Monday, May 20, 2024

අගමැති ප්‍රකාශණය හෙවත් සුපිළිපන්බව රැකගැනීමේ දුෂ්කර අභියෝගය- ධනුශ්ක සිල්වා

මහ බැංකු බැදුම්කර වාර්තාව ජාතික දේශපාලනය සමඟ අනන්‍ය කරුණක් වුවත් මේ වන විට  ප්‍රාදේශී්‍ය ආණ්ඩුකරණය හා ළඟ එන පළාත් පාලන මැතිවරණයට තීරණාත්මක බලපෑමක් කරමින් තිබේ. වාර්තාව සියතට ගැනීමෙන් පමණක් නොනැවතී ඒ හරහා ජනතා වේදිකාවල එ.ජා.ප ය දෙසට ළගන්නාසුලු විවේචන  ඉදිරිපත්කරමින් ජනාධිපතිවරයා දේශපාලන සුපිළිපන් (mister clean) චරිතයකට අවශ්‍ය ගුණාංග තවදුරටත් තමා වෙතම රදවාගැනීමට සමත් වී තිබෙන අතර ජනාධිපතිවරයාගේ සුපිළිපන් බව ඉදිරියේ අගමැතිවරයාගේ පරිණත ලකුණු ක්ෂය කරන චූල දේශපාලන ගුණාංග (political characters)  මතුවීමට පටන්ගෙන තිබේ. ඒ බව අගමැතිවරයාගේ ප්‍රධාන නළු දායකත්වයෙන් පසුගියදා පාරලිමේන්තුවේ දිගහැරුණු නාටකයෙන් වුවද තරා (Rank) කරගැනීමට අපහසු නැත..

2015 ජනාධිපතිවරණය දී පොදු අපේක්ෂකයා නිර්පාක්ෂිකයෙකු විය. ඒ  අනුව පශ්චාත් ජනාධිපතවරණ යුගයේදී මහජනයා (විශේෂ යෙන් සිවිල් සමාජය) බලාපොරොත්තු වූයේ පක්ෂ බැදීමෙන් සහමුලින්ම වියුක්ත වූ නිපාක්ෂික ජනාධිපතිවරයෙකුගේ හැසිරීමක් වුවත් අද ජනාධිපතිවරයා යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා සන්ධාන ඡන්ද පදනම තර කරන නැංගුරම බවට පත්වී තිබේ. අනෙක් අතට අගමැතිවරයා යනු හුදෙක් අගමැතිවරයාම නොවන අතර ඔහු එ.ජා.ප නායකයයි. අදවන විට මහබැංකු වාර්තාව මෙම නායකයන් දෙදෙනාගේ සුපිළිපන් බව කිරා මනින තරාදියකි. දූෂණය, දූෂිතයන් හා දූෂණය මැඩලීම මෙම මැතිවරණයේ සෑම දේශපාලන පක්ෂයකම  දේශපාලන ස්ලෝගනය වේ. සුපිළිපන් බවේ විෂ්කම්භය ප්‍රාදේශීය ඡන්දයේදී තීරණාත්මක සාධකයයි.  මහ බැංකු වාර්තාව මෙහිදී වැදගත් වන්නේ එය විසින් දූෂිතයන් හා දේශපාලන සුපිළිපන් මහත්වරුන් මැදින් රේඛාවක් ඇදීමට ඊට ඇති හැකියාව නිසයි. වාර්තාව විසින් ජනාධිතිවරයාටත් අගමැතිවරයාටත් ලබාදෙන ගෞරවය හෝ අගෞරවයේ දිළ පළල ප%ධාන පක්ෂ දෙකෙහි අපේක්ෂකයන්ට පුංචි ඡන්දයේදී ලබා ගතහැකි ඡන්ද ප%මාණයත් අනාගත දේශපාලනයේදී පක්ෂ දෙකට හිමි ස්ථානයත් තීරණය කරනු නිසැකය.

බැදුම්කර සිදුවීම සම්බන්ධව මේ වනව්ට සියලු ප්‍රතිජානනාත්මක ලකුණු (Positive points) එකතු වී තිබෙන්නේ. ජනාධිපතිවරාටය. ඔහු නායකත්වය දෙන දේශපාලන බල කදවුරටය. සියලු නිෂේධනාත්මක ලකුණු (Negative points) බැර වී තිබෙන්නේ අගමැතිවරයාටය. ඔහු නායකත්ව දෙන එ.ජා.පයටය. මේ වන විට අගමැතිවරයා යෙදී සිටින්නේ මහ බැංකු වාරතාව අවපමාණය කරමින් සිටින, පාරලිමේන්තුවේදී තමා විසින්ම  අවප%මාණය කරගත් සුපිළිපන් බවේ විෂ්කම්භය විශාලනය කර ළග එන මැතිවරණයේදී එ.ජා.ප පක්ෂියාගේ මනස දේශපාලනිකව සකස් කිරී මේ ගැනීමේ අසී රු අභියෝගයටය.

බැදුම්කර සිදුවීම ගැන මෙතෙක් කලක් ජනතාව ඉදිරියේ නිහඩ පිළිවෙතක් අනුගමනය කළ අගමැතිවරයා කළ විශේෂ ප්‍රකාශය ද (2018.01.18 දින) ඒ වෙනුවෙන් ගත් නිසරු මෙන්ම ජුගුපසහාජනක වෑයමක් ලෙස සැළකීම වඩා නිවැරදි වන්නේ මේ තත්වය තුළය.

ර්ථික හා දේශපාලන වැදගත්කම 

සාධාරණත්වයක් නොමැති රාජ්‍යයක් තුළ මංකොල්ලකරුවන් සමූහ ලෙස බිහිව න්නේ යැයි ශාන්ත ඔගස්ටයින් දෙවියන්ගේ නගරය (City of Gods) ග්‍රන්ථයේ ලීවේය. සාධාරණත්වය හා අසාධාරණත්වය අතර අනුලෝම සම්බන්ධය ක්‍රමයෙන් ලිහිල් වී සුළුතර පිරිසක් අතර ධනය මෙන්ම බලය ඒකරාශී වී බහුතරය අවවරපසාදිතයන්ගේ තැනට තල්ලුවීම 1978 සිට මෙරට බලපැත්වෙන සහචර ධනවාදී (Cruel Capitalism) අර්ථ ක්‍රමය විසින් මෙරටට හිමිකර දී තිබෙන නිෂේධනාත්මක සමාජ කමයේම ලක්ෂණයකි. ඔගස්ටයින්ගේ වචනයෙන් කියතොත් සමස්ත බැදුම්කර ක්‍රියාදාමය හරහා ම නිරූපනය වූයේ සාධාරණත්වය හා අසාධාරණත්වය අතර පරතරය ඉතා වේගයෙන් දුරස්ථ වන බවත් රටේ ආරථිකය ඉතා  ක්‍රෑර ලෙස කළමනාකරණය කළ හැකි මංකොල්ලකරුවන් පිරිසක් ඉහළ සමාජ ස්ථරයෙන් මතුවී තිබෙන බවයි. ඒ අරුතින් බදුම්කර වාර්තාව හෙළිදරව් කරන  ප්‍රධාන කරුණු දෙකක් තිබේ. ලංකාව තවදුරටත් සාධාරණත්වය බලපැවැත්වෙන ධර්මිෂ්ඨ සමාජයක් නොව අසාධාරණත්වයේ ගැඹුරුතම අගාධයක සිරවී ඇති රාජ්‍යයක් බවයි. දෙවැන්න රටේ ආර්ථිකයේ ප%ධාන බල කේන්ද්‍ර සාහසික ලෙස හැසිරවිය හැකි මංකොල්ලකරුවන් සැළකියයුතු පිරිසකට අපේ රට තෝතැන්නක් වී ඇති බවයි.

බැදුම්කර වාර්තාව මේ වනවිට දූෂණය ගැන මෙතෙක් මැතිවරණ වේදිකාවල නැගුණු සටන් පාඨ අලුත් කර තිබේ. ජනාධිපතිවරයා දැන් සෑම මැතිවරණ රැස්වීමකදීම දූෂණය හා දූෂකයගේ කොල්ලකාරී ස්වභාවය උපමානුසාරයෙන් දැක්වීමට ගන්නේ රාජපක්ෂ පාලනය (මෙතෙක් කල් ගත්) නොව බැදුම්කර මංකොල්ලයයි. ඒ නිසා නිදහස් පක්ෂය හා එජාපය හවුල් ආණ්ඩුව පවා මැතිවරණ වේදිකාවේ තේමාත්මක පසමිතුරන් (Thematic Opponents) වී සිටී. 2015 මැතිවරණ්යේ සිට මේ පක්ෂ දෙකම එකට එකතු වී දූෂකයා හා දූෂණයේ ක්‍රෑරත්වය උපමා කළේ රාජපක්ෂ පාලනටය. ඒ වෙනුවට දැන් දූෂණ තේමාවේ පොදු සතුරා බවට අගමැතිවරයාද එජාපයද පත් වී තිබේ. ඒත් සමඟම පොදු ජන පෙරමුණේ නයක නායකාරාදීන්ට එරෙහිව ජනප්‍රිය දූෂණ චෝදනා නැගීමේ වරප්‍රසාදය එජාපයට අහිමිවන අතර මේ තත්වය මැතිවරණ ප්‍රචාරණයේදී පොදුජන පෙරමුණට අමතර වාසියක් වනු ඇත.

ප්‍රකාශයේ සැගවුණු අරමුණ

කළින්ද සඳහන් කළ පරිදි අගමැතිවරයා දැන් යෙදී සිටින්නේ බැදුම්කර වාර්තාව සෝදාපාළුවට ලක් කර තිබෙන තමාගේ හා තම පක්ෂයේ පුපිළිපන් බව රැකගැනීමේ දුෂ්කර සටනකය. මේ මොහොතේ බැදුම්කර වාර්තාවේ බරපතලකම අවප්‍රමානය කිරීමේ සරලම හා ලෙහෙසිම ක්‍රමය එහි බරපතලකම සාමාන්‍යකරණය කිරීමයි. අගමැතිවරයා පාරලිමේන්තුවේදී කවුද හොරා? යැයි ඇසීම අගමැති චරිතයේ අචාරධාර්මික   ප්‍රශ්නයක් ලෙස අපට පෙනුනද ඔහු උපක්‍රමික උපයෝගී කරගත්තේ මෙම  න්‍යායයයි. වාර්තාව දක්වන හොරුන්ටත් වඩා කම්බ හොරුන් පාරලිමේන්තුවේ සිටින බව සපථ කිරීමට ඔහුට අවශ්‍ය විය. අගමැතිවරයා මෙම විශේෂ  ප්‍රකාශ කිරීමෙන් බලාපොරොත්තු වන්නේද එයයි. මෙම සමස්ත  ප්‍රකාශණ පිඩු කර දැක්වුවහොත් දූෂණ වංචා ගැන මෙතරම් ප්‍රජාතාන්තික ලෙස කියාකළ රජය ඉතිහාසයේ කවර කලකවත් නොතිබුනේය යන මතය සමජගත කිරීමට  අවශ්‍ය වූ බව පැහැදිළි වේ. බැදුම්කර සිදූවීමේ වරදක් ඇතැයි සජුව නොපිළිගත්තත් වරදකරුවන්ට නිසි දඩුවම් දීමට රජය අතිශයින් වගවී සිටින බව සඳහන් කරයි.

මේ වනවිට බැදුම්කර වාර්තාව එජාපයට එරෙහිව මැතිවරණ වේදිකාවේ ඕනෑම පක්ෂයකට ජනතාවට ඉතා හොඳින් ඒත්තුගැන්විය හැකි දේශපාලන විවේචනයක් නිර්මාණය කරදී තිබේ. මෙහිදී මෙතෙක් මහජන වේදිකාවල දූෂණය යන කරුණේදී වින්දිත පක්ෂය (Victim Party) වූ පොදුජන පෙරමුණටත් දූෂණ විවේඡනවලින් මුලුමනින්ම ගැලවීමට නොහැකි වුවත් එවන් මාදිලියේ ඕනෑම චෝදනාවකට පිළිතුරු දිය හැකි හොද ප්‍රතිතරකයක් තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මොහොතේ දූෂණයෙන් සුපිළිපන් මහත්වරුන් පිරිවරා සිටින පක්ෂය වේ. මේ එකදු වාසියක්වත් එජාපයට මේ මොහොතේ හිමි නැත. ඒ අනුව ජනතාව ඉදිරියේ කරන ප්‍රකාශනයකින් අගමැතිවරයා උත්සහ කළේ වාර්තාවට අදාළ තමාත් එජාපයත් පොදු මැදිහත් උලුප්පමින් සිදුවී ඇති නරකෙහි සැර බාල කිරීමයි.

ප්‍රකාශනය  හා පුංචි ඡන්දය

මෙම ප්‍රකාශය කිරීමෙන් නොකියා කියන්නට උත්සහ ගත් දෙය බලලා මල්ලෙන් එළියට පනින්නාක් මෙන් එළියට එන්නේ එහි අවසානයටය. ඔහු තමා ගේ ප්‍රකාශය අවසන් කරන්නේ “අපි ගම හදමු. අපි රට හදමු.” යනුවෙන් ජනතාවට කරන සුහද ආරාධනයකිනි. මේ මොහොතේ ගම යනු පළාත් පාලන ආයතනය. හරියටම කියනවා නම් පුංචි ඡන්දයය. වාර්තාවේ නිර්දේශ හරිහැටි ක්‍රියාත්මක කර හානිපූරණය කරගතහොත් එය රටේ අර්ථිකය සෝදාපාළුව  හා සමස්ථ ආර්ථිකය ම  සමෘද්ධිමත් කිරීම හා සම්බන්ධ වන්නක් මිස ගම හැදීම සමඟ දුරස්ථ වශයෙන් මිස සමීපස්ථව සම්බන්ධ වන්නක් නොවේ. ඒ ඇරැත් මීට ඉහත අගමැතිවරයා විශේෂ ප්‍රකාශ හමාර කිරීමේදී ගම ගැන සදහන් කරනවා අප කවුරුත් අසා තිබේද?

ඒ අනුව එය එක්තරා ආකාරයකට ළඟ එන මැතිවරණයට එජාප නායකයා ලෙස අගමැතිවරයාගේ වාචික මැදිහත්වීම නිරූපනය කරන්නකි. වක්‍රාකාරයෙන් තම පක්ෂය දිරිමත් කිරීමකි. හරියටම කියනවා නම් බැදුම්කර ප්‍රශ්නය සමග සීග්‍රයෙන් තම පක්ෂ්යෙන් ඈත් වන සම්ප්‍රදායික පාක්ෂිකයා ගේ මනස නැවත පණවත් කර පක්ෂය වෙතට ඇද්ගැනීමට කළ නිසරු උත්සහයකි. ඉන් සම්ප්‍රදායික එජාප පාක්ෂිකයන් තාවකාලික ව කුල්මත් වන්නට ඇත.

අනෙක් අතින් අප විමසිය යුතු පැනය වන්නේ එක් පක්ෂයකට වාසිදායක වන අයුරින් අගමැතිවරයා කළ මෙම ප්‍රකාශය මැතිවරණ නීතියට ඉහළින් යාමක් නොවන්නේද?

 

Archive

Latest news

Related news