විදුහල්පතිනිය දණ ගැස්වූ මහ ඇමති අත්අඩංගුවට ගනු! බදුල්ලේ විරෝධතා

800
බදුල්ල නගරයේ පාසල් වසා දමමින්   දෙමළ බාලිකා විද්‍යාලයේ  විදුහල්පතිනිය මහ ඇමැති විසින් දණ ගැස්සවීමට එරෙහිව ‍‍‍ අද පෙරවරුවේ ආරම්භ වූ උද්ඝෝෂණ ව්‍යාපාරයට  විශාල පිරිසක් එක් විය. ඒ   අතර ඒ අතර පළාත් රාජ්‍ය සේවකයෝ සහ  දෙමාපියෝ ද වූහ.

මහ ඇමති චාමර සම්පත්,  පළාත් අධ්‍යාපන ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රත්නායක, කැමරා ශිල්පී ප්‍ර‍සන්න පත්මසිරි, අමිල ක්‍රිෂාන්ත අතුළු ගුරුවරිය දණ ගැස්සවීම, බලහත්කාරයෙන් ප්‍ර‍කාශ ලබා ගැනීම,  අතවර කිරීමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත් වන ලදී.

මේ එම උද්ඝෝෂණයට සහභාගි වූ පිරිස යි.

ස්තුතිය කැෆේ සංවිධානයට.