Tuesday, July 16, 2024

සමාජ ජාල තහනම මූලික අයිතිවාසිකම් කඩවීමක්: මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

පසුගිය 7වනදා සිට විශේෂයෙන් සමාජයේ අනෙකුත් කොටස් සමග අදහස් ප්‍රකාශණයට සහ තොරතුරු හුවමාරු කරගැනීමට සහ තොරතුරු දැනැගැනීම සදහා,  ආණ්ඩුවේ මෙම සමාජ මාධ්‍ය ජාල ‘අවහිරකිරීම’ දැඩි ලෙස බාධා වී ඇති බවත්  එමගින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමාට ලබා දී ඇති මාගේ ‘භාෂණයේ නිදහසට සහ ප්‍රකාශණය ඇතුලු අදහස් පළ කිරීමේ නිදහසට මෙන්ම, 19වන ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසිකම් ලෙස ලබා දී ඇති ‘තොරතුරුවලට ප්‍රවේශ වීමට ඇති අයිතියට, මෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය ටද, ආණ්ඩුවේ මෙම සමාජ ජාල අවහිර කිරීම දැඩි ලෙස බාධාවක් වී ඇති බත් සදහන් කරමින් විකල්ප වෙබ් අඩවියේ සංස්කාරක සම්පත් සමරකොන් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම පැමිණිල්ල සම්පූර්ණයෙන් පහත පළවේ.

සභාපති,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.

13.03.2018

මූලික අයිතිවාසිකම් කඩවීමක් පිළිබදව

 පැමිණිලිකරු – සම්පත් සමරකෝන්
ජා.හැ. අංකය – 751520824V

පළාත – මධ්‍යම

රැකියාව සහ තනතුර – පර්යේෂක
දුරකතන අංකය – 0777248304 | Twitter @sampathslk | Email: [email protected] | Facebook – https://www.facebook.com/sampathslk

පැමිණිලිකරුගේ ලිපිනය – සම්පත්, ළිදපිටිය, කයිකාවල, මාතලේ.

වගඋත්තරකරුවන් –

1) සභාපති, විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව,
2)
ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්,

මානව හිමිකම් උල්ලංඝණය වී ඇත්තේ කුමන හේතුන් මතද?/ අසාධාරණය සිදුවූ බවට කරුණු කෙටියෙන්… 

මහනුවර ආශ්‍රීත ප්‍රදේශවල ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරීමත් සමග  ‘ප්‍රචණ්ඩත්වයට රුකුල් දෙන තොරතුරු හුවමාරු වීම මත’ යැයි පවසමින් පසුගිය මාර්තු 7වනදා සිට #Facebook #WhatsApp ඇතුලු සමාජ මාධ්‍ය ජාලයන් අවහිර කිරීමට ආණ්ඩුව තීරණය කළේය. එය තාවකාලික පියවරක් බවට ආණ්ඩුව විසින් පැවසූ නමුත් තවමත් ක්‍රියාත්මක වන බවද සටහන් කරමි.

විශේෂයෙන් මා පසුගිය වසර ගණනාවක සිට අදහස් හුවමාරු කර ගැනීමටත්, විවිධ සමාජ කොටස්(රටතුළ සහ රටින්පිට) සමග තොරතුරු සහ දත්තයන් හුවමාරු කර ගැනීමටත්, අධ්‍යාපනික වුවමානාවන් සදහා මෙන්ම සමාජ/ මාධ්‍ය ක්‍රියාකාරී වැඩසටහන් සදහා ද #Facebook ඇතුලු සමාජ මාධ්‍ය වේදිකාවන් නිරන්තරයෙන් භාවිතා කරන්නෙක්මි. ප්‍රකාශණයේ  නිදහස/ අන්තර්ජාල නිදහස/ ආගමික නිදහස ඇතුලු මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය වැනි අප රටට අත්‍යවශ්‍ය ගුණාංගයන් ප්‍රවර්ධනය කිරීම එහි මූළික අරමුණයි.

නමුත් පසුගිය 7වනදා සිට විශේෂයෙන් සමාජයේ අනෙකුත් කොටස් සමග අදහස් ප්‍රකාශණයට සහ තොරතුරු හුවමාරු කරගැනීමට සහ තොරතුරු දැනැගැනීම සදහා,  ආණ්ඩුවේ මෙම සමාජ මාධ්‍ය ජාල ‘අවහිරකිරීම’ දැඩි ලෙස බාධා වී ඇත. එයින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මා හට ලබා දී ඇති මාගේ ‘භාෂණයේ නිදහසට සහ ප්‍රකාශණය ඇතුලු අදහස් පළ කිරීමේ නිදහසට මෙන්ම, 19වන ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසිකම් ලෙස මා හට ලබා දී ඇති ‘තොරතුරුවලට ප්‍රවේශ වීමට ඇති අයිතියට, මෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය ටද, ආණ්ඩුවේ මෙම සමාජ ජාල අවහිර කිරීම දැඩි ලෙස බාධාවක් වී ඇත්තේය.

එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මා හට ලබා දී ඇති අයිතීන්  අදාල(සෘජු) වග උත්තර කරුවන් විසින් උල්ලංඝනය කර ඇති බව ශ්‍රී ලාංකික පුරවැසියෙක් වන මාගේ පිළිගැනීමයි.

බලාපොරොත්තු වන සහනය –

ලංකාව තුළ සාමාජ ජාල මාධ්‍ය වේදිකාවන් අවහිර කිරීම නිසා මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි නිර්දේශ කරන ලෙස සහ විශේෂයෙන් පනවා ඇති සමාජ ජාල ‘අවහිර කිරීම’ ඉතාමත් ඉක්මනින් ඉවත් කර මාගේ අයිතිවාසිකම් තහවරු කරන ලෙසට අදාල වගඋත්තර කරුවන්ට නිර්දේශ ලබා දෙන ලෙසත් සහ අන්තර්ජාල මාධ්‍ය වේදිකාවන් ‘වාරණය’ ‘අවහිර කිරීම’ වැනි නූතන, ශිෂ්ට සමාජයන් කිසිලෙසක අනුමත නොකරන මෙන්ම Digital Rights යනුම මානව හිමිකමක් ලෙස, ලෝකයේ බොහෝ ශිෂ්ඨ සමාජයන් පිළිගනිමින්, විශේෂයෙන් අන්තර්ජාල නිදහස ගැන වඩා උනන්දුවකින් එක්සත් ජාතීන්ගේ සංවිධානයද මේ වන විට කටයුතු කර බැවින්, නැවත වරක් මෙවැනි ‘අවහිරකිරීම්’ වැනි නොදියුණු ක්‍රියාවන් වෙත යොමු නොවීමට වගබලා ගන්නා ලෙස, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත අදාල පණතින් පැවරී ඇති බලතල අනුව, අදාල ආයතන සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට නිර්දේශ සහ යෝජනා ඉදිරිපත් කරන ලෙසද ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

අයිතිවාසිකම් කඩ වූ දිනය – 2018 මාර්තු 7 සිට මේ වන තෙක්

අයිතිවාසිකම් කඩ වූ ස්ථානය – ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසම් සභාවට පාලනය කිරීමට  බලය ඇති ශ්‍රී ලංකා භූමිය තුළ,

ඉහත සදහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බවට මෙයින් සනාථ කරමි.

ස්තුතියි

මෙයට,
විශ්වාසී,

සම්පත් සමරකෝන් @sampathslk

 

Archive

Latest news

Related news