Saturday, April 20, 2024

ඇඹිලිපිටිය නගරසභාව සහ ප්‍රාදේශීය සභාව අපිට දෙන්න; අපි කරල පෙන්වන්නම්! ටිල්වින්

ටිල්වින් සිල්වා.

මැතිවරණයකදී නාමයෝජනා භාරදීම ඉතාම වැදගත් අවස්ථවක්. නාමයෝජනා නොතිබුනොත් මැතිවරණයක් පැවැත්වෙන්නේ නැහැ. මේ මැතිවරණයේදී එක්‍දු නාමයෝජනා පත්‍රයක්වත් ප්‍රතික්ෂේප නොවන අන්දමින් බාරදෙන්න ජනතා විමුක්ති පෙරමුණට හැකිවුණා. අපේ රට පාලනය කරපු පාලනය කරන හුග දෙනෙකුට නාමයෝජනා පත්‍රය හරියට බාරදෙන්න බැරි වුනා. මෛත්‍රී මහත්තයගෙ නාමයෝජනා දෙකක් ප්‍රතිකිෂේප වුණා. මහන්ද මහත්තයගෙ පහක් මුල් වටයේ ප්‍රතික්ෂේප වුණා. අපි හිතුව ඒ අත්දැකීම් දෙවන වටයට ගනියි කියලා. ඒ වටයේ හයක් ප්‍රතික්ෂේප වුණා. මහරගම නගර සභාවේ ලැයිස්තුව ප්‍රතික්ෂේප වුණේ ගැහැනු කෙනෙකිගෙ නම ඉස්සරහ පිරිමි කියල ලියලා.

ජනතා විමුක්ති පෙරමුණේ අපි සැලසුමක් ඇතිවයි වැඩ කරන්නෙ. මේ මැතිවරණයට නාමයෝජනා එන්න කලින් අපි අපේක්ෂකයෝ සියලුදෙනාම කොළඹට කැදවල අපි ජයග්‍රහණය කලොත් කරන සැලැස්ම ඒ අයට හදුන්වල දුන්න. දැන් ඒකත් කොපි කරන්න පටන් අරං ඔය ආණ්ඩු කලා කියන කට්ටිය.

ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ මැතිවරණයට ආවෙ කලබලෙන් මන්ත්‍රීකමක් අරන් යන්න නෙවෙයි. ජයග්‍රහනයක් අත් පත් කරගන්නයි ආවෙ. ඒක අපි ඉස්සරහ පේන්න තියෙනවා.

මේ මැතිවරණයේ ඡන්දය දෙන්න තියෙන්නෙ මීට කලින් ඡනිදය දීපු ආකාරයට වඩා වෙනස් ක්‍රමයකට. ඒ අලුත්කමත් එක්ක අපේ දේශපාලත් අලුත් කරගන්න පුළුවන්. මේ මැතිවරණයේ තියෙන විශේෂත්වය තමයි මනාප ක්‍රමය නැතිකර තිබීම. මනාප බලු පොරය තිබූ කාලයෙත් ජනතා විමුක්ති පෙරමුණ මනාප පොරයක් නැතුව දේශපාලනය කල බව ඔබ දන්නවා. එහෙම විනයක් හැකියාවක් හැදියාවක් තියෙන්නෙ අපේ පක්ෂයට පමණයි. ඒ මිත්‍රත්වය සහෝදරත්වය අදත් තියෙනවා.

මේ ඡන්දෙදි කොට්ඨාසෙ ඡන්ද වැටුනම දිනන්නෙ කොට්ඨාසෙ කෙනා විතරයි. නමුත් සාමූහිකත්වය සහෝදරත්වය තියෙන එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ විතරයි. පළාත් පාලන ආයතනයක මන්ත්‍රී සංඛ්‍යාවෙන් 60%ක් තෝරා ගන්නෙ කොට්ඨාස වලින්. 40%ක් තෝරාගන්නෙ ලැයිස්තුවෙන්. ඒ කියන්නෙ ඔබ ඡන්දය දුන්නාම ඡන්දය අපතේ යන්නේ නැහැ. ඔබ ජීවත්වන කොට්ඨාසෙ කෙනා වැඩිපුර ගත්තොත් එයා මන්ත්‍රීවෙනවා. නැතත් ඒ ඡන්ද එකතුවෙලා සමානුපාතිකව මන්ත්‍රීකම් ලැබෙනවා. දැන් සීනුවට ඡන්දය දීල කොට්ඨාසය දිනෙව්වොත් ඒ කෙනා මන්ත්‍රී වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ ඡන්දත් එකතුවෙලා ඒ ප්‍රමාණයට ලැයිස්තුවෙන් මන්ත්‍රීධුරත් අපට හිමි වෙනවා. ඡන්ද අපතේ යන්නෙම නැහැ. දිනුවත් මන්ත්‍රීකම් හම්බවෙනවා. පැරදුනත් මන්ත්‍රීකම් හම්බවෙනවා. ඒක හොද ක්‍රමයක්.

ඒ නිසා විස්වාසෙන් ඡන්දය දෙන්න පුලුවන්. ඒක නැතිවෙන්නෙ නැහැ. ඒක පරදින්නෙ නැහැ. මෙච්චර කාලයක් ඔබ සිතුවෙ කාවද දිනවන්නෙ කියල. මේ ඡන්දෙදි හිතන්න ඔබ දිනන්නෙ කොහොමද කියල. ජනතාව දිනන්නේ කොහොමද කියල. ඡන්ද දායකයා දිනන්නෙ කොහොමද කියල. හැමදාම අපේක්ෂකය දිනෙව්වා. මන්ත්‍රී කෙරෙව්වා. ඡන්ද දායකයා පරාද වුණා. ඒක වෙනස් කරලා මේපාර ඡන්දදායකයා දිනන්න ඕනෑ.

මනාප ක්‍රමයේ දි අපි අපේ මන්ත්‍රී කවුද කියල දන්නෙ නැහැ. ඔබේ මන්ත්‍රී කවුද කියල ඔබ දන්නෙ නැහැ. කොට්ඨාසයක් තියෙනවා කොට්ඨාසයේ මන්ත්‍රී ස්තිරයි. කොට්ඨසයේ මන්ත්‍රී කොට්ඨාසයට වගකිව යුතුයි. එයා හතරවටේ දුවන්න ඔනෙ නැහැ. ඒ කොට්ඨාසයට වගකියන්න නිස්චිතව වගකියන මන්ත්‍රීවරයක් ඉන්නව. ඒ නිසා අපි පත්කර ගත යුත්තෙ කොහොම කෙනෙක්ද? මහජන මුදල් හොරකම් කළ පට්ට හොරෙක් කාන්තාවන්ට අතවර කරපු මින්හෙක් මන්ත්‍රීකම පාවිච්චි කරල ළමයින්ට කරදර කරන කෙනෙක් මන්ත්‍රීකම පාවිච්චි කරල හොරෙන් ගංජා වවන කෙනෙක් මන්ත්‍රී තනතුරේ බලය පාවිච්චි කරල අපරාද කරන කෙනෙක් ජනතාවට හිරිහැර කරන කෙනෙක් හන්දියෙ චන්ඩිකම් කරන කෙනෙක් පත්කරගත්තොත් ඔබට ආඩම්බරද? මම කියන්නෙ මෙහෙම කට්ටියක් අපිට හිටියා. දැනුත් ඉන්නවා.

[alert type=”success or warning or info or danger”]මැතිවරණ නිරීක්ෂණ ආයතනයක් කළ නිරීක්ෂණයකින් මේ මැතිවරණයට අපරාධකාරයො හැටක් ඉන්නව කියල පුවත්පත් වාර්ථාවක දැක්කා. අපි සහතිකයක් දෙනවා ජනතා විමුක්ති පෙරමුණේ ඒ වගේ එකක්වත් නැහැ කියලා.[/alert]

මහින්ද මහත්තයගෙන් ඡන්දය ඉල්ලන කට්ටිය මහියංගනයේදී වැඩ පටන් ගත්තෙ දොස්තර මහත්තෙකුට ගහලා. කඩුවෙල නගර සභාවට ඉල්ලන මහින්ද රාජපක්ෂ මහත්තයගේ අපේක්ෂකයෙක් එයාගෙ අම්ම වෙන කාගෙද රැස්වීමකට ගියා කියල අම්මගෙ කටට පිස්තෝලය තියලා. ඒ නිසා ඡන්දය දෙනකොට පරිස්සම් වෙන්න. අපරාධකාරයො අපරාධකරන්න කටයුතු කරන ඈයො අනිත් ලැයිස්තුවල ඉන්නවා.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට මාසයකට රුපියල් පහලොස්දාහක (රු. 15,0000 දීමනාවක් ලැබෙන්නෙ. අවුරුදු හතරම හිටියොත් ලැබෙන්නෙ රුපියල් හත්ලක්ෂ විසිදාහයි (රු. 720,000). ලක්ෂ හතක් හම්බ කරන්න සමහරු ලක්ෂ දහයක් වියදම් කරනවා. කොන්ත්‍රාත් දෙකක් ගත්තාම දහය හම්බවෙනවා. බඩු බෙදනවා නම් ගන්න. ඡන්දය දෙන්න එපා. ඒ හොරෙක්. වංචා හොර බොරු නැති කෙනෙක් අපේ මන්ත්‍රී හැටියට පත්කරගන්න ඔනෑ. හොදම කෙනා පත්කරගන්නවනම් තේරීම් නැහැ. ඉන්නෙ එකම එක්කෙනයි. ඒ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා විතරයි. හොරුන්ට රට භාර දෙනවා ඊට පස්සෙ අපිට කියනවා හොරු අල්ලන්න කියලා. ඔය සෙල්ලම නවත්තල හොරු එලවමු. හොරු එළවල හොද කණ්ඩායමකට භාර දෙමු. නගරයේ කැළි කසළ ඉවත්කිරීම නගරසභාවේ ප්‍රාදේශීය සභාවේ වැඩක්. නමුත් නගර සභාවට ප්‍රාදේශීය සභාවට කසළ කළමණාකරණය කිරීමේ වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා කුණු ට්‍රැක්ටරයට පටවා ගන්නා කුණු මග හල හලා ගිහින් වතු පුරවනවා. පළාතම ගද ගස්සනවා. කසළ කියන්නෙ සම්පතක්. ඒව වෙන්කරගන්න ශක්තියක් සභාවකට නැහැ. කසළ ප්‍රතිචක්‍රීයකරණය තුළින් ආදායමත් සමග පොහොරත් නගරයේ පිරිසිදුතාවත් තියාගන්න පුලුවන්. අපි තිස්සමහාරාමෙ අවුරුදු අටක් ඕක කළා.

දැන් මේ දවස්වල කතාකරන බැදුමකර වංචාව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා මුලින්ම පාර්ලිමේන්තුවේ දී හෙළිකළා. ඊලගට කෝප් කමිටුවේදි සභාපති සුනිල් හදුන්නෙත්ති සහෝදරයා කිව්ව වංචාවක් වෙලා කියලා. යට ගහන්න කොච්චර උත්සහ කලාද? සමහර එක්සත් ජාතික පාක්ෂිකයන් වංචාවක් වුණේ නැහැ කියල පොත් ලිව්වා. බලන්න ගමේ එක්සත් ජාතික පාක්ෂිකයන් කොහොමද ගමට මුහුණ දෙන්නෙ. ඕක අත්ඇරල අපිත් එක්ක එක් වෙන්න කියලයි අපි කියන්නෙ.

දැන් මහබැංකු වංචාව කළේ එක්සත් ජාතික පාක්ෂයේ ප්‍රචාරක වැඩපිළිවෙල කරගෙන යන්න කියල පැහැදිලියි. බැදුම්කර කොමිසමේ වාර්ථාව එළියට ආවා. ජනාධිපතිට දුන්නා. ජනාධිපති ඒක නීතිපතිට යැව්වා. නීතිපති පත්කළේ මේ ආණ්ඩුවෙන්. නීතිපති ආණ්ඩුවට එරෙහිව කටයුතු කරයිද? ඕකට මොකවත් වෙන්නෙ නැහැ. මම මේක කිව්වෙ දූෂිතයෝ දූෂණ නතර කරන්නෙ නැහැ. හැමෝම එන්නෙ හොරකම් කරන්න. හොරු හොරු එකට ජීවත් වෙන්නේ. හොරු හොරු එකිනෙකාගෙ පිට කසාගන්නවා.

අපි කියන්නෙ හොරකම් නවත්තමු. මුලින් ගමෙන් හොරකම් නවත්තමු. හොරකම් නවත්තන්න පුලුවන් එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ විතරයි. තක්කඩි හොරු මැරයො දේශපාලනඥයො කරන වැඩ පිළිවෙළ ගමෙන් නවත්තමු. ඒක තමයි මේ ඡන්දෙන් අපිට කරන්න පුලුවන් දේ. කොළ නිල් රතු පැත්තකට දාල අපි ලැයිස්තුවෙ හොදකෙනා තෝරමු. හොද කෙනා පත්කරනකොට අනිවාර්යයෙන් පත්වෙන්නෙ ජනතා විමුක්ති පෙරමුණේ අය.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තමන්ට ලැබෙන මන්ත්‍රී වැටුප දීමනාව පෞද්ගලිකව ගන්නෙ නැහැ. ඒක පක්ෂයේ අරමුදලකට බැරකරණවා. ඒ අරමුදලින් ඊට පස්සෙ ජනතා සේවය කරනවා. ගංවතුර වෙලාවෙ සුනාමි වෙලාවෙ ජවිපෙ ඒ අරමුදල් වැය කරල ජනතාවගෙ අවශ්‍යතාවයන් ඉටු කළා. එහෙම පක්ෂයක් හොද නැද්ද? එවැනි පක්ෂයකට ගම ගියොත් ගම හදන්න පුලුවන්. එහෙම පක්ෂයක කෙනෙක් කොට්ඨාසයට තේරුනොත් කොට්ඨාසය හදන්න පුලුවන්. හොරකම් කරන කණ්ඩායම අපි අයින් කරලා හොද කණ්ඩායමක් අපි පත්කරමු.

දැන් බලන්න පානීය ජල ප්‍රශ්නය. ඒක බරපතලයි. අවුරුදු හැත්තෑවක සංවර්ධනයේ ප්‍රතිඵල තමයි සල්ලිවලට වතුර බොන එක. දැන් කොම්පැණි ගමට ඇවිත් සල්ලිවලට වතුර විකුණනවා. වකුගඩු දියවෙයි කියල අපි සල්ලි දීල වතුර ගන්නවා. පානීය ජලය බෙදන එක නගර සභාවක ප්‍රාදේශීය සභාවක වගකීම නෙවෙයිද? ඒ වගකීම අද ඉටු වෙනවද? කොම්පැණි ගන්න මැෂිම ප්‍රාදේශීය සභාව අරගෙන රුපියල් හතරට දෙන වතුර ලීටරය රුපියලට දෙන්න වැඩපිළිවෙලක් හැදුවොත් නරකද? අපිට බලය දුන්නොත් අපි කසල ප්‍රතිචක්‍රීකරණය සහ බොන වතුරටික දෙන ක්‍රමයක් හදනවා. ඇඹිලිපිටිය නගරසභාව සහ ප්‍රාදේශීය සභාව අපිට දෙන්න අපි ඒ දේ කරල පෙන්වන්නම්.

– ලංකා ට්රුත්

Archive

Latest news

Related news