Tuesday, July 16, 2024

නාවික හමුදා කදවුරේ අතුරුදහන් කිරීම්: මාධ්‍ය සාකච්ජා මගින් අජිත් ප්‍රසන්න අධිකරණයට බලපෑම් කිරීම නීති විරෝධියි – නීතිඥ අචලා සෙනවිරත්න

තරුණයින් 11 දෙනෛකු අතුරුදහන් කිරීමට අදාළ මෙම නඩුකරය දැැනට වසර11ක කාලයක් මහේස්ත්‍රාත් අධිකරණය පවතිනවා. ඒ වගේම නඩුවට අදාළ විවිධාකාර විමර්ශන ගණනාවක් සහ විද්‍යාත්මක සාක්ෂි ගණනාවක් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

ඒ පවතින අතරතුර මෙම නඩුවට අදාළව මෙම නඩුවේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙක් සහ සාක්ෂිකරුවකු සම්බන්ධ කරගෙන නීතිඥ අජිත් ප්‍රසන්න නැමැත්තා විසින් ඇති 2019 දෙළෙසේවන මස හයවන දිනත් නම වන දිනත් මෙම නඩුවේ සාක්ෂිකරුවන්ට සහ මෙම නඩුවට අදාළව මෙතෙක් කටයුුතු කර තිබූ විනිසුරුවරුන්ට අදාල අනෙක් සහ පාර්ශවයන්ට අගතිදායක වන ආකාරයටත් නඩුවට අදාළ හරයට බලපාන ආකාරයෙන් මහජනතාව අතර කැළඹීමක් ඇතිකළ හැකි ආකාරයෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වා තිබෙනවා.

යම් පුද්ගලයෙක් අධිකරණයට පැමිණෙනේනනේ අධිකරණය තුළින් යම් ආකාරය යුක්තියක් සහ සාධාරණයක් ඉෂ්ට වේය කියන විශ්වාසය මතයි.

මෙයාකාරයෙන් යම්කිසි ආකාරයේ පවතින නඩු කරුණකට අදාලව එයට බලපාන ආකාරයෙන් ප්‍රකාශ මහජනතාව තුළ සිදු කිරීම මගින් එම විනිශ්චයකාරවරුන්ට සිදුකරනු ලබන බලපෑමක් කිරීමක් ලෙස අරගන්න පුලුවන්.

ඒ අනුව අද දින කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවෙහි අගතියට පත් පාර්ශව විසින් ඊට සම්බන්ධ දැක්වීමක් කරනු ලැබුවා. එහි ප්‍රධාන වශයෙන් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වගන්ති යටතේ අයුතු ආකාරයකින් නඩුකරයකට මැදිහත් වීම යන කාරණා යටතේ සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනතෙතහි 8 වන වගන්තිය යටතේ ප්‍රකාරව මෙම තැනැත්තා විසින් මෙම නඩුවෙහි කටයුතු සහ පාර්ශ්වයන්ට බලපාන ආකාරයට කටයුතු කිරීම යන කාරණාව ගැන අධිකරණයේ අවධානය යොමුකරා. ඒ වගේම එම මාධ්‍ය සාකච්ජාවට අදාල වීඩියෝ පටයක් ද අධිකරණය වෙක ඉදිරිපත් කළා.

වගේම  මෙම අගතියට පත් පාර්ශවය අධිකරණයට ආවේ අවසර 11ක කාලයක් ආවේ මේ රටේ අධිකරණයට සාමාන්‍ය මිනිසුන්ට අධිකරණයක් හරහා තමයි තමන්ගේ යුක්තිය සාධාරණය ඉෂ්ට කරගන්න පුලුවන් විශ්වාස මත.

විමර්ශණ කටයුතු කරන ආයතන තුළ වසර ගණනාවක කාලයක් සාක්ෂිකරුවන්ගේ සටන් කරල විමර්ශන වාර්තා සකස් කරල විද්‍යාත්මක සාක්ෂි අනාවරණය කරගෙන තමයි මෙම නඩු ගොනුව සකස් වෙලා තියෙන්නේ.

ඒ අතරතුර ඒ සාක්ෂි කරුවන්ට සහ නඩුව කරගෙන යන අධිකරණ විනිසුරුවරුන්ට යම්කිසි බලපෑමක් කිරීම සහ විකාතිකල කරුනු දැක්වීම් නිසා යුක්තිය සහ සාධාරණය වීමට තියෙන අවකාශයට හානිය වෙනව.

මේ රටේ මේ නඩුවට අදාළව නෙවෙයි මේ රටේ පොදුවේ අධිකරණ පද්ධතිය ස්වාධීනතාව ආරක්ෂා වෙලා තිබුණොත් තමයි කරපු මිනිස්සුන්ට මහජනතාවගේ ආරක්ෂාව සැලසෙනනේ. මොකද වින්දිතයන්ට යන්න තියෙන එකම තැන තමයි අධිකරණය.

ඒ අධිකරණයට යම්කිසි ආකාරයේ කවුරුහරි කෙනෙක් බලපෑමක් කරන අපිට සාමාන්‍ය පුරවැසියන් විදිහට සාමාන්‍ය පුද්ගලයෙකුට හැකියාව තියනවා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න සහ ඒ සම්බන්ධයෙන් නීතිමය වශයෙන් කරන්න. මොකද අධිකරණයට ඇති ආකාරය ඕනෑම කෙනෙක්ගේ බලපෑමක් වෙනවා ප්‍රතිපාදන හදලා තියෙනවා එම අධිකරණ ස්වාධීනතාව ආරක්ෂා කරන්න කොහොමද කටයුතු කරන්නෙ කියලා.

(අචලා සෙනවිරත්වින මාධය හමුවෙහි දක්වන ලද අදහස් වීඩියෝවක් අසුරිනි)

 

 

Archive

Latest news

Related news