Monday, May 20, 2024

ගෝඨාභය රාජ්‍ය යකුදුරෙක් පත්කිරීමටත් ‌පොරොන්දු ‌වෙයි.

ශ්‍රී ලංකාවේ  මේ තාක්  නොවූ පරිදි මෙරටට රාජ්‍ය ඇදුරුතුමා තනතුරක් ඇති කිරීමටත් ඒ සඳහා පොලිසියට සොයා ගත නොහැකි වූ මිනිමරුවන් පවා සොයාගත් බවට අමූලික බොරු ප්‍රචාරයක් ගෙන යන චන්දික අමිත් නැමැත්තකු පත් කිරිමට තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

ජනාධිපති අපේක්ෂකයින් විසින් ඉතාමත් ආකර්ශනීය මැතිවරණ පොරොන්දු ලබා දෙන අතර පොදුජන පෙරමුණේ අපේක්ෂකයා විසින් ද ගුරුකම්කාරයින්, මලයාලි කට්ටඩියන් මෙන්ම ජ්‍යොතිශකාරයින් ලං කර ගෙන තිබේ.

රාජපක්ෂවරුන් සියලු දෙනාම සිය අතෙහි යම් කිසි මිත්‍යා විශ්වාසමය උපකරණයක් තබා ගෙන සිටිනු ද දැක්ක හැකි ය.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ට සහාය දක්වමින් ශ්‍රී ලංකා පොදුජන ශාන්තිකර්ම වේදීන්ගේ සංගමයේ සභාපති චන්දික අමිත් නැමැත්තෙක් විසින් ඔක්තෝබර් මස 14 දින පාදුක්ක සිය ශාන්තිකර්ම මධ්‍යස්ථානයේ දී රැස්වීමක් පවත්වා ඇත.

එහිදී ඔහු රැස්ව සිටි ශාන්තිකර්ම වේදීන්ට පවසා ඇත්තේ තමන්ට  ගෝඨාභය රාජපක්ෂ ගේ රජය යටතේ සුවිශේෂිත තනතුරක් ලැබෙන බවයි.

එම තනතුර ඔහු හඳුන්වා ඇත්තේ රාජකීය ඇදුරා නොහොත් රාජකීය කට්ටඩියා  වශයෙන් තමන් පත් කිරීමට කටයුතු කරන බවට ගෝඨාභය රාජපක්ෂ පොරොන්දු වූ බවයි.

ඔහු විසින් එම රැස්වීමට සහභාගි වන ලෙස දන්වා සෙසු කට්ටඩින්ට යැවු ලිපියේ පිටපත මෙහි දැක්වේ.

 

Archive

Latest news

Related news