Friday, May 3, 2024

ත්‍රස්ත පනත යටතේ 9 වසරක් රඳවා තබාගත් දෙමළ තරුණයින් දෙදෙනෙක් නිදොස් කොට නිදහස්

ජායාරූපය:  මෙම බොරු චෝදනා ගොනු කරන ලද එවකට නීතිපතිවරිය වූ ඊවා වනසුන්දර වැඩබලන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය ලෙස ජනාධිපති සිරිසේන හමුවෙහි දිව්රුම් දෙන අවස්ථාවක්.

2009 වසරෙහි  මැයි 13වනදා  අත් අඩංඟුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරණ ලද දෙමළ ජාතිකයින් දෙදෙනෙකු පසුගිය මාර්තු 27දා කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදී. මෙම තරුණයින් දෙදෙනාට විරුද්ධව නගා තිබූ චෝදනවා වූයේ එවකට ජනාධිපති වූ මහිනද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ සහ හමුදාපති වූ සරත් පොන්සේකා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවටය.

ඔවුන් නිදහස් කරන ලද්දේ කොලඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් විසිනි.

තවත් වැදගත් කරුණක් වනූයේ මෙම චෝදනා ඉදිරිපත් කරන ලද එවකට නීතිපති වූ වර්ථමානයේ ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවරියක වන ඊවා වනසුන්දර විසින් වීමයි. මෙම නඩු තීන්දුව නීතිපතිවරියක ලෙස ඇයගේ භූමිකාව ද ප්‍රශ්ණයට ලක් කරයි.

මහාධිකරණ විනිසුරු සම්පත් අබේකොන් සිය තීන්දුවෙන් කියා සිටින්නේ ඇය විසින් ගොනු කරන ලද එකී චෝදනා සැකයෙන් තොරව ඔප්පු කිරීමට නීතිපති දෙපාර්ථමේන්තුව අසමත්ව ඇති බවයි.

මෙසේ නිදහස් කරන  ලද්දේ කනගරත්නම් අදිත්යාන් (Kanagaratnam Adithyan) සහ කන්දවනම් ගොගුල්නාදන් (Kandawanam Gogulnathan) යන දෙදෙනාය.  කනගරත්නම් අදිත්යාන් යනු හිටපු දෙමළ ජාතික සන්ධාන මංත්‍රී එස්. කනගරත්නම්ගේ පුත්‍රයෙකි.

ඊවා වනසුන්දර යනු රාජපක්ෂවාදී විනිසුරුවරියකයැයි සනාථ නොකළ චෝදනා ඉදිරිපත්ව තිබේ.

 

 

 

Archive

Latest news

Related news