Thursday, May 2, 2024

සජිත් විපක්ෂනායක කම ඉල්ලයි; රනිල් සජිත්ට විරුද්ධව වාර්තාවක් ඉල්ලයි!

එක්සත් ජාතික පක්ෂය තුල තියණු අභ්‍යන්තර අරගලයක් යළි ඇති වී තිබේ‍.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ලෙස පත් කරන සේ ඉල්ලා එජාප මංත්‍රීවරු බහුතරයකගේ (45)ගෙ අත්සනින් යුතු ලිපියක් කතානායක කරු ජයසූරිය වෙත ඉදිරිපත් කර ඇත. මෙම ලිපිය පිළිබඳව වික්‍රමසිංහ පවුල හා සබැදි විජේවර්ධන පවුලට අයත් පුවත්පත් වාර්තා කර නැති අතර එය වාර්තා කර ඇත්තේ රනිල විරෝධී සජිත්වාදී මහාරජා මාධ්‍ය විසිනි.

මේ අතර විජේවර්ධන පවුලට අයත් සන්ඩේ ටයිම්ස් වාර්තා කරන්නේ  ජනාධිපතිවරණ අරමුදල් සජිත් පාර්ශවය විසින් වංචා කන ලදැයි යන ආරංචි මැද සජිත් ප්‍රේමදාසගේ පරාජය පිළිබඳව වාර්තාවක් වික්‍රමසිංහ විසින් කැඳවා ඇති බවයි. මෙම වාර්තා සකස් කිරිම බාර දී ඇත්තේ රනිල්වාදීයකු වන අකිල විරාජ් කාරියවසම්ට ය. සති දෙකක් තුල මෙම වාර්තාව අවසන් කර ලබා දෙන ලෙස වික්‍රමසිංහ නියෝග කර තිබේ.

මේ අතර සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය සිදු කළ වොක්ෂෝල් වීදියේ පිහිටි ප්‍රධාන කාර්යාලය, මගින් මුදල් අවභාවිතාවක් සිදු වී ඇත්නම් ඊට වගකිව යුත්තේ තමා නොව ඊට ඉහළින් සිටි මංගල සමරවීර, මලික් සමරවික්‍රම, පාඨලී චම්පික රණවක, කබීර් හෂීම් යන අය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක  රාජපක්ෂවාදී අරුණ පුවත්පතට පවසා තිබේ.

සජිත් පාර්ශවයට අයත් පිිරිස් චෝදනා කරන්නේ වික්‍රමසිංහ ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය අරමුදල් නොදුන් බවටත් සජිත් පරාජය කිරීමසඳහා යටින් වැඩකළ බවටත් ය.

සජිත් ප්‍රේමදාසට විපක්ෂ නායක ධූරය ලබා දෙන ලෙස එජාප මංත්‍රීවරැන් විසින් අත්සන් කරන ලදැයි මහාරාජා ආයතනය විසින් පල කර ඇති ලිපිය පහත පළවේ.

Archive

Latest news

Related news