Monday, May 20, 2024

ලංකා ඊ නිව්ස්කතුවර සදරැවන් අල්ලා ගෙනැවිත් දෙන ලෙස සිරිසේන බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි!

ලන්ඩන් පාදක කරගෙන ක්‍රියාත්මක වන ලංකා ඊ නිව්ස්හි කතුවරයා වන ප්‍රදීප සඳරුවන් සේනාධීර මහතා අත් අඩංගුවට ගන්නා ලෙස හෝ ලංකාවට පිටුවහල් කරන ලෙස ශ්‍රී ලංකාවේ ජනාධිපති පල්ලෙවත්ත ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන මහතා ඊයේ (09) බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටියේ යැයි අද(10) සන්ඩේ ටයිම්ස් පුවත් පත සිය මුල් පිටුවේ වාර්තාවකින් හෙළිකර තිබේ.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් මහතා සිය පැජට් පාරේ නිවසට විශේෂයෙන් කැඳවීමෙන් පසු ජනාධිපතිවරයා මහ කොමසාරිස් වරයාගෙන් මෙම ඉල්ලීම කරන ලදැයි ද, මෙම සාකච්ඡාවට ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ද, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් නීතිඥ කපිල වෛද්‍යරත්න මහතාද සහභාගී වී සිටි බවද සන්ඩේ ටයිම්ස් වාර්තාවේ දැක්වේ. (එකී සම්පූර්ණ වාර්තාවේ පිටපතක් මෙහි දැක්වේ)

මේ සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් කළ සොයා බැලීමකදී දැන ගන්නට ලැබුනේ ආරක්ෂක ලේකම් වරයා මෙහිදී නිශ්ෂබ්දව සිටි අතර කරුණු ගෙන හැර දක්වා තිබුනේ ශිරාල් ලක්තිලක සහ ජනාධිපතිවරයා විසිනි. මහ කොමසාරිස් වරයා කිසිදු ප්‍රකාශයක් කර නැති අතර සියල්ල සටහන් තබාගෙන තිබේ.

ලංකා ඊ නිව්ස් කතුවරයා අත් අඩංගුවට ගැනීමට හෝ පිටුවහල් කරන්නැයි ඉල්ලන්නේ කුමන චෝදනා යටතේදැයි නොදනී.

අධිකරණය ඉදිරියේ ඇති අපරාධ චෝදනා නිසා ලංකාවෙන් පලා ගොස් විදේශ වල සැඟවී සිටින උදයංග වීරතුංග, ජාලිය වික්‍රමසිංහ වැනි අය හෝ දෙමළ ඊළාම් ට්‍රාන්ස් නැෂනල් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කර එහි අගමැති යයි කියා ගෙන සිටින වී රුද්‍රකුමාරන් හෝ අත් අඩංගුවට ගන්නැයි හෝ ලංකාවට පිටුවහල් කරන්නැයි කියා පල්ලෙවත්ත ගමරාළ ජනාධිපතිවරයා කවර නම් හෝ තානාපතිවරයෙකු කැඳවා ඉල්ලා නැත.

ගං වතුර ආපදාවකින් පෙළෙන මේ අවස්ථාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් වරයා විශේෂයෙන් කැඳවා ගං වතුර අධාරයක් ඉල්ලුවේ නැත්තේ මන්දැයි විපතට පත් ජනතාව ජනාධිපතිවරයාගෙන්, කපිල වෛද්‍යරත්නගෙන් සහ ශිරාල් ලක්තිලකගෙන් ප්‍රශ්න කරති.

ජනාධිපතිවරයාගේ රුසියානු නැව් ඩීල් එක සම්බන්ධ තොරතුරු පළ කිරීමෙන් පසුව අධිකරණ නියෝගයකින්ද තොරව ජනාධිපතිවරයා විසින් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය ලංකාව තුල බ්ලොක් කරන ලද්දේ පසුගිය නොවැම්බරයේදී ය.

(lankaenews)

Archive

Latest news

Related news