Tuesday, July 16, 2024

අහෝ තුට්ටු දෙකට වැටුනු ඩේලි මිරර් මාධ්‍යවේදය

අසෝක ජයවර්ධන විසිනි.

මෙන්ම කළක් කියැවීමට වටිනා පුවත්පතක් ලෙස තිබූ ඩේලි මිරර් පත්‍රය 10දා පළ කර තිබූ පුවතක් විසින් තුච්ච ලෙස ජනමාධ්‍ය ආචාර ධර්ම පමණක් නොව වෛද්‍ය ආචාර ධර්මද කෙළෙසා තිබේ. මෙවැනි වාර්තාකරණ්‍ය අයත් වන්නේ ජනමාධ්‍යවේදියට නොව ජඩ මාධ්‍යවේදයටය. මෙම පුවත්පත අයත් වන්නේ අගමැති වික්‍රමසිංහගේ ඥාතින්ට වන අතර එය දැන් පාලනය කරන්නේ අමාත්‍ය රුවන් විජේවර්ධනගේ සහෝදරයා විසිනි.

එම ජඩ මාධ්‍යවේදී පුවතෙහි කෙටි සාරාංශය මෙසේය:

‘කාමුක අයකු දෙසතියකට පෙර මහ රෝහලෙහි ලිංගාශිත රෝග ඒකකයට පැමිණියේය.

(වෛද්‍යවරයා කතා බහෙන් පසු) ඇයට වැළදී ඇත්තේ දරුණු ලිංගිකරෝගයක් බව දැනගත වෛද්‍යවරයා ඇයගේ ලිංගික ජීවිතය ගැන ප්‍රශ්ණ කරන්නට පටන් ගත්තේය. සිය රෝගයේ බරපතලකම තේරුම් ගත් ඇය ලැජ්ජාට අතහැර ඇය ලිංගිකව සබඳතා පැවැත් වූ සියලු දෙනාගේ නම් ලබා දුන්නාය. ඒ අතර ප්‍රසිද්ධ සිනමා නළුවන්ද ප්‍රධාන පෙලේ ව්‍යපාරිකයින්ද විය.

ප්‍රසිද්ධ දේශපාලනඥයින්ද ඇයගේ ලිංගික සහකරුවන්ව දැයි වෛද්‍යවරයා විසින්  විමසන ලදුව ඇය ප්‍රධාන පක්ෂයක ප්‍රධාන පුරෝහිත කෙනෙකුගේ නම සඳහන් කළාය.‘

ඉන්පසු ජේදයෙහි මේ ජඩ මාධ්‍ය වාර්තාව එම දේශපාලනඥයා හඳුනා ගත හැකි විස්තරයක් ඉදිරිපත් කරයි.

එපමණක් නොව පුවතට යොදා ඇති කාටුනයෙහි එච්.අයි.වී යන්න යොදා තිබීමෙන් පෙන්නුම් කැරෙන්නේ ඇයට එම රෝගය වැළදී තිබණු බවය. මෙම කාටූනය ද ආචාර ධර්ම විරෝධී ය. එය අනවශ්‍ය ලෙස එච්.අයි.වී. රෝගය පුවතට සම්බන්ධ කරයි.

ඩේලි මිරර් කතුවරයාද එහි හිමිකරුවාද පාර්ශවකරුවන් වන ශ්‍රී ලංකා පුවත් පත් පැමිණිළි කොමිසම පිළිගෙන ඇති ජන මාධ්‍ය ආචාර ධර්ම පද්දතිය මෙසේ සඳහන් කරයි.

7. පෞද්ගලිකත්වය

7.1 පුද්ගලයන්ගේ පෞද්ගලික හා පවුල් ජීවිත ඔවුන්ගේ ගේ-දොර, සෞඛ්‍යය හා සහසම්බන්ධතා ද සංඛ්‍යාංක සන්නිවේදනය කෙරෙහි ගෞරවයක් දැක්වීමෙහිලා පුවත්පත් විශේෂ සැලැකිල්ලකින් ක්‍රියා කළ යුත්තේය. පෞද්ගලිකත්වයට ඇති මේ අයිතිය අදාල පුද්ගලයන්ගේ කැමැත්තෙන් තොරව ආක්‍රමණය කිරීම සාධාරණීකරණය කළ හැක්කේ පොදුජන සුබ සිද්ධිය ඒ සියල්ල ඉක්මවා යන්නේ නම් පමණකි.

7.5 පෞද්ලිකත්වය ආක්‍රමණය කිරීමට එරෙහි තහංචි: රෝහල්වල හෝ සමාන වෙනත් ආයතනවල හෝ සිටින පුද්ගලයන් පිළ වන්නේ එය පොදුජන සුබ සිද්ධිය පිණිස වන්නේ නම් පමණි.
මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම ආචාරධර්ම විරෝධීය. ලිංගික කාරණා සම්බන්ධයෙන් පුද්ගලයින හදුනාගත හැකි ලෙස වාර්තා කිරීම වරදකි. එපමණක් නොව වඩාත් බරපතල වන්නේ වෛද්‍යවරයකු විසින් නොකළ යුතු හෙළිදරව් කිරීම් ගණනාවක්ම එකී වාර්තාවට ඇතුළත් විමයි.

මෙම තොරතුරු ලබා දුන් වෛද්‍යවරයා පුද්ගලයකුගේ රෝග විනිශ්චයන් ප්‍රසිද්ධ නොකළ යුතුය යන ආචාර ධර්මය බිද දමා ඇතිවා පමණක් නොව ඇය සමඟ ලංගිකව හැසිරුණ බව කියන පුද්ගලයින් හදුනාගත හැකි තොරතුරුද ඉදරිපත් කරයි.

මෙම වෛද්‍යවරයා කොලඹ මහ රෝහලෙහි ලිංගාශිත ඒකකයේ සේවය කරන අයෙක් විය යුතුය. එබැවින් ඔහු කර ඇති මෙම වෛද්‍ය ආචාර ධර්ම කඩ කිරීම ගැන වෛද්‍ය සභාව විසින් සොයා බැලිය යුතුය.

ඩේලි මිරර් කතුවරයාට සහ එහි අයිතිකරුවන විජේවර්ධනටද මෙම ජඩ මාධ්‍ය වාර්තාව ගැන පැමිණිළි කළ යුතුය. එමෙන්ම ශ්‍රී ලංකා පුවත්පත් කොමාසමටද මෙම ප්‍රශ්ණයට මැදිහත් විය හැකිය.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධන වලටද මෙහිලා කාර්යක් පැවැරේ.

Archive

Latest news

Related news