සෑම වසරකම නොවැම්බර් 20 වන දින සමරනු ලබන විශ්ව ළමා දිනය ළමා වියේ ප්‍රීතිමත්භාවය හා අහිංසකත්වය හඳුනා ගැනීමටත් දරුවන්ගේ ජීවිත වැඩිදියුණු කිරීමටත් ආරක්ෂා කිරීමටත් යෙදී ඇති විශේෂ දිනයකි. එය ලෝකයේ සෑම දරුවෙකුගේම අයිතිවාසිකම් ශක්තිමත් කිරීමට හා පිළිගැනීම සඳහා ගෝලීය දායකත්වය සඳහා කෙරෙන ඇරයුමකි. 2019 විශ්ව ළමා දිනය විශේෂ වන්නේ; 1989 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥාප්තිය (Convention on the Rights of the Child) ස්ථාපිතකර , මෙම වසරට වසර 30ක් සම්පූර්ණවන බැවිනි. අද වනවිට මෙම ප්‍රඥාප්තිය ලෝකයේ වඩාත් ම පුළුල් ලෙස පිළිගැණුනු එක්සත් ජාතීන්ගේ ගිවිසුමයි.
දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව ඉදිරිපත් වුණු නව ප්‍රතිපත්ති හා සැළසුම්, මිනිස් සංහතිය එතෙක් මුහුණ දී සිටි ව්‍යාකූල වූ තත්ත්වයන්ට නව බලාපොරොත්තුවක් ගෙන ආවේය. 1948 මෙම අර්බුදකාරී කාල පරිච්ඡේදය තුළ දී හඳුන්වාදුන් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ;සියලු මනුෂ්‍යයන්ට හිමිවන මූලික අයිතිවාසිකම් සහ මූලික නිදහස පිළිබඳ පළමු සවිස්තරාත්මක ප්‍රකාශනය බවට පත්විය. ළමයින්ට විශේෂ කොට සැළකුම් ලැබීමක ඇති අවශ්‍යතාවය පිළිබඳ කතිකාවක් ඇති වීමට හා ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥාප්තිය කෙටුම්පත් වීමට මෙන්ම 1990 සැප්තැම්බර් 2 වන දින එය බලාත්මක කිරීමක් දක්වා වූ ක්‍රියාදාමයේ පදනම සකස් වීමට, මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ බිහිවීම පාදක විය.
එසේ වුවත් ළමයින්ගේ අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සඳහා රජයේ යුතුකම පුළුල් කරන ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥාප්තිය (Optional Protocols) සඳහාවන විකල්ප සම්මුතීන් විකල්ප සම්මමුතීන් තුන බොහෝ රටවල් සහ රාජ්‍යයන් විසින් සම්පූර්ණයෙන් ම පිළිගෙන නොමැත. මෙම විකල්ප සම්මුතීන් ක්‍රියාත්මක වන්නේ ළමයින් විකිණීම, ළමා ගණිකා වෘත්තිය සහ ළමයින් පිළිබඳ අසභ්‍ය අශ්ලීල ප්‍රකාශන, සන්නද්ධ ගැටුම් සඳහා ළමුන් සම්බන්ධකර ගැනීම සහ සන්නිවේදන ක්‍රියාපටිපාටීන් පිළිබඳ ගැටලුවලට ප්‍රතිචාර දැක්වීම සඳහායි.
සම්මුතියේ මාර්ගෝපදේශක මූලධර්ම අතරට වෙනස්කොට නොසැළකීම, දරුවාගේ උපරිම යහපත වෙනුවෙන් කැපවීම, ජීවත්වීමට, පැවැත්මට සහ නිසි සංවර්ධනයට ඇති අයිතිය සහ සහභාගීවීමේ අයිතිය ඇතුළත් වේ. කෙසේ වෙතත් ප්‍රඥාප්තිය තුළ ළමයින්ට හිමිවිය යුතු මූලික අයිතිවාසිකම්, ප්‍රමුඛතා හා ඒවා සැපිරීමෙහිලා වැඩිහිටියන් සතුවන මූලික වගකීම සඳහන්කොට තිබුණද මෙම හිමිකම් ළමයින් වෙත හිමිකර දීම සඳහා ලෝකය තවදුරටත් තිරසාර වූ ක්‍රමෝපායයන් හඳුනා ගැනීම සඳහා අවධානය යොමුකළ යුතුය.
ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥාප්තිය සහ ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකාව ද ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥාප්තිය (CRC) සඳහා අත්සන්කරුවෙකි. 1990 ජනවාරි 26 දින ප්‍රඥාප්තියට අත්සන්කර එය 1991 ජූලි 12 වන දින බලාත්මක කරන ලදී. එතැන් සිට අධ්‍යාපනය, ළමා ආරක්ෂණය, සමාජ සේවා සහ අනෙකුත් ක්ෂේත්‍රවල ළමා හිමිකම් සුරක්ෂිත කිරීමෙහිලා වූ මූලික වැඩි වර්ධනයන් රටතුළ සිදු වූ බවට සාක්ෂි ඇත. කෙසේ වෙතත් අද වනවිට ළමයින් මුහුණ දෙනු ලබන අවදානම් තත්ත්වයන් හමුවේ තවත් සැළකිය යුතු කාර්යභාරයක් ඉටුකිරීමට හා ළඟා කරගතයුතු ඉලක්ක ගණනාවක් ඉතිරිව ඇත.
ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥාප්තිය හෝ එහි විකල්ප සම්මුතීන් වලංගු කළ රටවල් ළමා අයිතිවාසිකම්වල තම ප්‍රගමනය පිළිබඳ වාර්තා එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුවල කාලානුරූපව ඉදිරිපත් කිරීම සිදුකළ යුතුවේ. එවිට එම කමිටුව විසින් රාජ්‍ය පාර්ශවයන් විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු අධීක්ෂණය කරනු ලබන අතර දරුවන් සඳහා තවත් වැඩි දියුණු කිරීම සඳහා රජයට සහාය වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරයි. ඒ අනුව 2018 වසරේ දී ඉදිරිපත් කළ වාර්තාවට සමගාමීව කරුණු ගණනාවක් සම්බන්ධයෙන් වූ අවසන් නිරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටී.
ළමා ලිංගික අපයෝජනය සහ සූරාකෑම
ප්‍රඥාප්තියේ 19වන වගන්තියට අනුව “දෙමාපියන් යටතේ, නීතිමය භාරකරුවකු හෝ රැකබලා ගන්නා වෙනත් ඕනෑම පුද්ගලයෙකුගේ රැකවරණය යටතේ සිටින විට ළමයින්ට ශාරීරික හා මානසික හිංසනය, නොසළකා හැරීම, ලිංගික අපයෝජනය සහ සූරාකෑමෙන් ආරක්ෂා වීමට අයිතියක් ඇත”. ප්‍රඥාප්තියට අත්සන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තව දුරටත් රටතුළ ළමා අයිතිවාසිම් සුරක්ෂිත කිරීමට; 1998 දී ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පාර්ලිමේන්තු පනතකින් (පනත් අංක 50) සම්මතකර පිහිටුවන ලදී.
80 දශකයේ මුල් භාගයේ සහ 90 දශකයේ රටේ සංචාරක කර්මාන්තයේ වැඩිදියුණු වීම හේතුවෙන් ළමුන් වාණිජමය වශයෙන් ලිංගික සූරාකෑමට ලක්වීම ද සමගාමීව වැඩි විය. 1995 සහ 1998 දණ්ඩ නීති සංග්‍රහයට සිදුකරන ලද සංශෝධන හරහා ළමා ලිංගික අපයෝජනය අපරාධමය වරදක් බවට පත් කිරීම ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් ගන්නා ලද තීරණාත්මක ඉදිරි පියවරකි.
ළමයින් විකිණීම, ළමා ගණිකා වෘත්තිය සහ ළමයින් පිළිබඳ අසභ්‍ය අශ්ලීල ප්‍රකාශන පිළිබඳ විකල්ප සම්මුතිය සහ සන්නද්ධ ගැටුම් සඳහා ළමුන් සම්බන්ධකර ගැනීම පිළිබඳ විකල්ප සම්මුතිය ශ්‍රී ලංකාව විසින් 2002 වර්ෂයේ දී බලාත්මක කිරීම ළමුන්ගේ අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සඳහා ගනු ලැබූ තවත් වැදගත් පියවරකි. 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත හරහා “පරිගණක අපරාධ හඳුනා ගැනීම සඳහා සහ එවැනි අපරාධ විමර්ශනය කිරීම හා වැළක්වීම සඳහා ක්‍රියා පටිපාටියක් සැපයීම” ද තවත් ගනු ලැබූ වැදගත් පියවරකි. එසේ වුවද දේශීය නීති පද්ධතිය තුළ ළමුන් සම්බන්ධ අසභ්‍ය අශ්ලීල ප්‍රකාශන සම්බන්ධයෙන් සහ අන්තර්ජාලය හරහා සිදුවන ළමා ලිංගික අපයෝජනයන් සම්බන්ධයෙන් තවදුරටත් නිෂ්චිත හා ප්‍රමාණවත් පරිදි ආවරණය කිරීමේ අවශ්‍යතාවයක් පවතී. මෙය සයිබර් අවකාශය හා සම්බන්ධ අපයෝජකයින් හා ළමා ලෝල කාමුකයින්ගෙන් (Paedophiles) දරුවන් ආරක්ෂාකර ගැනීම සඳහා දැඩිව අවශ්‍යය වන්නකි.
සන්නද්ධ ගැටුම් හා සම්බන්ධ ළමයින්
සන්නද්ධ ගැටුම්වල සිටින ළමුන් පිළිබඳ විකල්ප සම්මුතිය බලාත්මක කිරීම අප රට තුළ ගන්නා ලද සාධනීය පියවරකි. සන්නද්ධ අරගල සමයක දී යුද්ධයට මැදි වූ ළමුන්ගේ සහ ජනාකීර්ණ කඳවුරු පරිශ්‍රයන් තුළ බිහිව, ජීවත් වූ ළමයින්ගේ අයිතිවාසිකම් සුරැකීමට හා ඔවුන්ගේ ජීවන තත්ත්ව ඉහළ නැංවීමෙහි ලා විශේෂ අවධානයක් යොමුකළ යුතුව ඇත. මන්ද යත්, මෙවැන් පසුබිමක් තුළ ඔවුන් විවිධාකාර අපයෝජනයන්ට හා මානසික කම්පනයට ලක්වීමේ දැඩි ප්‍රවණතාවයක් පවතින බැවිනි.
ශාරීරික දණ්ඩනය
ශ්‍රී ලාංකීය සන්දර්භය තුළ ළමුන් හික්මවීමේ පරමාර්ථයෙන් සිදුකරනු ලබන ශාරීරික දණ්ඩනය, ළමයින්ට එරෙහිව සිදුවන විවිධාකාර වූ ප්‍රචණ්ඩත්වයන් අතර වඩාත් විවාදාපන්න වූත් ඇතැම් විට සාධාරණීකරණයට ලක් වූත් අපයෝජනාත්මක හැසිරීමකි.
එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥාප්තියෙන් (CRC) මෙය ළමයින්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්ව හැසිරීමක් ලෙස හඳුනා ගැනුණද දෙමාපියන් , අධ්‍යාපන වෘත්තිකයන් සහ අදාළ පාර්ශවයන් විසින් අදාළ පිළිගැනීම සහ වටිනාකම නොදීම හේතුවෙන් අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැඟීමක් සිදුකළ නොහැකි අහිංසක දරුවන් දිගින් දිගටම පීඩාවට පත් වේ.
ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥාප්තිය : CRC& සහ PEaCE ආයතනයෙ හි දායකත්වය
ළමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නැඟීම වෙනුවෙන් , 1991 රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස පිහිටුවන ලද පරිසරය සහ සැමතැන වෙසෙන ළමුන් සුරුකීමේ සංවිධානය (PEaCE) හෙවත් එක්පැට් ශ්‍රී ලංකා (ECPAT ශ්‍රී ලංකා) ආයතනය ආරම්භයේ සිටම ළමුන් ලිංගික අපයෝජන හා සූරාකෑමෙන් ආරක්ෂා කිරීම සඳහා පෙරමුණ ගෙන කටයුතු කරනු ලබයි. දරුවන්ගේ ආගමික, සමාජීය, සංස්කෘතික හා ජනවාර්ගික පසුබිම නොසළකා දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම සංවිධානය රාජ්‍ය, පෞද්ගලික අංශය, සිවිල් සමාජ සංවිධාන සහ මෙම තේමාව වෙනුවෙන් කටයුතු කිරීමට කැප වූ වෙනත් ජාත්‍යන්තර සංවිධාන සමඟ සමීපව කටයුතු කරයි.
ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥාප්තියේ ප්‍රමිතීන් ශ්‍රී ලංකාව තුළ මුළුමනින් ම අනුමත කිරීම සහ සාක්ෂාත් කර ගැනීම සඳහා ඡෑ්ක්‍ෑ කටයුතු කරයි. සිවිල් සමාජ සංවිධානයක් ලෙස, ළමා ලිංගික සූරාකෑම වළක්වාලීම සඳහා ශ්‍රී ලංකාව විසින් සිදුකරන කාලානුරූප විශ්ව සමාලෝචනයට (Universal Periodic Review – UPR) දායක වීමෙන් ඡෑ්ක්‍ෑ ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව සමඟ ද සම්බන්ධ වේ. 2018 දී අප සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවෙහි අඩංගු වූ නිර්දේශ 28න් බොහොමයක් ළමුන් විසින් ම ඉදිරිපත් කරන ලද ඒවාය. මෙයින් නිර්දේශ 20ක් ම කමිටුව විසින් සමාලෝචනයකර අනුමතකර කමිටුවේ අවසන් නිර්දේශය ලෙස ශ්‍රී ලංකා රජයට වාර්තාකර ඇත.
ළමයින්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා ඡෑ්ක්‍ෑ ආයතනය විසින් තනි පුද්ගල, සමාජීය, ආයතනික සහ ප්‍රතිපත්තිමය යන විවිධ මට්ටම් ඔස්සේ දැනුවත් කිරීම්, ධාරිතා සංවර්ධන වැඩසටහන් සහ අදාළ ප්‍රතිපත්තිමය හා ක්‍රියාපටිපාටීන් වැඩි දියුණු කිරිම වෙනුවෙන් පෙනී සිටීම සඳහා දිවයින පුරා ක්‍රියාකාරීව කටයුතු කරයි.
කර්තෘ: PEaCE