Thursday, April 25, 2024

බකට් පත්තු කරන්න ඕන වෙසක් එකට; ජනතාවට ටිකක් විදින්න දීලා බලමු! – ලාල් කාන්ත

ජවිපෙජවිපෙ ප්‍රතිසංස්කරණ දිනා ගන්නත් රාජ්‍ය බලය ලබා ගන්නත් සටන් කරනවා.

ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනය කිරීමේ මූලික අරමුණු දෙකක් තිබෙනවා. එකක් තමයි අපට බලය ලබාගැනීමේ අවශ්‍යතාවයක්‍ෙතිබෙනවා. මොකද එවැනි බලයක් යටතේ මේ රට ගොඩනගන්න පුළුවන් කියන වැඩපිළිවෙළක් හා විශ්වාසයක් අපට තිබෙන නිසා. අනෙක් පැත්තෙන් මේ සමාජයේ යම් යම් සාධනීය ප්‍රතිසංස්කරණවලටත් අපේ මැදිහත්වීමක් තිබෙනවා. සමහරු ඉන්නවා ප්‍රතිසංස්කරණ විතරයි බලන්නේ. දේශපාලන බලය වැඩක් නෑ. අපි ඔය දෙකම එක්ක ඉන්නේ. ජනතාවගේ සතුරන්ට වැරැදි කිරීමට ඉඩහරින්න යැයි කියමනක් තිබෙනවා. එතකොට මේ ආණ්ඩුව ජනතාවගේ මිතුරෙක් කියලා අපි දකින්නේ නෑ. කලින් තිබුණු එක මිතුරෙක් කියල දකින්නෙත් නෑ. ඒ අයට යමක් කිරීමට එක්තරා දුරකට ඉඩහැරිය යුතුයි. ඉතින් එසේ කරපුදෙන්. ජනතාවට තීරණ ගන්න අවස්ථාව දෙන්න ඕනෑ. ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ මේ ළඟදි මට මුණගැසුණා. බකට් පත්තුකරන්න ඕනෑ වෙසක් කාලයට කියලා උන්වහන්සේ මට කිව්වා. අපිත් ඒක පිළිගන්නවා. මොකද වෙන කාලෙක බකට් පත්තු කළොත් මිනිස්සු හිතන්නෙත් මුන්ට පිස්සු කියලයි. ඒ නිසා ජනතාවට යමක් තේරුම්ගැනීමකට ඉඩහරිමින් තමයි අපි දේශපාලන ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. අපට සමහර ඈත දේවල් පෙනිලා මැදිහත්වීම් කළාට ජනතාව එතැනට ඇවිල්ලා නැත්නම් අපි කරන සමහර වැඩ වෙසක් නැතිව බකට් පත්තු කරනවා වගේ ජනතාවට දැනෙන්න පුළුවන්. ඒ නිසා ජනතාවටත් මේවා රසවිඳින්න ඉඩදෙන්න ඕනෑ. අපි ඒ වෙලාව පොඩ්ඩක් දීලා බලමු.

ගෝට දිනන බව අප දැනගෙන හිටියා

ජනාධිපතිවරණයේදි අපේක්ෂිත ප්‍රතිඵලය නෙවෙයි කියලා කිව්වට ගෝඨාභය මහත්තයා දිනනවාය කියන එක ගැන කිසිම විවාදයක් තිබ්බේ නෑ. ඒක තමයි ඇත්ත. ඒ වගේම මාර්තු පළමුවැනිදායින් පස්සේ ඕනෑම මොහොතක මේ පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්. මේ ආණ්ඩුවටත් කුණුවෙන්න කලින් පාර්ලිමේන්තු බලය අත්පත් කරගැනීමේ වුවමනාවක් තිබෙනවා. මේ ආණ්ඩුවේ සංයුතිය ප්‍රතිපත්තිය දිහා බැලුවාම මේ කුණුවීම අනිවාර්ය යථාර්ථයක්. ඒ නිසා හැකි පළමු වැනි මොහොතෙම පාර්ලිමේන්තු ඡන්දෙට යන්න ඒගොල්ලන්ට අවශ්‍යයයි. අප්‍රේල් 25 විතර වෙනකොට යයි කියලා අපි හිතනවා. මොකද එතකොට අප්‍රේල් 21 සිද්ධියත් නැවත තොරම්බල් කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම 21 සිද්ධිය නැවත ඇදලා ජාතිවාදය ආගම්වාදය නැවත මතුකරලා ජාතික ආරක්ෂාව ගැන කතා කියලා 25 වැනිදා විතර වෙද්දි පාර්ලිමේන්තු ඡන්දය තබනවා නම් ජනතාව නොමග යවන්න ලොකු ඉඩක් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය, පාර්ලිමේන්තු ක්‍රියාදාමය පිළිගන්නවා නම් එතැනදි විපක්ෂයක කාර්යභාරය තීරණාත්මකයි. ඉතාමත් ශක්තිමක් පරිණත පාර්ලිමේන්තු ක්‍රියාවලියට දායකවීමට සමත් විපක්ෂයකුත් අවශ්‍යයි.

එජාපයට ප්‍රබල විපක්ෂයක් වෙන්න බැහැ

ඊළඟ මැතිවරණෙදි මහින්ද රාජපක්ෂ මහත්තයලා ආණ්ඩුව හදනවා. එ.ජා.පය විපක්ෂයට වැටෙනවා. ඒ ගැන කිසි සැකයක් නෑ. හැබැයි එ.ජා.පය කවදාවත් පාර්ලිමේන්තුවේ විපක්ෂ කාර්යභාරය කරලා නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙ නායකත්වය යටතේවත් ඊට කලින්වත් ඒක හරියට වෙලා නෑ. ඇල්මැරිච්ච, ඇණකොටාගන්න, පක්ෂ මාරු කරන විපක්ෂයක් තමයි එ.ජා.පය ජනතාවට පෙන්නලා තිබෙන්නේ. ඇත්තටම රාජපක්ෂ මහත්තයලට තුනෙන් දෙක හදලාදෙන්නේ ජනතාව නෙවෙයි. පාර්ලිමේන්තුවේ විපක්ෂෙ අය අනෙක් පැත්තට පැනලයි. ජනතාව ඒක තේරුම්ගන්න ඕනෑ.

(උපුටා ගෙන සංස්කරණය කරන ලදදේ ලංකාදීප පුවත් පතට බිඟුන් මේනක ගමගේ කල සාකච්ජාවකිනි.)

Archive

Latest news

Related news