Monday, May 20, 2024

ස්වේච්ඡා සමාජ සේවා පණත සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

FMM/28 මාර්තු 2018/මාධ්‍ය නිවේදනය.

1980 අංක 31 දරණ ස්වේච්ඡා සමාජ සේවා පනත සංශෝධනය කිරිම සඳහා රජය මේ වන විට ගනිමින් තිබෙන උත්සාහය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට එරෙහි ප්‍රබල අභියෝගයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පිළිගැනිමයි-

මෙම නව සංශෝධන යටතේ පුරවැසියන් සතු සංවිධානය විමේ අයිතිය, රැස්විමේ නිදහස ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික හරයන් රැසක් අභියොග්යට ලක් වේ- සිවිල් සංවිධාන ඇතුළු සංවිධානාත්මක ප්‍රජා ක්‍රියාකාරිත්වයන් රජය යටතට ගැනීමේ උත්සාහයක් මෙම සංශෝධනය තුළ ගැබ්ව ඇති බව පැහැදිලි කරුණකි-

පොදු සමාජයේ හෝ සිවිල් සමාජ සංවිධාන අතර හෝ සාකච්ඡාවකින් තොරව මෙවැනි සංශෝධන ක්‍රියාවලියකට මුල පිරිම සම්බන්ධයෙන් ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය කනස්සල්ල පළ කරයි- කෙසෙ ් වෙතත් පළ වෙමින් තිබෙන විරෝධය හමුවේ මේ පිළිබඳව සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන් ගේ අදහස් විමසිමට යොමු විම යහපත් පියවරක් ලෙස අපි දකිමු- එම සාකච්ඡා මත පදනම්ව යෝජිත සංශෝධන ක්‍රියාවලියෙන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික හරයන්ට එල්ල විය හැකි අභියෝග ඉවත් කිරිමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටිමු-

සි- දොඩාවත්ත, කැඳවුම්කරු

දිලීෂා අබේසුන්දර, ලේකම්

Archive

Latest news

Related news