Sunday, May 19, 2024

මෙරට පුරවැසිකම ලබා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් ‌‌මෙම ලියැවි‍ලි ඉදිරිපත් කළාද? ඒ්වා ‌කෝ?

ශ්‍රී ලංකාවේ දිවිත්ව පුරවැසිබව තමා ලබා ගත්තේ 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපති වී එක් දිනකට පසු බව ‌‌ගෝඨාභය රාජපක්ෂ කියා තිබේ.

ද්විත්ව පුරවැසි බව ලබා ගැනිම සදහා ඔහු විසින් අනුගමනය කළ යුතු වූ ක්‍රියා පරිපාටිය පහත සඳහන් වේ. ඔහු විසින් එම ලියැවිලි ඉදිරිපත් කරන ලද්දේ නම් ඒ සඳහා ලද කුවිතාන්සි ඔහු සතුව තිබිය යුතු අතර ආගමන හා විගමන දෙපාර්ථමේන්තුවෙහි එම ලිපි ගොනුව තිබිය යුතු ය. රාජපක්ෂ  සමයෙහි ආගමන සහ විගමන දෙපාර්ථමෙන්තුව තිබුනේ ගෝඨාභය රාජපක්ෂ යටතේ ය. දැන් ආගමන සහ විගමන දෙපාර්ථමේන්තුව කියන්නේ එම ලිපි ගොනුව ආරක්ෂ අමාතයාංශය යටත්ට ගත් බවය. ආරක්ෂක අමාත්‍යාංශයේ ද එවැනි ලිපි ගොනුවක් නැත. එසේ වුවද ආගමන විගමන දෙපාර්ථමේන්තුව සතුව එහි පිටපතක් හෝ තිබිය යුතු ය. නමුත් දැන් මේ කිසිවක් සොයා ගැනිමට නැත.

එපමණක් නොව මෙම ක්‍රියා පරිපාටිය අනුව ද්විත්ව පුරවැසිබව දිය හැක්කේ අදාළ ඇමැතිවරයා විසින් දෙනු ලබන නියෝගයකින් පසු පමණය. ගෝඨාභය රාජපක්ෂ සිය ශ්‍රී ලංකික පුරවැසිබව ලබා ගත් බව කියන් 2005 නෙවැම්බර් 18වනදා වන විට මෙරට ආගමන සහ විගමන කටයුතු බාර ඇමැතිවරයකු සිටියේ ද නැත

දැන් මතව ඇති ප්‍රශ්ණය වනනේ ඇත්ත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකික පුරවැසිබව ලබා ගත්තාද එසේ නොමැතිව ව්‍යජලෙස තමා ශ්‍රී ලාංකික පුරවැසිකම ලබා ගත්තේයැයි ප්‍රකාශ කළා ද යන්නයි.

මේ සම්බන්ධයෙන් ගාමිණී වියන්ගොඩ සහ චන්ද්‍රගුප්ත තේනුවර විසින් පවරා ඇති නඩුව මෙම ඔක්තෝබර් 2 සහ 3 යන දිනවල මහාධිකරණයේ දී විභාග වෙයි.

 

ද්විත්ව පුරවැසිභාවය
01. ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා අයදුම්කළ හැක්කේ –

1948 අංක 18 දරන පුරවැසි පනතේ අංක 19, 20 සහ 21 වගන්ති යටතේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමි වු පුද්ගලයෙකුට හෝ ශ්‍රී ලංකික පුරවැසිභාවය අහිමි වීමට ආසන්න පුද්ගලයෙකුට පමණි.

  1. පනතේ 19(2) වගන්තියේ විධිවිධාන යටතේ වෙනත් රටක පුරවැසිභාවය ලබාගැනීම හේතුවෙන් ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමි වු අයෙකුට හෝ
  2. පනතේ 19(3) වගන්තියේ විධිවිධාන යටතේ වෙනත් රටක පුරවැසිභාවය ලබාගැනීමේ අවශ්‍යතාවය මත ශ්‍රී ලාංකික පුරවැසිභාවය රඳවා ගැනීමට අවශ්‍ය වු අයෙකුට පමණක් ද්විත්ව පුරවැසිභාවය ලබාදෙන ලෙස ඉල්ලා අයදුම් පත්‍ර ඉදිරිපත් කළ හැකිය.

02. අයදුම්පත්‍රය සම්පුර්ණ කිරීමට අදාල උපදෙස් –

  1. අයදුම්පත්‍රය ඉංග්‍රීසි භාෂාවෙන් සම්පුර්ණ කළ යුතු වේ.  (කරුණාකර ඉංග්‍රීසි කැපිටල් අකුරු භාවිත කරන්න.)
  2. අයදුම් පත්‍රයේ * සළකුණ යොදා ඇති සෑම අවස්ථාවකදීම අදාල නොවන වචනය හෝ වචන කපා හරින්න.
  3. අයදුම් පත්‍රයේ අදාල නොවන කොටස් වේ නම් අදාල නොවන බව නිශ්චිත ස්ථානයන්හි සඳහන් කරන්න.
  4. එකම පවුලක වුවද සෑම අයදුම්කරුවෙකු සඳහාම වෙන් වෙන්ව අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු වන අතර ඒ සමඟ 3.5  x 4.5 cm ප්‍රමාණයේ වර්ෂ ඡායාරූප 3 ක්ද ඉදිරිපත් කළ යුතු වේ.  ඉන් එක් ඡායාරූපයක් අයදුම් පත්‍රයේ දකුණු පස ඉහල කෙළවර ඡායාරූපය ඇලවීම සඳහා වෙන්කර ඇති කොටුව තුල අලවන්න.
  5. ද්විත්ව පුරවැසිභාවය අයදුම් කිරීම සඳහා අයදුම් පත්‍රයේ අංක 1 යටතේ දක්වා ඇති A සිට G දක්වා ඇති සුදුසුකම් අතුරින් එක් සුදුසුකමක් පමණක් සම්පුර්ණ කර තිබීම ප්‍රමාණවත් වේ. ඒ අනුව අදාල සුදුසුකම ඉදිරිපස දැක්වෙන කොටුව තුල ( ) සලකුණ යොදන්න.
  6. අයදුම්පත්‍රයේ 6 පිටුවේ දක්වා ඇති දිව්රුම් ප්‍රකාශය අයදුම්කරු විසින් සම්පුර්ණ කර යුතු වන අතර එය සාමදාන විනිශ්චයකාරවරයෙකු හෝ දිවුරුම් කොමසාරිස්වරයකු විසින් සහතික කළ යුතු වේ.
  7. පරිගණක දත්ත පත්‍රිකාව ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් පිරවිය යුතුය.
  8. වයස අවුරුදු 22 අඩු අවිවාහක අයදුම්කරුවන් පමණක් අයදුම්කිරීමේ දී අයදුම්පත්‍රයට අමතරව ඇමුණුම 03 පිරවිය යුතු අතර වයස අවු 21 මාස 6 කට පසුව ඉදිරිපත් කරනු ලබන අයදුම්පත් මෙම ගණය යටතේ භාර ගනු නොලැබේ.

03. ද්විත්ව පුරවැසිභාවය ඉල්ලුම්කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු ලියවිලි –

  1. අයදුම්කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත හෝ එහි සහතික කළ පිටපත් (අංක 01 සටහන බලන්න.) (අයදුම්කරු ලියාපදිංචියෙන් ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගෙන ඇත්නම් පුරවැසි පනත යටතේ නිකුත් කරන ලද සහතිකය හෝ එහි පිටපතක් ඉදිරිපත් කරන්න.)
  2. අයදුම්කරු විවාහක නම්, විවාහ සහතිකයේ මුල් පිටපත හෝ එහි සහතික කල පිටපත (අංක 01 සටහන බලන්න.)
  3. අයදුම්පත්‍රය ඉදිරිපත් කරනු ලබන්නේ පුරවැසි පනතේ 19(2) වගන්තිය යටතේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමි වු අයකු නම්, පහත ලේඛන ඉදිරිපත් කළ යුතුය.

    (a) විදේශිය පුරවැසි සහතිකය හෝ එහි සහතික කළ පිටපත (අංක 01 සටහන බලන්න.)

    (b) දැනට විදේශීය පුරවැසිභාවය දරනු ලබන රටෙහි විදේශ ගමන් බලපත්‍රයේ දත්ත පිටුවේ සහ සංශෝධන කිරීම් වලට අදාල පිටුවල සහතික කළ පිටපත්  (අංක 01 සටහන බලන්න.)

    (c) දැනට පුරවැසිභාවය දරනු ලබන රටෙන් ලබාගත් පොලිස් නිශ්කාෂණ සහතිකය (අදාල සහතිකය අයදුම්පත්‍රය ඉදිරිපත් කරනු දිනට මාස 03කට නොවැඩි කාලයක් තුල ලබාගත් ඉංග්‍රීසි භාෂාවෙන් යුතු සහතිකයක් විය යුතු අතර එම සහතිකය ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කර නොමැති නම් ඊට අදාල ඉංග්‍රීසි පරිවර්තනය ද සමඟ ඉදිරිපත් කරන්න.)
    (d) ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයේ දත්ත පිටුවේ සහ සංශෝධන කිරීම්වලට අදාල පිටුවල පහතික කළ පිටපත් (අදාල ගමන් බලපත්‍රය තිබේ නම් පමණක්)

    හෝ

    අයදුම්පත්‍රය ඉදිරිපත් කරනු ලබන්නේ පුරවැසි පනතේ 19(3) වගන්තිය යටතේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය රදවා ගැනීමට අවශ්‍ය අයකු නම් පහත ලේඛන ඉදිරිපත් කළ යුතුය.

    (a) වර්තමාන ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයේ දත්ත පිටුවේ සහ සංශෝධන කිරීම්වලට අදාල පිටුවල සහතික කළ පිටපත්. (අංක 01 සටහන බලන්න.)

    (b) ස්ථිර වාස විසාවේ සහතික කළ පිටපත. (අංක 01 සටහන බලන්න.)

    (c) ස්ථිර වාස වීසාව දරනු ලබන රටෙන් ලබාගත් පොලිස් නිශ්කාෂණ සහතිකය (අදාල සහතිකය අයදුම්පත්‍රය ඉදිරිපත් කරන දිනට මාස 03කට නොවැඩි කාලයක් තුල ලබාගත් ඉංග්‍රීසි භාෂාවෙන් යුතු සහතිකයක් විය යුතු අතර ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කර නොමැති නම් ඉංග්‍රීසි පරිවර්තනය ද සමඟ ඉදිරිපත් කරන්න. )

  4. අයදුම්කරුගේ වයස අවුරුදු 55 ඉක්මවීම මත ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කරන්නේ නම් (1.A යටතේ ) අයදුම්කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත හෝ සහතික කළ පිටපත (අංක 01 සටහන බලන්න.)
  5. අධ්‍යාපන / වෘත්තීය සුදුසුකම් යටතේ (1.B යටතේ ) අයදුම් කරන්නේ නම් අදාල අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම් වලට අදාල සහතික හෝ ඒවායේ සහතික කළ පිටපත් (අවම අධ්‍යපන සුදුසුකම වශයෙන් එක් අවුරුදු ඩිප්ලෝමාවක් සම්පුර්ණ කර තිබිය යුතුවේ. ඊට වැඩි ඕනෑම අධ්‍යාපන / වෘත්තීය සුදුසුකම් සලකා බැලේ. )
  6. ශ්‍රී ලංකාවේ පිහිටි රුපියල් මිලියන 2.5 ක වඩා වැඩි වටිනාකමින් යුතු ස්ථාවර වත්කම් / දේපළ මත අයදුම් කරන්නේ නම් (1.C  යටතේ)  අදාල වත්කම් / දේපළ වලට අදාල ලේඛන වල මුල් පිටපත් සමඟ ඡායා පිටපත් ඉදිරිපත් කළ යුතු ය.  මෙහිදි  අදාල වත්කම් / දේපළ හෝ ඉඩම් වලට අදාල ඔප්පුව, තක්සේරු වාර්තාව සහ හිමිකම් වාර්තාව (පෙලපත් සටහන සමඟ) සකස් කර ඉදිරිපත් කල යුතුය. තක්සේරු වාර්තාව සහ හිමිකම් වාර්තාව (පෙලපත් සටහන සමඟ) සකස් කරන දින සිට මාස 03කට නොවැඩි කාලයක් ඇතුලත අයදුම්පත්‍රය සමඟ භාරදිය යුතුය.  තක්සේරු වාර්තාව තක්සේරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති තක්සේරුකරුවකු විසින් සකස් කල යුතුය.
  7. රුපියල් මිලියන 2.5 ක් හෝ ඊට වැඩි මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව අනුමත ඕනෑම වාණිජ බැංකුවක වසර 03 ක කාලයක් සඳහා ස්ථාවරව තැන්පත් කර ඒ අනුව අයදුම් කරන්නේ නම් (1.D යටතේ ) අදාල බැංකුවෙන් එම මුදල වසර 03 ක් ඇතුලත ආපසු නොගන්නා බව තහවුරු කර ලබාගන්නා සහතිකය ඉදිරිපත් කළ යුතුවේ.
  8. ශ්‍රී ලංකා මහ බැංකුවක අනුමත ඕනෑම වාණිජ බැංකුවක අනේවාසින විදේශ මුදල් ගිණුම් / නේවාසික විදේශ මුදල් ගිණුම් හෝ ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර ආයෝජන ගිණුමක ඇමෙරිකානු ඩොලර් 25,000 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වසර 03ක කාලයක් සඳහා ස්ථාවරව තැන්පත් කර ඒ අනුව අයදුම් කරන්නේ නම් (1.E යටතේ ) අදාල ස්ථාවර තැන්පතු සහතිකය ඉදිරිපත් කළ යුතුවේ.
  9. භාණ්ඩාගාර සුරැකුම්පත් (TB)හෝ සුරැකුම්පත් ආයෝජන ගිණුමක (SIA) ඇමෙරිකානු ඩොලර් 25,000 ක් හෝ ඊට වැඩි මුදලක් වසර 03 ක් හෝ ඊට වැඩි කාලයක් සඳහා ආයෝජනය කර ඒ අනුව අයදුම් කරන්නේ නම් (1.F යටතේ ) ඊට අදාල සහතිකය ඉදිරිපත් කළ යුතු වේ.
  10. අයදුම්පත්‍රයේ අංක 1 හි දක්වා ඇති A සිට F දක්වා වු සුදුසුකමක් සපුරණ ලද අයදුම්කරුවකුගේ කලත්‍රයා හෝ වයස අවුරුදු 22කට අඩු අවිවාහක දරුවකු වීම මත පදනම්ව අයදුම් කරන්නේ නම් (1.G යටතේ ) පහත ලේඛන ඉදිරිපත් කළ යුතුය.

    i.  කලත්‍රයා සඳහා විවාහ සහතිකයේ මුල් පිටපත හෝ එහි සහතික කළ පිටපත (අංක 01 සටහන බලන්න.)
    ii. වයස අවුරුදු 22 කට අඩු අවිවාහක දරුවන් සඳහා,
    * දරුවා ශ්‍රී ලංකාවේ උපත ලබා ඇත්නම් දරුවාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත හෝ එහි සහතික කළ පිටපත (අංක 01 සටහන බලන්න.)
    * දරුවා ශ්‍රී ලංකාවෙන් බැහැරව වෙනත් රටක උපත ලබා ඇත්නම් පුරවැසි පනතේ 5(2) වගන්තිය යටතේ නිකුත් කරන ලද පුරවැසි සහතිකය හෝ එහි පිටපත (අංක 01 සටහන බලන්න.)
    * දෙමව්පියන්ගේ ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත් හා එම වෙනත් රටෙහි වීසා ඉදිරිපත් කල යුතුය.
    * වයස අවු 21 මාස 6 ඉකුත්වීමට පෙර අයදුම්පත් ඉදිරිපත් කල යුතුය.
    * කෙසේ වෙතත් මුදල් ගෙවන අවස්ථාවේදි අවු 22 පසුවී ඇත්නම් ඔහු/ඇය වෙනත් ගණයක් (1A-1F) යටතේ නැවත අයදුම්පත් ඉදිරිපත් කල යුතුය.
    * වයස අවු 21 මාස 6 ඉකුත්වු අයදුම්කරුවන්ගේ අයදුම්පත් 2019.07.01. දින සිට මෙම ගණය යටතේ භාරගනු නොලැබේ.

    මෙහිදි කලත්‍රයා හෝ වයස අවුරුදු 22කට අඩු අවිවාහක දරුවන්ට ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා අයදුම් කිරීමට හැකියාව ඇත්තේ 1948 අංක 18 දරණ පුරවැසි පනතේ 19,20 සහ 21 වගන්ති යටතේ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහිමි වී ඇත්නම් හෝ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමි වීමට ආසන්න තත්වයක සිටින්නේ නම් පමණි.

සටහන :

01.  අයදුම්පත්‍රය සමග ඉදිරිපත් කරනු ලබන ලේඛන සහතික කළ හැක්කේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි අංශයේ නියෝජ්‍ය / සහකාර පාලකවරයාට හෝ ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලයේ තෙවන ලේකම් හෝ ඊට නොඅඩු නිලයක් දරන අයකුට පමණි.

02.  පවර්තිත ලේඛන මුල් පිටපත ලෙස සලකණු නොලැබේ. (උදා : උප්පැන්න සහතික, විවාහ සහතික වල ඉංග්‍රීසි පරිවර්තන හා පොලිස් වාර්තාවේ ඉංග්‍රීසි පරිවර්තන ආදිය.)

03.  අදාල පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍රය ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත හෝ විදේශයන්හී පිහිටි විදේශ දූත මණ්ඩල වෙත අයදුම්කරු විසින්ම භාරදිය යුතුය.

04.  ඉංග්‍රීසි, සිංහල හෝ දෙමළ භාෂාවලට අමතර වෙනත් භාෂාවකින් ඇති ලේඛන ඒවායේ ඉංග්‍රීසි පරිවර්තනයන් ද සමඟ ඉදිරිපත් කළ යුතුය.

04.    අයදුම්පත්‍ර ඉදිරිපත් කළ හැකි පිළිවෙල –

නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍ර සෘජුවම අයදුම්කරුට පැමිණ ආගමන හා විගමන පාලක ජනරාල් වෙත හෝ අයදුම්කරු විදේශගතව සිටි නම් තමන් පුරවැසිභාවය / වාස වීසා දරන රටෙහි විදේශ දූත මණ්ඩල වෙත භාරදිය හැකිය. විදේශ දූත මණ්ලය වෙත භාරදෙනු ලබන අයදුම්පත්‍ර සහ ඒවාට අමුණා ඇති සහතික වල ඡායා පිටපත් (අංක 03 හි දැක්වෙන ලේඛන වල) විදේශ දූත මණ්ඩල ප්‍රධානියා හෝ ඔහු / ඇය විසින් බලය පවරන ලද දූත මණ්ඩල තෙවන ලේකම් හෝ ඊට ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් සහතික කළ යුතුය.  ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත භාරදෙනු ලබන අයදුම්පත්‍ර සහ ඒවාට අමුණා ඇති සහතික වල ඡායා පිටපත් පුරවැසි අංශයේ නියෝජ්‍ය පාලක හෝ සහකාර පාලක විසින් පහතික කරනු ලැබේ.

ආගමන හා විගමන පාලක ජනරාල්,
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව,
“සුහුරුපාය“,
සිව් වන මහල,
ශ්‍රී සුභූතිපුර පාර,
බත්තරමුල්ල.

විද්‍යුත් තැපැල:

accit[at]immigration.gov.lk

5. ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට අදාල ගාස්තු –

ප්‍රධාන අයදුම්කරු රු. 345,000.00
කලත්‍රයාට රු.   57,500.00
වයස අවුරුදු 22කට අඩු අවිවාහක එක් දරුවකුට රු.   57,500.00

ඉහත දක්වා ඇති ගාස්තු අය කරනු ලබන්නේ, අදාල අයදුම්පත්‍ර පරීක්ෂා කර බලා විෂය භාර අමාත්‍යවරයා වෙත යොමු කර නියමිත අනුමැතිය ලද පසුව වේ. නියමිත ගාස්තු ගෙවීම සඳහා දොපර්තමේන්තුව විසින් අයදුම්කරු වෙත දැනුම්දීමක් සිදු කරනු ලබන අතර, එම නියමිත ගාස්තුව බත්තරමුල්ල “සුහුරුපාය” ආගමන හා විගමන දෙපර්තමේන්තුවේ 04 වන මහලේ පුරවැසි අංශයේ සරප් වෙත මුදලින් (ශ්‍රී ලංකා රුපියල්) ගෙවීම සිදු කළ යුතුවේ.

Archive

Latest news

Related news