Saturday, April 20, 2024

පාර්ලිමේන්තුවට ගිනි නොතබා ගිනි තැබූ සිරිසේනගේ අශිලාචාරකම .- රංජිත් හේනායකආරච්චි

ඡාායරූපය: හිට්ලර් ජර්මානු පාර්ලිෙම්න්තුවට ගිනි තබා ඒය දඩමිමා කර ගත්තේය‍.

ඔක්තෝබර් මස ජනාදිපති සිරිසේන නීතිවිරෝධීව ඒකාධිපතියකු සේ කිසිම සභ්‍යත්වයකට අඩංගු නොමැතිව අගමැතිවරයා සහ අමාත්ය මන්ඩලය අවලංගු කර මොහොතකින් ඔහුගේ සිතැඟි වලට අනුව අලුත් අගමැතිවරයකු පත් කරමින් කළ අසීලාචාර ක්‍රියාවෙන් ඔහු හත් පොලේ ගා ගත් අතර රට කිව නො හැකි තරම් අර්බුදයකට ඇද දමනු ලැබීය. හත්පොලේ  ගාගත් ජනාදිපති සිරිසේන ජරාව සෝදා ගැනීම වෙනුවට පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් අසූචි බාල්දියක්ම තම හිස මත වත්කරගනු ලබන්නේ රටද ගොඩගත නොහැකි නරා වළකට ඇද දමමිනි. සිරිසේන ජනාධිපතිවරයා තම හිතුවක්කාරී කම තුළ එල්බ ගෙනම සිටිමින් මට කැමති කෙනා තමයි මම අගමැති කරන්නේ කියා පවසමින් සිටී. ඔහුගේ හැසිරීම කියාපාන්නේ ඇට්ටර කමින් ඉහවහ ගිය දරුවකුගේ හැසිරීමයි. නමුත් ඔහුගේ මෙම හැසිරීම රටට මහත් විනයක් ලඟාකරනු නොඅනුමානය.

ඒ වගේම ජනාධිපති සිරිසේන කළා වැනි විහිළුවක්, එවැනි සාපරාදී ක්‍රියාවක් ලොව කිසිම ජනරජයක සිදුවී නොමැත. එවැනි යමක් සිදු විය හැක්කේ ඒක්කෝ රජ කෙනෙකුගේ අත්තනෝමතික පාලනයක් තුළ එසේ නැත්නම් ෆැසිස්ට් රටක අධිපතියකුගෙන් පමණි. සිරිසේන බලයෙන් අන්ධ වී හමාරය. ඔහු බලයෙන් මත්වී සිටී. සිරිසේන ජනාධිපති කියන ආකාරයට ඔහුට කැමැති අයකු අගමැති කළ හැකි නම් තවදුරටත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය නොවන්නේය. ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත්කර යැවීමෙන් පලක් නොමැත. මොහුගේ මේ තුච්ඡ බල වියරුව රටට මහත් වින්නැහියකට පාර කපන බව නම් පැහැදිලිය.

පාර්ලිමේන්තුව තුල මොවුන් මෙසේ අශීලාචාර ලෙස හැසිරෙන්නේ නම් හෙට දින ඡන්දයක් පැවැත්වුවොත් මොවුන් රට තුල කුමන ආකාරයේ වින්නැහියක් උදාකරනු ඇත්ද?  ඔවුන් පරණ පුරුදු ආකාරයට හිංසාකාරීළු රටතුල විසාල කලබල ඇතිකරමින්, මිනිසුන්ගේ ඡන්දය මංකොල්ල කමින් විශාල හානියක් රටට කරන බව නම් පැහැදිලිය.

පාර්ලිමේන්තුවතුල ඔවුන් හැසිරෙන්නේ හන්දිවල ගණන්කාරයින් ඔවුන්ගේ වැයික්කියේ හැසිරෙන ආකාරයෙනි. ඇත්තෙන්ම මේ මන්ත්‍රීවරුන්ගෙන් වැඩි දෙනෙකු එසේ හන්දිවල ගණන්කාරයින් ලෙස සිටි මැරයින් බව ඔවුන්ම පෙන්නුම් කරමින් සිටී. ඔවුන්ව පාර්ලිමේන්තුවට යවන්නේ රටේ පවතින පක්ෂ සහ මොවුනට තම කැමැත්ත දෙන ජනතාව විසින්මය. සභ්‍යත්වය යනු ඔවුනට තවත් වචනයක් මිස එහි අර්ථය ඔවුන් නොදනී. නමුත් මොවුන්ට පාර්ලිමේන්තුව වෙත යවන්නේ රටෙහි පවතින පක්ෂ විසින් නියෝජිතයන් ලෙස නම් කර රටේ ඡන්ද දායකයාගේ කැමැත්ත ලබා ගැනීම තුළිනි. තම බලය නීතිය කරගන්නා මොවුන් රටපාලනය ඔවුන්ගේ මඩි තරකර ගැනීමේ මර්ගය කරගනී. මුළු ලෝකයක් බලා සිටිද්දී පාර්ලිමේන්තුව තුල මොවුන් හැසිරෙන අසීලාචාර ආකාරය ගැන විස්තර කිරීමට සිංහල භාෂාවේ වචන නැති තරම්ය. ඔවුන්ගේ පහත් හැසිරීම එතරම් ම අප්‍රසන්න ය.

ඔවුනගේ මේ අසික්කිත හැසිරීමට හේතුව කුමක්ද? මෙම රාජපක්ෂ කල්ලිය පෙරදින රට කෑ මිනීමැරු මැරවරයන්ය. රාජපක්ෂගේ වරමින් පක්ෂයේ නාමයෝජනා ලැබ

පාර්ලිමේන්තුවට පැමිණ සිටින්නේ රාජපක්ෂගේ සුවච කීකරු සහචරයන් ලෙසිනි. අද මේ වියරුවෙන් දඟලන අශීලාචාර නඩයෙන් වැඩි දෙනෙක්ට මේ වන විටත් නීතිය ඉදිරියේ වගඋත්තර කීමට සිදුව සිටින සැකකරුවන් ය. වුන්ගෙන් වැඩි දෙනෙක්ට විවිද දූෂනයනට, මිනීමැරුම් නැතිනම් මුදල් වංචාවනට, රාජ්‍ය දේපළ අවභාවිතාවට ආදී දේවල් සඳහා චෝදනා ලබා සිටින අයයි. මොවුන්ට එරෙහිව චෝදනා මේ වන විටත් උසාවිවල විභාගයට ගැනෙමින් පවතී. මොවුන් දැන් මේ උත්සාහ කරන්නේ බලහත්කාරයෙන් හෝ බලය තම අතට ගෙන මෙම උසාවි ක්‍රියාදාමයන් අඩපණ කර තම වැරදි වසා ගැනීමටත් ඒ වගේම තවදුරටත් ඔවුනට සුපුරුදු ආකාරයෙන් රටේ ජනතාවගේ දේපළ මංකොල්ල කෑමටත්ය.

දැන් මේ සිදුවෙමින් පවතින විනාශයට වගකිව යුතුවන්නේ මේ නීච ක්‍රියාවන්ට මග පෑදීම සඳහා ව්‍යවස්ථාවට මෙන්ම සියලුම සභ්‍යත්සභ්‍යත්වයට එරෙහිව, අත්තනෝමතිකව ක්‍රියාකරමින් පැවති නීත්යාණුකූල රජය රහසේ විසුරුවා හැර රහසේම නීති විරෝධී රජයක් පත් කළ ජනාධිපති සිරිසේනයි. ජනාධිපතිවරයා ඒ තුළින් කරන්නේ රට තුළ නැති අර්බුදයක් ඇති කිරීමයි.

සිරිසේන ජනාධිපති උදේට ඒකක් කියන අතර හවසට වෙනත් දෙයක් කරනු ලබයි. ඔහු රටකරවීම ඔහුට හිතෙන හිතෙන ආකාරයට කරන සෙල්ලමක් බවට පත්කරගෙන ඇත. ඔහුගේම වචනවචනයට අනුව ඔහු කුට්ටමේ තුරුම්පු ගසමින් සිටි. නමුත් ඔහුගේ සෑම තුරුම්පුවක්ම තිබෙන ප්‍රශ්නය තවත් අවුල්කර රට තවතවත් අවුලකට යවමින් පවතී. අසීලාචාර රස්තියාදුකාරයින් රැලකට ඔටුනු පළඳවා ඔහු ඔවුන් රට වනසන අයුරු බලා සිටී. ඇත්තෙන්ම ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තුවට ගිනි නොතබා ගිනි තබා ඇත. එපමණක් නොව දැන් ඔහු මුළු රටම විශාල අර්බුදයකට ඇද දමා හමාරය.

රටෙහි පුරවැසියන් වන අප දැන් කලයුත්තේ අයිතීන් රැකගැනීම සඳහා සංවිධානය වීමයි. ජනාධිපතිවරයා සහ මහින්ද කල්ලිය රට විනාශය කරා යොමු කරමින් සිටි. බලය ලබා ලබාගැනීමේ වියරුවෙන් පෙලෙන මෙම රස්තියාදුකාර කල්ලියෙන් රට බේරාගැනීමට රටේ ජනයා එකාවන්ව පෙරට පැමිණිය යුතුව ඇත. මෙම අවනීතිකයන්ට එරෙහිව සියලු බලවේග අතිනත් ගත යුතුවන අතර ඒකාධිපති වියරුවෙන් පෙළෙන මෙම බලලෝබීන්ගේ බලහත්කාරයෙන් රට රැකගැනීමට පෙරට පැමිණි යුතුය.

 

 

Archive

Latest news

Related news