Monday, May 20, 2024

සමන් රත්නප්‍රිය චන්ද්‍රගුප්ත තේනුවර වික්‍රමබාහු කරුණාරත්න දේශද්‍රොහීීන් යැයි පැමිණිල්ලක්

සමන් රත්නප්‍රිය චන්ද්‍රගුප්ත තේනුවර වික්‍රමබාහු කරුණාරත්න යන මැතිවරණ නීති උල්ලංඝනය කළ ජාතිද්‍රෝහී න් ‌ලෙස සළකා නීතිය ඉදිරියට පමුණුවන්නැයි මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි සමාජ ජාල වාර්තා කරයි. එම පැමිණිල්ලද එම වාර්තා සමඟ අමුනි තිබේ. මානව හිමිකම්ආරක්ෂා කිරිම මැතිවරණ නීති කෙළෙසීමක් වන්නේ කෙසේ දැයි එම පැමිණිළිකරුවන් සඳහන් කර නැත.

මැතිවරණ නීති කඩකිරීම සම්බන්ධයෙන් නඩුවක් පැවරිය යුතු නම් එය පළමුවෙන්ම ගෝඨාභය රාජපක්ෂට විරු්ද්ධව ඉදිරිපත් කළ යුත් බව මෙම පැමිණිල්ල මගින් චෝදනා කර ඇති පිරිස් පවසති. මන්ද යත් නොවැම්බර් 14 දා මැතිවරණ ප්‍රචාරක කටයුතු තහනම් කාලයෙහි ඔහු ඉරාජ් නම් ජාතිවාදි ප්‍රචාරකයා සමඟ කරන ලද දීර්ඝ සාකච්ජාවක් අන්තර් ජාලයට මුදා හරින ලද නිසා ය.

සමන් රත්නප්‍රිය චන්ද්‍රගුප්ත තේනුවර වික්‍රමබාහු කරුණාරත්න යන තිදෙනාට එරෙහිර කරන ලදැයි කියන පැමිණිල්ල පහත සඳහන් වේ.

 

 

Archive

Latest news

Related news