Tuesday, July 16, 2024

අධිකරණය සහ බන්ධනාගාරය හරහා දිවුලපිටිය පොලීසිය ගත් දෙවන බිල්ල

අසරණ මිනිසකු පොලීසියට  ගෙන ගොස් පහරදී අධිකරණය හමුවට ඉදිරිපත් කල විට අධිකරණය පොලීසිය පැත්ත ගත් සැටිද තුවාල පිටින්ම බන්ධානාගාරගත කළ විට බන්රධනාගාර නිලධාරීන්ද පොලීසියට අවශ්‍ය පරිදි ඒ පුද්ගලයා රොහල් ගත නොකළ සැටිද මෙම සිදිධිය අපට පෙන්වාලයි. සිරගතවන දේශපාලනඥයින් වහාම රෝහල් ගත කර සැප දෙන ශ්‍රී ලංකාවේ බන්ධනාගර සමාන්‍ය මිනිසාට සළකන්නේ කෙසේද කිය මෙමගින් පෙනේ.  මෙරට  අධිකරණය, පොලීසිය සහ බන්ධනාගර යන  ආයතන සැබෑ ප්‍රතාසංස්කරණකට ලක් නොකර මෙරට ප්‍රජාත්න්ත්‍රවාදය පිහිටුවිය හැකිද යන ප්‍රශ්ණය මෙම සිදුවීම විසින්ද යළි ඉස්මතු කරයි.

ප්‍රසංග ප්‍රනාන්දු විසිනි.

නයිවල අප්පුහාමිලාගේ ගාමිණි එඩ්වඩ්  50  වියැති දෙදරු පියෙක්  විය. ඔහුගේ රැකියාව වූයේ පොල්වත්තක් මුර කිරීමයි.

2017/10/02 වන දින අලුයම 2ට පමන දිවුලපිටිය පොලිසිය ගාමිණි එඩ්වට් සොයා යන්නේ හුනුමුල්ල පිහිටි ගාමිණිගේ නිවසට සීඩී යන්ත්‍රයක් සොරකම් කලායැයි යන චෝදනාවකට අත්අඩංගුවට ගැනීමටය.

ගාමිනි වසර 39 ක්ම එක දිගටම විදෙස් කාන්තාවකට අයිති වත්තක මුරසේවයේ යෙදුන පුද්ගලයෙකි.

එම කාලය තුල එම බංගලාවේ නැතිවු විවිධ දේවල් පොලිසියටත් කලින්ම සොරුන් අල්ලා නැතිවු භාන්ඩ  බංගලාවට ලබාදුන් සේවකයෙකිග  ගාමිණිගේ ගුණයහපත් චරිතය ගැන ගම්වාසිහු සාක්ෂි දරති.

ඔක්ටතා්බර් 2 වන දින අළුයම ගාමිනිව ජීප් රථ දෙකකින් කුදලාගෙන දිවුල පිටිය පොලීසියට ගියේ මහා අපරාධ කරුවෙක් කුදලාගෙන යන අයුරින්ය.

පසුදින උදැසන ගාමිනිගේ සහෝදරයන් සහ ගම් වාසින් ගාමිණි බැලීමට දිවුලපිටිය පොලිසියට ගිය අවස්ථාවේදී ගාමිණි පොලිස් කුඩුවේ සිටි ඇති අතර ඔහුගේ සුවදුක් බැලීමට ගිය ගම්වාසින්ට ගාමිණි පවසා ඇත්තේ පැය භාගයකට ගාමිනිව එලියට ගන්න. එවිට ⁣බඩුයි හොරුයි සොයාගනිමට හැකි බවයි. ගාමිණි එසේ පවසන්නේ ගාමිනි ඔහුගේ ගමේ හතර මායිම් දන්න නිසයි.

දෙවැනි විකල්පය හැටියට ගාමිණි යෝජනා කලේ ගාමිණිගේ ගෙදර ඔහුට අයත් සීඩි යන්ත්‍රය බංගලාවට දී හෝ ඔහුව නිදහස් කරගන්න ලෙසයි. ගාමිණි පොලිසියට සහ පොලීසියේ වධහිංසාවන්වලට දරුනු ලෙස බිය පුද්ගලයෙකි. ඒ බව තහවුරු වන ආකාරයේ කතාන්දර ගම්වාසින් මා හට පැහැදිලි කල අතර ඒ නිසාම ඔහු සමාජයේ සාධාරණ ලෙස ජිවත් වුන පුද්ගලයෙක් බව පෙනේ.

එදින ගාමිණි බැලමට දිවුලපිටිය පොලිසියට ගිය ඥාතින්ට ඉතා නින්දිත ලෙස බැන වදින්නේ දිවුල පිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති වන සමන් ප්‍රියන්තය. ඔහු පවසන්නේ අපි මේ යුනිෆෝම් ඇන්දෙ අන්නසි වතුවල වැඩ කරන්න නෙවෙයි හොරු අල්ලන්නයි කියාය. අද රැට බලා ගන්න පුලුවන් හොරු කවුද කියල කියමින්  ඔහු පිටව ගොස් ඇත.

එදින රාත්‍රියේ මත් පැනින් සප්පායම් වී එම තිරිසන් නිලධාරින් ගාමිනිහට ඉතා කෘාර ලෙස වධහිංසා කර ඇත.

ඒබව තහවුරු වුයේ පසුදින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට යාමේදි කලින් දවසේ සිිටි නිලධාරියා ගාමිණිට වධහිංසා කල බව සහෝදරයාට පැවසීමෙනි.

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය වන තිලිනි චතුරන්ති මහත්මියට ගාමිණිගේ නිතිඥවරයා ගාමිනිට පොලිසියෙන් පහරදී ඇති බවත් ඔහුට හොදටම අමාරු බවද අධිකරණයට පැවසුවද. ගාමිණිව අධිකරණ වෙවද්‍යවරයාට ඉදිරිපත් නොකර බන්ධනාගාර ගත කරන ලද.

බන්නාධගාර නිලධාරීන්ටද තමාට පොලීසිය පහර දුන් බව පැවසූවද බන්නාධගාරයද  ඔහුට  සළකා ඇත්තේ සාමාන්‍ය රෝගියෙකු ලෙස ය.

පසුදින ගාමිනි ජීවිතයෙන් සමුගෙන ඇත. අධිකරණ වෛද්‍ය වරයාගේ නිගමනයට අනුව තැලුම් තුවාල 29 සහ ඉල ඇට කිහිපක් ද දකුනතේ ඇඟිලි පහම කඩා ඇති බවත් වෘශණ කෝශ දෙකටද බරපතල හානි කර  තිබේ.

(මුහුණු පොතෙන් සකස් කරන ලදී)

Archive

Latest news

Related news