Monday, May 20, 2024

බිලිබෝයිස්ලාට පණිවිඩයක්: වැලිකඩ සිරකරු ඝාතක සැකකරු රංගජීවගේ ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම ඉවතට

වැලිකඩ සිකරු ඝාතනයේ ඇසින්දුටු සාක්ෂි කරුවන් විසින් දිගින් දිගටම  එකී ඝාතනයට මත්ද්‍රව්‍ය නාශක අංශයේ රංගජීව නිලධාරියා බන්ධනාගාරයට පැමිනි බවට චොදනා එල්ල කෙරුණි. කොමිෂන් වාර්තාවෙන් හා  අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව මගින් වැලිකඩ ඝාතනයේ වග උත්තර කරුවන් හදුනාගෙන තිබියදීත්  අදෘශ්‍යමාන දේශපාලන හස්තය ක්‍රියාත්මක වී වී  ඝාතකයන් අත් අඩංගුවට ගැනීම වලක්වා ඇත. පසුගිය දිනවල මාධ්‍ය මගින් නියෝමාල් රංගජීව අත් අඩංගුවට යන මැයෙන් පුවත් මැවීමේ ප්‍රතිඵලයක් ලෙස බියට පත් වූ ඝාතකයන් අත් අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් ඉල්ලා  ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීය. හොරාට පෙර කෙහෙල් කැන වැට පැන ඇති බවට  මීට වඩා උදාහරන අවශ්‍ය නොමැති පසුබිමක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එකී පෙත්සම අද දින (28) විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කොට තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝමාල් රංගජීවගේ පෙත්සම ඉවතහෙලීම අගතියට පත් පාර්ශවයේ හෝ යුක්තිය අගයන ජනයාගේ ජයග්‍රහණයක් ලෙසම සැලකිය නොහැක. වැලිකඩ ඝාතනයේ බිලි බෝයිස් නියෝමාල් රංගජීවගේ  පෙත්සම විසිවෙද්දී  වැලිකඩ ඝාතනයට අණ දුන් ප්‍රභූවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ රැකවරනය නොමදව ලැබී ඇති පසුබිමක වැදගත්  පණිවිඩයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රාජපක්ෂ ආන්ඩුවේ මිනීමරු බිලිබොයිස්ලාට ලබා දි තිබේ.

එනම්, ප්‍රභූ පංතියට පමනක් ඕනෑම පවක් (අපරාධයක්) කර   ගැලවීමට ඇති ශුද්ධ වූ අයිතිය නීතිය විසින් බිලිබෝයිස්ලා ලබා නොදෙන බවයි. බිලි බෝයිස්ලාට ඇති එකම ගැලවුම තමන් සිදුකලා වූ පවු (අපරාධ) තම සමාජ පංතිය ඉදිරියේ පාපොච්චාරනය කොට අපරාධකාර  ප්‍රභූ පංතිය උන්ගේම නීතිය හමුවේ දඩුකදේ ගැසීම පමණි. සාක්ෂි කරුවනට තර්ජන ගර්ජන කරමින් කල අපරාද වලින් ගැලවීමට බිලි බෝයිස්ලා කොතෙකුත් උත්සහා දැරුවද අපරාධවල මෙහෙයුම් කරුවන් වන ප්‍රභූ පංතිය විසින්ම බිලි බෝයිස්ලා දන්ගෙඩියට යවා සියලු අපරාධ වලින් ගැලවී යාම සහතිකය.

|අකුණ නිවුස්|  

Archive

Latest news

Related news