Friday, April 26, 2024

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදී සංගමයෙන් සියලු ජනාධිපති අපේක්ෂකයින්ට ඉල්ලීම් මාලාවක්! 

ඡායාරූපය: © Sunanda Deshapriya.

සියලුම ජනාධිපති අපේක්ෂකයන් වෙත,

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් දශක ගණනාවක සිට කටයුතු කරමින් සිටින අප සංගමය පාර්ලිමේන්තු පනතකින් සම්මත වූ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිතියකි.

කලක් තිස්සේ මෙරට ජනමාධ්‍යවේදීහූ සිය වෘත්තීය කටයුතු කරගෙන යාමේදී ගැටලු රැසකට මුහුණ දෙමින් සිටිති. ඔවුන්ගේ නොවිසඳුණු ගැටලු විසඳීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය අංගයක් වන ජනමාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම සහ වගකීම වෙනුවෙන් පහත සඳහන් කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමුකරවනු කැමැත්තෙමු.

  1. මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, අතුරුදහන් කිරීම, මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට පහරදීම ඇතුළු මාධ්‍යයට එරෙහිව එල්ල කරන ලද සියලු ආකාරයේ අපරාධ පිළිබඳව විමර්ශනය කළ හැකි පූර්ණ

බලැති ජනාධිපති කොමිසමක් පත් කිරීම.

02. රජයට අයත් සියලු ජනමාධ්‍ය ආයතන දේශපාලන බලපෑමෙන් මුදාගැනීම සඳහා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටවනු ලබන ස්වාධීන කොමිසමක් යටතට පත් කිරීම.

03. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කිරීම හා ඊට අදාළ නීතිමය කටයුතු අවසන් වන තෙක් පුවත්පත් මණ්ඩලය යළි බලාත්මක නොකිරීම.

04. පුවත්පත් කලාව සම්බන්ධයෙන් වූ පඩි පාලක සභාව විද්යුත්, මුද්‍රිත හා වෙබ් මාධ්‍යවේදීන් ආවරණය වන පරිදි පුළුල් කිරීමට නීති සංශෝධනය කිරීම.

05. වත්කම් බැරකම් පනතට අදාළ නීති දැනට බලපවත්වන්නේ මුද්‍රිත මාධ්‍යයට පමණි. සියලුම මාධ්‍යයට අදාළ වන පරිදි එකී නීති නැවත සම්පාදනය කිරීම.

06. සියලු ජනමාධ්‍යවේදීන් ආවරණය වන පරිදි විශේෂ රක්ෂණාවරණ ක්‍රමයක් හඳුන්වා දීම.

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය කටයුතු සාර්ථක කරගැනීම සහ ජනමාධ්‍ය සමාජය නිවැරදි දිශානතියකට යොමුකර ගැනීම වෙනුවෙන් වූ මෙකී කාරණා පිළිබඳවය ඔබ දක්වන ප්‍රතිචාරයන් වෙත අප සංගමයේ දැඩි අවධානය යොමුවනු ඇත.

…………………………………… …………………………………….

දුමින්ද සම්පත් ෆ්‍රෑන්ක් ද සොයිසා

සභාපති ලේකම්

Archive

Latest news

Related news