Sunday, May 5, 2024

ජිනීවා ගිය සිරිසේනගේ නියෝජිත ඇමැති, මානව හිමිකම් කවුන්සිලය වර්ජනය කිරීමට යෝජනා කරයි!

ජායාරූපය: මානව හිමිකම් කවුන්සිලයේ 37වන සැසිවාරයට සහභාගි වූ ශ්‍රී ලංකා ආණ්ඩුවේ නියෝජිත පිරිස. වම් කෙළවරේ සිටින්නේ අමාක්‍ය අමුණුගමය)

( ශ්‍රී ලංකා බ්‍රීප්/ 03/30/18)  23වන දින අවසන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37වන සැසිවාරයට ජනාධිපති සිරිසේනගේ නියෝජිතයා ලෙස සහභාගි වූ අමාත්‍ය සරත් අමුණුගම ඉදිරියට පැවැත්වෙන මානව හිිමිකම් කවුන්සිලයේ සැසිවාර ශ්‍රී ලංකාව විසින් වර්ජනය කළ යුකු බවට යෝජනා කර තිබේ.

මේ තක් කිසිදු රටක් සිය රටට සම්බන්ධ මානව හිමිකම් ප්‍රශ්ණ මතුකරන්නේයැයි කියා මානව හිමිකම් කවුන්සිලය වර්ජනය කර නැත. තවද රාජපක්ෂ පාලන සමයේදීවත් මෙැවැනි යෝජනාවක් ඉදිරිපත් වූයේ නැත.

අමුණුගම කියා සිටින්නේ දැන් යුද්ධය අවසන් වී වසර 10ක් ගෙවී ඇති නිසාත් එමෙන්ම මෙරට අධිකරණය දැන් ස්වාධීන කර ඇති නිසාත් මානව හිමිකම් කවුන්සිලය විසින් මතු කරන ප්‍රශ්ණ වලට මුහුණ දීමට ශ්‍රී ලංකාව එහි නොයා යුතු බවයි.

අමුණුගම නොදන්නා කාරණය බව පෙනෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මතු කර ඇත්තේ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්ණය පමණක් නොව බවයි.

අමුණුගමගේ ප්‍රකාශය පිළිගනිමින් සිරිසේන විසින් මානව හිමිකම් කවුන්සිලය වර්ජනය කිරීමට තීරණය කරනු ඇක්දැයි කීමට තරම් සාධක නැත. එසෙ ් නමුත් මෙවැනි ප්‍රකාශ මගින් සිදුවන්නේ මෙරට සංක්‍රමණීය යුක්ති ක්‍රිියා දාමය ඉදිරියට ලෙක යාම දුෂ්කරවීම බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ජනාධිපති සිරිසේනගේ නියෝජිතයා ලෙස මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට සහභාගිවීමෙන් පසු අමාත්‍ය අමුණුගම විසින් කර ඇති මෙම ප්‍රකාශය සිරිසේනගේ අනුමැතිය ඇතිව කරන ලද්දක් බව දේශපාලන ආංචිමාර්ග සඳහන් කරයි.

 

Archive

Latest news

Related news