Sunday, May 5, 2024

ගෝටා ජනාධිපතිවරණයට පෙර අවුට් විය හැකිය. – වික්ටර් අයිවන්

ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවරා තිබෙන නඩු ද ගාමිනී වියන්ගොඩ හා මහාචාර්‍ය තේනුවර ඔහුගේ හැදුනුම් පත් හා ගමන් බලපත් වලට අදාලව ඉදිරිපත් කර ඇති පරීක්ෂන වාර්තාද මා හොදින් හැදෑරුවා. මගේ නිගමනය ඔහුට ජනාධිපතිවරනයකට තරග කිරීමේ අයිතියක් නැති බවය.

තිබෙන අනෙකුත් සියලු චෝදනා බැහැර කොට හැදුනුම් පත් හා විදේශ ගමන් බලපත්‍ර ප්‍රශ්නය පමණක් ගත්ත ද ඔහු සිදුකර තිබෙන වැරදි ඉතාම බරපතල යි. ඔහු පු‍රවැසි නීති උල්ළංඝනය කර තිබෙනවා. ආගමන විගමන නීති උල්ළංගනය කර තිබෙනවා. කූට ලේඛන සකස් කර තිබෙන බව පැහැදිලිව පෙනේ.

ඔහු පරන හැදුනුම් පත ලබාගෙන තිබෙන්න 1976 දෙසැම්බර් 21වනදා.එහි අංකය 491724021v. විදේශ ගමන් බලපත් අංකය n5384975. ඔහුට ඇමරිකන් පුරවැසි බාවය ලැබී තිබෙන්නේ 2003 ජනවාරි 31 වනදා ය.

පුරවැසි නීතිය අනුව විදේශ රටක පුරවැසිබාවය ලබාගත් පුද්ගලයෙකුගෙ ලංකාවෙ. පුරවැසිබාවය ස්වයං ක්‍රීයව අහිමිවනවා.

2005 ජනාධිපති මැතිවරණයෙදි ඔහු ලංකාවට පැමිණ තිබෙන්නෙ ඇමරිකන් පුරවැසියෙකු ලෙස තාවකාලික සංචාරක වීසා බලපත්‍රයක් යටතේ ය. මහින්ද රාජපක්ෂ ජනාධිපති දූරයට තේරී පත් වන්නේ 2005 නොවැම්බර 18 වන සිකුරාදාය.

ගෝඨාභයට ද්වීත්ව පුරවැසිභාවය ලබාදී තිබෙන්නේ නොවැම්බර් 21 වන සදුදාය. සීග්‍රගාමි වේගයකින් ඒ දේ සිදුවී තිබෙන්නේ විෂයබාර ඇමතිවරයෙකු පවා පත් නොකර තිබූ අවස්ථාවකදීය.
ද්වීත්ව පුරවැසිබාවය සදහා එදිරිපත්කල අයදුම් පතේ ගෝඨාභය තමන් හදුන්වා ගෙන ඇත්තේ පරිගනක ඉන්ජිනේරුවකු වශයෙනි.ඒ නිසා එම අයදුම් පත සැලකිය හැක්කේ බොරු තොරතුරු ඇතුලත් කූඨ ලේඛනයක් වශයෙනි.

ඔහු 94917210010 දරණ අලුත් ජාතික හැදුනුම් පත ලබාගෙන තිබෙන්නේද 2016 වසරේදී ඇමරිකන් පුරවැසි බාවය තිබියදී ය. නීතියට පටහැනිව අලුත් හැදුනුම් පතක් ලබාගෙන තිබිය දී 2017,2018 හා 2019 යන වර්ෂ සදහා මැතිවරණ නාම ලේඛනයේ නම ලියාපදිංචි කර තිබෙනුයේ අවලංගු පරන හැදුනුම් පත යොදාගෙන ය. එයද චේතනාන්විතව කරන ලද බරපතල වරදක් ලෙස සැලකිය හැකිය.
ගෝඨාභය N 192600594 තමන්ගේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ලබාගෙන තිබෙන්නේ ද ඇමරිකන් පුරවැසි බාවය තිබිය දීය. ඒ සියල්ල බරපතල වැරදි වන අතර චේතනාන්විතව කර තිබෙන වැරදි වශයෙන් මිස නොදැන කරන ලද වැරදි ලෙස සැලකිය නොහැකිය.

නීතිය ක්‍රියාතමක වීමේදී ගෝඨාභය සම්බන්ධයෙන් කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කරාවිද යන්න කිව නොහැකි ය. නීතියට අනුව නම් ඔහුට ජනාධිපතිවරනයට තරඟ කල නොහැකි ය. ඒ බරපතල වැරදි වෙනුවෙන් සිරදඩුවම් හිමිවීම ද නොවැලැක් විය හැකිය.

(වික්ටර් අයිවන් සිය මුහුණූ පොතෙහි තබන ලද සටහනකි. )

Archive

Latest news

Related news