ජනපතිවරණයේ දෙමළ ජනයාගේ පණිවිඩය පැහැදිළියි – ආර් සම්බන්දන්

447
Sri Lankan ethnic Tamils woman lives after voting at a polling station during the northern provincial council election in Jaffna, 400 kilometres (250 miles) north of the capital Colombo on September 21, 2013. Sri Lanka's minority Tamils began voting in an election they hope will give them a shot at self-rule after decades of ethnic bloodshed that claimed over 100,000 lives. AFP PHOTO/LAKRUWAN WANNIARACHCHILAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images

ජනාධිපතිවරණයෙන් ජය ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභ පතන දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාව ඡන්දය මගින් දැක්වෙන පණිවිඩය කුමක් දැයි පැහැදිළි කර තිබේ.

එහි නායක ආර්. සම්බන්දන් මහතා විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේ කියයි:

උතුරු නැගෙනහිර සියලු පරිපාලන සහ මැතිවරණ දිස්ත්‍රික්කයන්හි ජනයා විශාල වශයෙන් ඔහුගේ මැතිවරණ ප්‍රකාශනයෙහි, දිගු කලක් පවත්නා ජාතික ගැටළුවට විසදුමක් සැපයිය හැකි යම් යම් කරැණු දක්වා ලූ සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ප්‍රකාශ කළහ.

දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාස මහතාටද ඔහුගේ ළකුණ වූ හංසයාට ද ඡන්දය දෙන ලෙස ජනයාගෙන් ඉල්ලා සිටියේ ය. මෙම ඉල්ලීම කරන ලද්දේ උපරිම බලය බෙදිමක් සහ එමගින් එක්සත්, නොබෙදුණූ ශ්‍රී ලංකාවක් තුළ ජාතික ගැටළුවට විසදුමක් ලබා ගැනීමේ පදනම මත ය. ජාතික ගැටළුවට විසදුමක් ලබා ගැනීම පිනිස උපරිම බලය බෙදා හැරීම අවශ්‍ය බව සියලුම දේශපාලන පක්ෂ සහ නායකයින් පිලිගෙන තිබේ.

අපගේ ඉල්ලීම පිළිගනිමින් සහ මැතිවරණය වර්ජන කිරීමට හෝ දෙමළ ජාතික අපේක්ෂකයකුට ඡන්දය දෙන ලෙස කැරුණු ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් සජිත් ප්‍රේමදස මහතාට ඡන්දය දීම මගින් දෙමළ ජනතාව ලබා දී ඇති පැහැදිළි පණිවිඩයක් තිබේ. එනම් එක්සත් නොබෙදුණූ සහ අභේද්‍ය ශ්‍රී ලංකාවක් තුළ සිය අයිතිවාසිකම් දිනා ගැනීමට දෙමළ ජනතාව අදිටන් කරගෙන ඇති බවයි. දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන් දෙමළ ජනයාට ස්තුති කිරීමට මෙම අවස්ථාව යොදා ගනිමින් මෙකී සමගිය ආරක්ෂා කරගෙන දිගටම පවත්වා යුතු යැයි ඉල්ලා සිටිමට ද කැමැත්තෙමි.

අපේ ප්‍රාර්ථනාව නම් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඉතා ප්‍රබල මෙම තීන්දුවට නව ජනාධිපතිවරයා ගරු කරනු ඇතැයි යන්න වන අතර ඔහු එළෙස ගරු කරනු ඇතැයි මම අපේක්ෂා කරමි. අප එකාවන් යැයි ද එක් රටක සමාන පුරවැසියන් යැයි ද හැඟීම ඇතිකළ හැක්කේ එමගින් පමණි. තවද එට සුරැකී මෙරට සියලු ජකයාට පලදායක වනු ඇති මහත් ආර්ථික සම සමාජ සංවර්ධනයක් සදහා පරිසරයක් නිර්මානය වනු ඇත්තේ ද එමගින් පමණි.

දෙමළ ජනයා වෙනුවන් නව ජනාධිපතිවරයාටද ඔහු හා එක්ව ඇති සියලු දෙනාටද මා කරුණාවෙන් ගෙන ඒමට කැමැති පණිවිඩය මෙය වේ

සංස්කරණය කරන ලද දළ පරිවර්ථනයක් බව සළකන්න..