Saturday, April 27, 2024

අෂ්රොප්ගේ මරණයේ විමර්ශන වාර්තාව ජනපති කාර්යාලයෙන් අතුරුදහන්!

2010 වසරෙහි සැප්තැම්බර් 10දා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ආරම්භක නායක එම්.එච්.එම් අෂ්රොෆ් ගමන් කළ හෙලිකොප්ටරය කඳුවැටයකට කඩා වැටී විනාශ වී යැම පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමාසන් සභාවෙහි වාර්තාව ජනාධිපති කාර්යාලයෙන් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ. එම ජනාධිපති කොමිසමට පත් කරන ලද්දේ (හිටපු) විනිසුරු එල්.කේ.ජි. වීරසේකරය‍.

මේ බව හෙළිදරව් වන්නේ පා.ම. නියෝජ්‍ය ඇමැති බශීර් සේගු දාඩුද් විසින් එම කොමිෂන් වාර්තාව ඉල්ලා ජනාධිපති කාර්යාලයට යොමු කරන ලද තොරතුරු දැනගැනීමේ ඉල්ලීම අනුවය. ප්‍රථමයෙන් එම ඉල්ලීම ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පසුව තොරතුරු කොමිෂමට කරන ලද අභියාචනයකින් පසු තොරතුරු කොමිසම ඉදිරියට පැමිණි ජනාධිපති කාර්යාලයේ නීති ලේකම්වරයකු විසින් පවසා ඇත්තේ එම වාර්තාව ජනාධිපති කාර්යාලයේ නැති බවත් එය 2007 වර්ශයේදී  එම වාර්තාව ජාතික ලේඛනාරක්ෂකාගාරයට යවන ලද බවයි. එනම් රාජපක්ෂ ජනාධිපති සමයෙහිදීය.

මෙයට පෙර 2011 මැයි මාසයේදී කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන්ට එල්ල කරන ලද ප්‍රහාරය පිළිබඳ පත් කරන ලද මහානාම තිලකරත්න ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ලබා දීමද ජනාධිපති කාර්යාලය ප්‍රතික්ෂේප කරන ලද අතර එය ලබා ගත හැකි වූයේ තොරතුරු කොමිසමට කරන ලද අභියාචනයකින් පසුවය.

ජනාධිපති සිරිසේන යටතේ ජනාධිපති කාර්යාලය තොරතුරු දැන ගැනීමේ නිදහස අවුරාලන තැනක් බවට පත්ව ඇතැයි මේ පිළිබඳව අදහස් දැක්වූ තොරතුරු නිදහසේ ක්‍රියාකාරිකයකු ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත පවසා සිටියේ ය.

තොරතුරු කොමිසම විසින් සිය වෙබ් අඩවියෙහි දක්වා ඇත්තේ එම වාර්තාව අඩංඟු ලිපි ගොනුව හිස්ව ඇති බව ජාතික ලේඛනාරක්ෂකාගාරයට දන්වා ඇති බවයි.  වාර්තාව දැන් අතුරුදහන් වී තිබේ.

ජනාධිපති කොමිෂන් සභා නිතියට අනුව එවැනි කොමිෂමක් විසින් සිය වාර්තාව ජනාධිපතිවරයාට බාර දී මාස තුනක් ඇතුළත එහි පිටපතක් ජාතික ලේඛනාරක්ෂකාගාරයටට බාර දිය යුතුය.

මෙම මස 20දින  තවදුරටත් පැවැත්වෙන එම විභාගය සඳහා  තොරතුරු කොමිෂම විසින් දැන් ජාතික ලේඛනාරක්ෂකාගාරය කැඳවා තිබේ.

තොරතුරු කොමිසමේ නියෝගය මෙහි දැක්වේ.basheer-segudawood-new (1)

 

 

Archive

Latest news

Related news