ඡායාරූපය නියෝමාල් රංග ජීවගේ මුහුණු පොතිනි.
පසුගිය 24වනදා ගෝඨාභය රාජපක්ෂ විසින් යළි සේවයේ පිහිටුවන ලද වැලිකඩ රැදවියන් සහ සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ නඩුවේ ප්‍රධාන විත්තිකරු වන පොලිස් පරීක්ෂක නියෝමාල් රංග ජීව සිය පේස් බුක් පිටුවෙන් එම නඩුවේ සාක්ෂිකරුවන්ට ප්‍රහාර එල්ල කරන ලිපි පළ කරන්නට පටන් ගෙන තිබේ. සාමාන්‍යයෙන් අපරාධ නඩුවක විත්තිකරුවකු නඩුව අවසාන වන තුරු සේවයේ පිහිටුවන්නේ නැත. එනමුත් එම රීතිය මෙම විත්තිකරුට බලපා නැත.
මෙම පොලිස් නිලධාරියා විසින් දැනට අත්අඩංගුවේ පසුවන හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න වෙත සිය පේස් බුක් පිටුවෙහි පළ කර ඇති ලිපියක් මෙසේ ය:
හිතවත් රාජිත මංත්‍රිතුමනි
2015 දි ඔබ කුඩුකාරයන්ගෙන් හොදට හම්බු කළ ජේලර් කෙනෙක් ,කොලොඹ පාසල් ලමුන්ට බෝම්බ ගැසු සිංහල කොටියෙකු හා මරණ දඩුවමෙන් බේරා ගන්නා බවට පොරොන්දු දි කුඩු කාරයන් කිහිපදෙනෙක් එකතු කරගෙන නියම ප්‍රකාශ සගවා අලුත් ප්‍රකාශ එකතු කර දඩයම් තලාවක් නිර්මාණය කරවිය .
කුඩු කාරයන් අල්ලන්න ගිහින් වෙඩි උන්ඩ නවයක් වැදිලා පපුවේ උන්ඩ තුනක් සහිතව හිස ද තුවාල වී මම නිවසේ සිටින විට අත් අඩංගුවට ගැනිමට ඔබේ දඩයම් බල්ලා වන රවිට උපදෙස් දුන්නා මතකද? ඔබ අද වගේ මමත් එදා නිතිපතිට කරුණු දැක්විම කලා එත් ඔබ ඒක වැලැක්වුවා මතකද ?
අද ඔබ උසාවියෙන් සාදාරණයක් ඉල්ලනවා සේම මමත් උසාවි ගියා එකත් ඔබ එදා එකත් වැලැක්වුවා මතකද ? ඒ තීන්දුව දී පැය දෙකක් යනකොට රවි එව්වා මාව අත් අඩංගුවට ගැනිමට .
තුවාල සහිතව රිමාන්ඩ් කලා මතකද ? මම සෑම රාත්‍රියේ දිම නින්දා ගත්තේ නැහැ මංත්‍රි තුමා තුවාල පරිස්සම් කලා මකුනන් ගෙන්. අතේ තිබුන හැම සතේම වියදම් කරලා ඇප අයදුම්පතක් දැම්මා එකටත් ඔබ හරස් වුනා මතකද ?
මම අල්ලපු කුඩු කාරයන් එක්ක එක සිර මැදිරියේ ඉන්න කොට දැනෙන හැගීම ඔබ දන්නවා ද
මාස හයක් ඉදලා නැවත එලියට ඇවිත් නාකොටික් එකේ ඉන්න විට ඔබේ මිතුරා රූමි ගේඋවමනාට මාව පොලිස් ඩිපෝ වේ පුස්තකාලයට දාලා ඔබ සතුටු වුනා මතකද ?
නැවතත් සේවය නැති කර දැන් මම ගෙදර ය.
දැන් ඔබ උදේ ඉදන් උසාවියේ ඉන්න කොට කරපු දේවල් මතක් වෙනවා ඇති.
මංත්‍රි තුමා ඔහොම පිච්චී පිච්චී ඉන්නවා ට වඩා හොදයි නේද පිරිමියකු වසයෙන් ඇතුළට යන එක මොකද මට වගේ තරහකාරයෝ රිමාන්ඩ් එකේ ඔබට නැහැනෙ කුඩු කාරයන් ,පාතාලයේ එවුන් ඔබගේ මිතුරන් නිසා .
මොනවා එකතු කරත් දවසක හෙලුවෙන් කනත්තට යන්න වෙනවා යන්න මතක් කිරිමට කැමති
මීට
—-නාකොටික් රංගජිව —–
Ranga Jeewa FB
ඔහුගේ පේස්බුක් පිටුවෙහි රාජිත සේනාරත්නට නිවන් සුව පතා ඇත්තේ මෙසේ ය:
එමෙන්ම මෙම නඩුවෙහි ප්‍රධාන සාක්ෂිකරුවකු වන සුදේශ් නන්දිමාල් ට විරුද්ධව ද ලිපි ගණනාවක් තර්ජනාත්මක ස්වරෑපයෙන් ඔහුගේ පේස් බුක් පිටුවෙහි ඔහු විසින්ම පළ කර තිබේ.