Sunday, May 19, 2024

2021 වනතුරු වසර හයක්ම ජනපති ධූරය ඉල්ලා සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයට ලියයි

2015 ජනවාරි 08 දා ජනාධිපති පදවියට පත් තමාට ඒ වන විට තිබූ ව්‍යාවස්ථාව අනුව වසර 06ක්ම ජනාධිපති පදවිය දැරීමට බාධා කිසිවක් වෙත්දැයි  මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා තිබේ. එමෙනම  මේබව තමාට ජනවාරි 14වන දිනට පෙර දැනුම් දෙන්නැයි ද  සිරිසේන ශ්‍රේෂඨාධිකරණයෙන් ඉල්ලා සිට තිබේ.

මේ බව සදහන් වන්නේ ශ්‍රේෂ්ධාධිකරණයේ රෙජිස්තාර් එම්.එම්.ජයසේකර මහත්මිය විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත යනව ලද ලියුමකිනි. එම ලියුම  යවා ඇත්තේ අගවිනිසුරු විසින් කරන ලද නියෝගයක් අනුවය.

මෙම ප්‍රශ්ණය 2108 ජනවාරි 11 දින සාකච්ජාවට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ( රෙජිස්තාර්වරියගේ ලියුමෙහි දැක්වෙන්නේ 2016 ජනවාරි 11 දින එය විභාගයට ගනු ඇති බවයි!)

19 වන සංසෝධනය අනුව ජනාධිපති ධූරකාලය වසර පහක් පමණක් වන අතර ඒ අනුව සිරිසේනගේ ජනාධිපති ධූරය 2019 දෙසැම්බරයේදී අවසන් විය යුතුය.

දැන් පෙනෙන විදිහට සිරිසේනගේ කලපනාව 2021 දෙසැම්බරය දක්වා එනම් ඊළඟ මහා මැතිවරණය පවත්වා අවසන් වන තුරුත් සිය ධූරයේ සිටීමටය.

රෙජිස්තාර්වරිය විසින් යවන ලද ලිපිය පහත පළවේ.

 

Archive

Latest news

Related news