Friday, March 29, 2024

ගෝඨාභය රාජපක්ෂගෙන් විශේෂ තීන්දු රැසක් රාජපක්ෂවාදී වෙබ් අඩවි වාර්තා කරයි!

ඡයාරූපය: මාරග නම් වලට රාජ්‍ය ලංචනය විශාල ලෙස යෙදීම ගෝඨාභයගේ නියෝගයක යැයි කියැවේ.

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ ප්‍රතිපත්තිය අනුව විශේෂ දේශපාලන තීන්දු ගණනාවක් දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර අතැයි රාජපක්ෂවාදී වෙබ අඩවියක් වන ලංකා අයිවිට්නස් වාර්තා කරයි.

ඒ අනුව ජනාධිපති කාර්‍යාලයේ සේවක සංඛ්‍යාව 1450 සිට 300 දක්වා අඩු කිරීමට තීරණය කර ඇත. අතිරික්ත සේවකයන් වෙනත් රාජ්‍ය ආයතන වලට මාරු කෙරේ. ජනාධිපති කාර්‍යාලයේ ඇති වාහන 1550ක පමණ ප්‍රමාණය වාහන 250 කට අඩු කෙරෙන අතර රජයේ වෙනත් අත්‍යවශ්‍ය ආයතන වලට පවරා දීමට නියමිතය.

එසේම කිසිදු රාජ්‍ය ආයතනයක ජනාධිපතිවරයා ගේ ජායාරූප ප්‍රදර්ශනය කිරීම තහනම් වන අතර අනවශ්‍ය ආරක්ෂක පහසුකම් ලබා සිටින අයගෙන් තර්ජන නොමැති නායකයන් ගේ ආරක්ෂාව අඩු කෙරේ. ජනාධිපති මහා මාර්ගයේ ගමන් කරන විට කිසිදු මාර්ගයක් වසා තැබීම තහනම්ය. එසේම ජනාධිපතිවරයා සමග ආරක්ෂක රථ පෙලපාලියක් ගමන් කිරීම අත් හිටුවා තිබේ. ඔහුගේ ආරක්ෂාවට ගමන් කරනු  ලබන්නේ අත්‍යවශ්‍ය ආරක්ෂක රථ පමණි.

lankaeyewitness.com

Archive

Latest news

Related news