Monday, May 20, 2024

‘මිනිසුන් නිසා නරක් වූ‘ සමරිසි සිංහයන් දෙදෙනා වෙන් කළ යුතුලු – කෙන්යානු නිලධාරීන්

ජායාරූපය: සතුන් අතර සමරිසි ලිංගික ක්‍රියාකාරකම් අමුත්තක් නොවේ.  (credit: Paul Goldstein)

සමරිසි ලිංගික ක්‍රියාකාරකමක යෙදී සිටිනු දුටු සිංහයින් දෙදෙනා සමරිසි මිනිස් යුවලක්   සිය උද්‍යනයෙහි ‘ නරක ලෙස හැසිරෙනු‘  දක්න්නට අැතියි කෙන්යානු නිලදාරියකු කී බව  බ්‍රිතාන්‍ය ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙම සිංහයින් දෙදෙනා එකකු අනෙකා මත නැග සිටිනු ජායාරූපගත කරන ලද්දේ කෙන්යාවේ නිරිතදිග මසායි මාරා අභය භූමියහිදීය.

කෙන්යාවේ චිත්‍රපට වර්ගීකරණමණ්ඩලයේ විධායක නිලධාරී මුතූරා Ezekial Mutua කියා ඇත්තේ මෙ සිංහයින් මිනිස් සමරිසි යුවලක් දැකීමෙන් එම බලපෑමට ලක්වන්නට ඇති බවයි.

සිංහයින් ටෙලිවිෂනය හෝ සිනමා පට බලන්නේ නැති මෙම සිංහයින් දෙදෙනාගේ අද්භූත හැසිරිමට දිය හැකි එකම හේතුව එය බව ඔහු කියා සිටියේය‍.

සමහර විට යක්ෂයින් සතුන්ටත් අරක් ගන්නා බවත් සමහර විට එවැනි හේතුවක් තිබෙන්නට පුලුවන් බවත් ඔහු කියා තිබේ.

මුතූරා කෙනයිවේ කුප්‍රසිද්ධ චරිතයකි. ඔහු සමරිසි ජනයාට විරුද්ධය. ඔහු හැදින්නෙනේ සදාචාර පොලිස්කරයා යන විහිළු නාමයෙනි. ඔහු සමරසි සබඳතා සහිත සිනමා පට තහනම් කර තිබේ. පිරිමි සංහයින් දෙදෙනෙකු ආලයෙන් වෙලීම පුදුමාකාර දෙයක් බවත් එය විමර්ශනය කළ යුතු බවත් ඔහු කියා තිබේ. ඔහු තව දුරටත් කියා ඇත්තේ එම සංහයින් දෙදෙනා පිරිමි සතුම බවට තමාට ජීව දත්ත ප්‍රකාශ සපයන ලෙසයි.

‘ මේ සතුන්ට උපදේශණය අවශ්‍යයි.“ කියා ද ඔහු කියා තිබේ.

මර්වින් සිල්වා සහ විජේදාස රාජපක්ෂ වැනි දේශපාලනයින්ද එවැනිම නිලධාරින්ද සිටින්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොවන බව මෙම වාර්තාවෙන් පෙනේ.

 

Archive

Latest news

Related news