Wednesday, May 8, 2024

ජන මැදිහත්වීමකින් ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය පරාජය කරමු!  ලාල් විජේනායක

මාධ්‍ය නිවේදනය:

පසුගිය දින තුළ පාර්ලිමේන්තුවේ සිදුවීම් එක්සත් වාමාංශික පෙරමුණ පිළිකුලෙන් යුතුව තරයේ හෙලාදකින අතර, මෙම සිද්ධීන් වලට මග පෑදී ඇත්තේ ජනාධිපති හා මහින්ද රාජපක්ෂ අතර ඇති කරගන්නා ලද එකගතාවය අනුව සිදුකරන ලද ව්‍යවස්ථා විරෝධී හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවලිය බව ඉතා පැහැදිලිය. පසුගිය ඔක්තෝම්බර් 26 වන දින අගමැති ඉවත්කර මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්කිරීම තුළින් රාජපක්ෂ පවුලට විරුද්ධව ඇති නඩු යටපත්කර, එම නඩු විසදීම සඳහා පත්කරන ලද අධිකරණ වසාදමා FCID ය ඉවත් කිරීමේ අවශ්‍යතාවය ජයගැනීමට සහ නැවත වරක් ජනාධිපති ජනාධිපතිවරණයට තර`ග කිරීම සඳහා දෙදෙනා විසින් කරන ලද කුමන්ත‍්‍රණයක් බවද පැහැදිලිව පෙනෙන්නට ඇත. මෙම අවස්ථාවාදී පුද්ගල අභිලාෂයන් සඳහා මුලූ රටම අරාජික තත්ත්වයකට පත්කිරීම අපි තරයේ හෙළාදකිමු.

 පාර්ලිමේන්තුව තුළ ඇතිවූ තත්ත්වය තුළ පෙනී යන්නේ රාජපක්ෂ කණ්ඩායමට පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නොමැති වීමේ හේතුව මත පාර්ලිමේන්තුවේ බහුතරය ඉස්මතුව වීම වැලැක්වීම සඳහා පාර්ලිමේන්තුව තුළ ඡුන්ද විමසීම අවහිර කරන බවය.

ඔක්තෝම්බර් 26 වන දින අගමැති ඉවත්කර රාජපක්ෂ අගමැතිධූරයට පත්කිරීමටත් පාර්ලිමේන්තුවේ බහුතරයක් ඔහු සතුව ඇතිබව ඇති බව පෙන්වීමට නොහැකි බැවින් පාර්ලිමේන්තුව කල්දැමීමට සිදුවූ බව පැහැදිලිය. පාර්ලිමේන්තුව කල්තබන ලද්දේ නීතිවිරෝධීව මන්ත‍්‍රීවරු මුදලට ගෙන තනතුරු වරප‍්‍රදාද ලබාදී බහුතරය පෙන්වීමටය. මෙම සදාචාර විරෝධී ක‍්‍රියාවලියට ජනාධිපති සහ මහින්ද රාජපක්ෂ වගකිවයුතුව ඇත. පසුව ඒ ආකාරයටද වැඩි මන්ත‍්‍රීන් පිරිසකගේ සහයෝගය පෙන්විය නොහැකිවීම හේතුවෙන් නීතිවිරෝධීව හා ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉතා අපක්ෂපාතීව යුක්තිය ඉෂ්ඨ කර, දුන් තීන්දුව පසුව පාර්ලිමේන්තුව රැුස්වී මන්ත‍්‍රීවරුන්ගේ ඡුන්දයෙන් බහුතරය උරගා බැලීම සඳහා රැුස්වූ විට එහිදී අශිෂ්ට සහ අශීලාචාර ලෙස මන්ත‍්‍රීවරුන් සමහරකගේ හැසිරීම මත අප රට නොකැලැල්ව පවත්වාගෙන ආ ප‍්‍රතිරූපය ජාත්‍යන්තර වශයෙන් කෙලෙසා ඇත. මෙම සිදුවීම එක්සත් වාමාංශික පෙරමුණ හෙලාදකින අතර ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තුව රැුස්කර නිදහසේ තීරණ ගැනීම සිදුකළයුතු බව ජනාධිපතිට , රාජපක්ෂට සහ සියළු පක්ෂ වලින් අපි ඉල්ලා සිටිමු. ඔවුන්ගේ මෙම ක‍්‍රියාවට විරෝධයක් ලෙස ජනතාව සාමකාමීව වීදි බැස හ`ඩ න`ගන ලෙස ඉල්ලා සිටිමු.

එසේම, මෙම ව්‍යවස්ථා විරෝධී කුමන්ත‍්‍රණය පරාජය කළ හැක්කේ ජනතාවගේ මැදිහත් වීමෙනි. මේ සඳහා වෘත්තීය සමිති, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන සියලූදෙනාගේ සහය ඉල්ලා සිටිමු.

අධිනීතිඥ ලාල් විජේනායක
ප‍්‍රධාන ලේකම්
එක්සත් වාමාංශික පෙරමුණ

Archive

Latest news

Related news