Tuesday, July 16, 2024

ලසන්ත ඝාතකයින්ට දඩුවම් පැමිණවීම ආණ්ඩුවේ සදාචාරාත්මක යුතුකමක්! – ඇමැති සමරවීර

මංගල සමරවීර විසිනි.

2018 ජනවාරි 08වන දිනට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් භාෂණයේ නිදහසට එරෙහිව කෙරුණු නිහීනතම සාපරාධී සිදුවීම සිදුවී වසර 9ක් ගත වෙනවා. මීට වසර 9කට පෙර උදේ 10.45ට මට වාර්තා වුණා. ශ්‍රී ලංකාවේ නිර්භීතම කතුවරයකු වන සන්ඩේ ලීඩර් පුවත්පතේ මගේමිත්‍ර කර්තෘ ලසන්ත වික්‍රමතුංගව ඔහුගේ කාර්යාලයට යන අතරතුරදී වටකොට පහරදුන් බවට.

ඊට පැය කිහිපයකට පසු ඔහුගේ මරණය සිදුවුණේ ලොව එතෙක් දැනගෙන සිටි ශ්‍රී ලංකාවේ ධෛර්යවන්තම ජනමාධ්‍යවේදියකුගේ මරණයක් ලෙසටයි. මෙම බියසුළු ඝාතනයට පසුව මාධ්‍ය, නීතිඥ වෘත්තිකයින්, සිවිල්සමාජය සහ දේශපාලන විරුද්ධ පාක්ෂිකයින් එකට එකතුවී ඉල්ලා සිටියේ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙසයි. ඔවුන් එම ඝාතනය සිදුකළ පුද්ගලයින්ට ආධාරකළ, පහසුකම් සැපයූ ආරක්ෂාව සැපයූ සියල්ලන්ම හෙළා දැක්කා.

පුරා වසර 6ක් එනම් 2015 ජනවාරි 08 වැනිදා දක්වා ප්‍රතිඵළ රහිතව කටයුතු කළේ ජනතාව. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හවුල් රජයට විශ්වාසය තබමින්, රාජපක්ෂ රෙජීමය පලවා හරින තෙක් ය.

ලසන්ත වික්‍රමතුංගට සාධාරණත්වය ඉටු කිරීමට අපේ සදාචාරාත්මක කාර්යභාරය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදු කෙරෙන ස්වාධීන පොලිස් පරීක්ෂණයක් නියම කලට සිදු කිරීමට හැකියාව ලබාදීමය.

මෙම පරීක්ෂණයන් මේ වන විටත් පසුගිය රෙජිමය විසින් වසාදැමීම සඳහා ‍රැගෙන තිබුණ සංකීර්ණ පියවරයන් අනාවරණය කර තිබෙනවා. නියම මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් මරණයට හේතුව ව්‍යාජ ලෙස සඳහන් කිරීමේ සිට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට වෙනත් තැනකට යොමු කිරීම දක්වාත් ප්‍රධාන සාක්ෂිකරුවාගේ මරණය සහඔහු සැකකරුවා බවට පත්වීමත් ආදී කරුණු අනුව එය වසන් කිරීමට ගත් සියලුම කරුණු පැහැදිලි වෙනවා.

මේ කරුණු මෙසේ තිබියදීත්, කුමන බාධකයක් රජයට පැමිණියත් ලසන්ත ඝාතනය කර ඝාතකයින්ට සහ උදව් උපකාර කරුවන්ට අධි චෝදනා පත්‍ර ගොනු කරන්නටත්, ඔවුන් නීතිය ඉදිරියේ වරදකරුවන් කිරීමටත්, රජය නීතිපති දෙපාර්තමේන්තුවටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය සහය ලබා දෙනවා.

මෙම ගෞරවනීය ණය අපට ගෙවීමට සිදුව ඇත්තේ ලසන්ත වික්‍රමතුංගට හෝ ඔහුගේ පවුලේ අයට පමණක් නොව තම ප්‍රජාතන්ත්‍රවාදී නියමුවෙක් නොමැතිවී ගිය සමස්ත ශ්‍රී ලාංකිකයින්ටත් සමගයි.

අද මා සියලුම ජනමාධ්‍ය ආයතනවලට, නීති වෘත්තිකයින්ට සිවිල් සංවිධානවලින් ඉල්ලා සිටින්නේ අප සමඟ එකතු වී මේ පරීක්ෂණය සිදු කිරීමට පොලිසියට සහය දැක්වීමයි. මෙම අපරාධකරුවන්ට නීතිය ඉදිරියේ අපරාධකරුවන් කිරීම පමණයි ලසන්ත වික්‍රමතුංග ජීවිත පරිත්‍යාගයට ගෞරව කළ හැකි වන්නේ.

Archive

Latest news

Related news