Sunday, May 19, 2024

ගෝඨාගේ අයිසිං කිරිල්ල: ගෝඨාභය 225න් කෙනෙක් නොවෙයිද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ නම් වුනේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති එම පක්ෂ සම්මේලනයේදී විපක්ෂ නායක සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ විසින් කරන ලද නිවේදනයකදී යි. එදා ඉඳන් කලින් තිබ්බටත් වැඩිය ගෝඨාභය ගැන මිනිස්සු කතා කරන්න ගත්තා වගේම සමාජ මාධ්‍ය ජාලා තුළත් විශාල කතාබහක් මතුව ඇත. මේ එක්කම එහෙන් මෙහෙන් ඇහුනේ:

ගෝඨා පොහොට්ටුවෙන් එන්නේ”

ඇමරිකන් පුරවැසියෙක්ලු”

ඉතින් මිලිටරි හිටපු කෙනෙක්නෙ, හමුදා පාලනයකට යයිද?”

ආයි සුදු වෑන් එහෙ මෙහෙ යයිද”

ගෝඨා ඉතින් ඒකාධිපති තමයි”

225න් කෙනෙක් නෙවෙයි, කියල කියන්නේ”

මේ ඔක්කොගෙන්ම හරිම ආකාරශනීය වුනේ “ගෝඨා 225න් කෙනෙක් නොවෙයි” කියන කථාව. 225 ම එපා කියල ජනතාව අතර ලොකු කසු කුසුවක් ඇතිවුණා. එහිදී, ඔක්කොටම ඕනේ වුනේ මේ පාර්ලිමේන්තුවේ මෙච්චර කල් පල් නොවිච්ච 225 නෙවෙයි, අලුත් බ්‍රෑන්ඩ් නිව් අපේක්ෂකයෙක්. මේ 225ම මිනිස්සු එපා කියන්න හේතුව තමයි බලය තිබ්බත් මෙතෙක් මිනිස්සුන්ට දැනෙන යමක් 225න් මිනිස්සුන්ට නොවුනායි කියන චෝදනාව මත.

ඉතින් එහෙම ඉඳිද්දී ගෝඨා අපේක්ෂකයෙක් විදිහට කරළියට ආවේ 225න් කෙනෙක් නෙවෙයි. ඊට පිට කෙනෙක් කියලයි. ඒක ඇත්තද? හරි! 225න් කෙනෙක් නෙවෙයි නම් ගෝඨා කවුද?

225න් කෙනෙක් නොවන ගෝඨාභය කවුද?

මොහුගේ නම මුලින්ම කරළියට එන්නේ යුද්ධ සමයේ ආරක්ෂක ලේකම් විදියටයි. පසු කාලීනව ලසන්ත වික්‍රමතුංග, සුදු වෑන් හෝ පෝද්දල ජයන්ත වගේ නම් නිසාවෙනුත් ගෝඨා+භය සමාජ ගත වෙනවා. කෙසේවෙතත් ගෝඨාභය රණවිරුවෙකු ලෙස ලබා ඇති ප්‍රසිද්ධියක් අසන්නට දක්නට නොලැබේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු නිලධාරියකු මෙන්ම ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා දකුණෙන් එන චරිතයක්. දකුණෙන් එන චරිතයක් කිව්වහම නිකන්ම නෙවෙයි අවුරුදු 10ක් බලයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරු වන්නේ ගෝඨාභයයි. ඒ විතරක් නෙවෙයි නාගරික සංවර්ධන අධිකාරියේද ලේකම් වශයෙන් ක්‍රියාත්මක විය.

ගෝඨාගේ අයිසිං කිරිල්ල….

එසේනම් පාර්ලිමේන්තුව තුළ සිටි 225න් එකෙකු නොවුණද පැවති රජය තුළ බලවත් මෙන්ම යමක් කළ හැකි අයෙක් විය. එවන් තත්වයක් තිබියදී ඔහු කොළඹ කාක්කෝ මරපු එකයි මල් ගස් වැවීමයි පමණක් කරමින් කොළඹ අයිසිං කරේ කොළඹ ඇතුළේ ගැටළු රාශියක් ඔඩු දුවමින් කුණු වෙමින් තිබියදීය.

ගෝඨා අයිසිං කරපු කොළඹ ඇතුළේ තිබුණු රියල් ප්‍රශ්න වලට ගෝඨා අත තැබුවේ නැත. මොකද ලංකාවේ බොහෝදෙනා අයිසින් වලට කැමති නිසයි. කොළඹ ඇතුළේ ගඳ ගැස්සවූ කුණු ප්‍රශ්න නිසාවෙන් නිසි පිළිතුරක් නොදී ඒ කුණු මීතොට මුල්ලට ගොඩ ගැසීම පටන්ගත්තේද ගෝඨා විසිනි. මේ නිසාවෙන් අහිංසක ජීවිත බිල්ලට ලක් වූ අතර ඒ අවට සිටි බොහොමයක් පිරිසට උන්හිටි තැන් ද අහිමි විය. එපමණක් නොව අවට පිරිසට සෞඛ්‍ය ගැටළු රාශියකට මුහුණ දීමට සිදු විය. කොළඹ අලංකරණය වෙනුවෙන් බ්ලුමැන්ඩල් කුණු කන්ද සුද්ද කිරීම ඇරැඹුණු පසු ඒ රාජකාරිය සඳහා අනතුරුව තෝරාගත්තේ මීතොටමුල්ලය. සරත් නන්ද සිල්වා හිටපු අගවිනිසුරුවරයා රටේ අධිකරණ පද්ධතියේ ප්‍රධානියා ලෙස රාජකාරි කළ සමයේ දී ඊට අවශ්‍ය නෛතික තහවුරු කිරීම හිමි වූයේ අක්කර දෙකක භූමි භාගයක් ඒ සඳහා වෙන් කරලමිනි. බ්ලුමැන්ඩල් සිට මීතොටමුල්ලට කුණු කන්ද රැගෙන යෑම සරල කාරණය හැරුණු විට කිසිදු විද්‍යාත්මක පදනමක් හෝ වැඩපිළිවෙළක් පෙරදැරිව එම වෙනස සිදු වූයේ නැත. එය හිසරදයට කොට්ට මාරු කිරීමක් පමණක් ම විය. කුණු විතරක් නෙවෙයි, වහින විට කොළඹම වසා ගන්නා වතුර පාරටද කරපු පිළියමක් නැත. මේ ගෝඨා කොළඹ අයිසිං කළ හැටිය.

ඒ කෙසේ වුවද පවතින රජයෙන් කුණු කන්ද නාය යාමෙන් පසු ඇතිවු තත්ත්වය කළමණාකරනය කොට එම ගැටලුව තිරසාරව විසදීමට විශාල මැදිහත්වීමක් කරන්නට විශාල මෙහෙයක් ගත් බව දකින්නට ලැබුණි.

සංවර්ධනය වේයැයි හීනයක සිට, ඔබ නැවත ඔබේ කතිරය ගෝඨාභයගේ අයිසිං කිරීම වෙනුවෙන් පාවිච්චි කිරීම තුළ මේ රටේ තියන රියල් ප්‍රශ්ණ විසඳෙන්නේ නැත. වගකීමක් ඇති පුරවැසියෙකු ලෙස, ඔබේ කතිරය බුද්ධිමත්ව පාවිච්චි කරන්න.

නිර්නාමික විසිනි.

Archive

Latest news

Related news