ය වේ. මේ හේතුවෙන් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට පනතේ 12(අ)-(එ) වගන්ති ප්‍රකාරව බලතල ලබා දී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත, හිටපු අතිගරු ජනාධිපතිතුමා විසින් 2018 පෙබරවාරි මස කොමසාරිස්වරුන් හත් දෙනෙකු පත් කිරීමෙන් අනතුරුව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටවුන ලදී. පළමු වසර තුළදී, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් දිස්ත්‍රික්ක ගණනාවක මහජන අදහස් විමසා ඇති අතර අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල්වල සාමාජිකයින් ඔවුන්ගේ අත්දැකීම් විස්තර කිරීමේදී, වන්දි ලබා දීම කෙරෙහි පමණක් රජය අවධානය යොමු කිරීම ඇතුළු පෙර පැවති යාන්ත්‍රණ වල පැවති අඩපුාඩු ඉස්මතු කර ඇත. සියලු ප්‍රදේශ වල ජීවත් වන සියලු ජන කොට්ඨාශවලට අයත් වන අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල් වල සාමාජිකයන් තම ආදරණීයයන්ට අත් වූ ඉරණම පිළිබඳව කඩිනමින් පරීක්ෂණ පවත්වා පිළිතුරු සපයන ලෙස අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයයෙන් ඉල්ලා සිටියහ. පසුගිය මාස විසි දෙක තුළ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ප්‍රධාන කාර්යාලය කොළඹ ස්ථාපිත කළ අතර මාතර, මන්නාරම, යාපනය සහ මඩකලපවු දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය කාර්යාල හතරක් විවෘත කර ඇත.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතට සංශෝධන යෝජනා කිරීම රජයේ අභිමතය වන අතර ඒවා පාර්ලිමේන්තුව හරහා සිදු විය යුතු වේ. එසේ කිරීමේදී අතුරුදහන් වූ හෝ අතුරුදහන්කරවූ තැනැත්තන්ගේ පවුල්වල සාමාජිකයින්, ඔවුන් සමග වැඩ කටයුතු කරන සංවිධාන සහ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සමග පුළුල් සාකච්ඡා පවත්වා රජය විසින් සුදුසු සංශෝධන ඉදිරිපත් කිරීම යෝග්‍ය බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ මතයයි. එසේම, පවල්වල අවශ්‍යතා සහ තම ආදරණීයයන්ට අත් වී ඇති ඉරණම කුමකද යන්න දැන ගැනීමට පවුල්වලට ඇති අයිතිය රජය විසින් සැලකිල්ලට ගත යුතු බව අපගේ අදහසයි.

සාලිය පිරිස්

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල 15/01/2020

Archive

Latest news

Related news