Thursday, November 21, 2024

පොලිස් කොමිසමේ බලතල ද පවරා ගැනීමට තැනෙන පීසීඅයිඩීය ගැටුළු සහගතයි – ආසියානු මානව හිමිකම් කොමිසම

ජායාරූපය; පසුගිය 10දින කොලඹ පැවැති ශිෂ්‍ය උද්ඝෝෂණකට පහර දීමට යකඩ පොලු රුගත් පොලිස් නිලධාරීහු පැමිණියහ. ( ජායාරෑපය @vikalpa)

ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා විසින් නිකුත් කොට ඇති පොදු පැමිණිලි විභාග කිරීම් සම්බන්ධයෙන් රීති හා ක්‍රියාපටිපාටිය, 2017 (The Rules and Procedure (Public Complains Investigations, 2017)- පිළිබඳ කරුණු දැක්වීමක්.

ඉහතකී කෙටුම්පත සම්බන්ධයෙන් සිදුකරණු ලබන කරුනු දැක්වීමකි. ඉහත සඳහන් කෙටුම්පතේ රීතීන්ට අනුව ඕනෑම අගතියටපත් පුද්ගලයෙකුට හෝ එම පුද්ගලයෙකු විසින් බලය පැවරූ තැනැත්තෙකුට පොලිස් නිලධාරියෙකු හෝ පොලිස් සේවය විසින් ඔවුන්ගේ නිල කටයුතු වලදී සිදුවු ක්‍රියාවක් සම්බන්ධයෙන් පොදු පැමිණිලි පරීක්ෂණ අංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඒ සඳහා සහන ඉල්ලා සිටිය හැකිය. මෙම අංශය පී සී අයි ඞී යනු වෙන් කෙටියෙන් හදුන්වනුු ලබයි.

1. අපරාධ පිළිබඳව හා අපරාධ නොවන වැරදි පිළිබඳ පරීක්ෂණ වෙන් වෙන්ව නොසැළකීම මගින් පොලිස් නිලධාරීන් විසින් කරණු ලබන අපරාධ වෙනත් රටවැසියන් විසින් කරන අපරාධ වලට වඩා අඩු මට්ටමකින් සැළකීම

ඉහත සඳහන් කෙටුම්පත පරීක්ෂා කිරීමේ දී ඒ සම්බන්ධයෙන් ඉතා ගැටලූ සහගත තත්ත්වයන් ගණනාවක් පවතින බව පෙනීයයි. මෙම ගැටලූ පහත සඳහන් ආකාරයෙන් දළ වශයෙන් සඳහන් කල හැකිය.

1. පොලිස් නිලධාරින්ට විරුද්ධව ලැබෙන පැමිණිලි විවිධාකාර විය හැකිය. එම පැමිණිලිවලින් සමහරක් ලංකාවේ දැනට පවතින දණ්ඩ නීතියට අනුව අපරාධ යන ගණයට වැටේ. උදාහරණ වශයෙන් යම් තැනැත්තෙකුට වදහිංසා කිරීම 1994 අංක 22 දරන පනත යටතේ අපරාධයක් වශයෙන් නිර්වචනය කොට ඇත. එමෙන්ම පොලිස් ස්ථානයකදී සිදුවිය හැකි මිනිස් ඝාතන ද ලංකාවේ දණ්ඩ නීතිය යටතේ බරපතල අපරාධ ගණයට වැටේ. පොලිසිය විසින් අල්ලස් ගැනීම් හෝ වෙනත් ආකාරයක දූෂණ ලංකාවේ වංචාව හා දූෂණය යන ගණයට අයිතිවන අපරාධයන්ය. පොලිස් ස්ථානයක් තුළදී කාන්තාවක් සම්බන්ධයෙන් හෝ වෙනත් අයෙකු සම්බන්ධයෙන් ලිංගිකව කරන වැරදි ද ලංකාවේ නීතිය යටතේ අපරාධ වශයෙන් සළකණු ලබයි. මෙම අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂවණ පැවැත්වීම ලංකාවේ අපරාධ නඩු විධිවිධාන සංගරමෙමහයේ සඳහන් නීතියට අනුකූලව සිදුකල යුතු වේ. ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ සම්බන්ධයෙන් මතුවන පලමුවන ගැටලූව නම් යෝජිත පීසීඅයිඞී ඒකකයට ඉහත සඳහන් අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ විධිවිධාන නොතකා හෝ ඒවාට පටහැනිව සිය පරීක්ෂරණ කල හැකිද යන්නය. මෙය බරපතල ගැටලූවකි. මන්ද යත් අපරාධ සම්බන්ධයෙන් ලංකාවේ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයට පිටින් කටයුතු කිරීමට පීසීඅයිඞී ඒකකයට හැකි නම් එයින් සිදුවිය හැකි බරපතල අගතිය වන්නේ පොලිස් නිලධාරීන් විසින් සිදුකරනු ලබන අපරාධ ලංකාවේ වෙනත් රටවැසියන් විසින් කරණු ලබන අපරාධ වලට වෙනස් ආකාරයකින් සලකා කටයුතු කිරීමේ හැකියාවක් නිර්මාණය වීමය. උදාහරණ වශයෙන් වදහිංසාවක් ලිංගික අපරාධයක් ඝාතනයක් හෝ වෙනත් අපරාධයක් සම්බන්ධයෙන් පීසීඅයිඞී ආයතනයට හුදෙක් සමථ මණ්ඩලයක ආකාරයට ක්‍රියා කරමින් එම අපරාධ පිළිබඳව පරීක්ෂරණ පැවැත්වීම යටපත් කර දැමිය හැකිය. එමෙන්ම එම අපරාධ හුදු සිවිල් පරීක්ෂණන් සේ සළකා කටයුතු කිරීමට ද පීසීඅයිඞී ඒකකයට ඉඩකඩ ලැබේ. මේ මගින් රටේ නීතිය යටතේ අපරාධ යනුවෙන් සළකණු ලබන ක්‍රියා අපරාධ වශයෙන් නොසලකා වෙනත් ආකාරයකින් කටයුතු කිරීමේ හැකියාව නිර්මාණය වේ. අතීතයේ දී ඉහළ පෙලේ පොලිස් නිලධාරීන් විසින් සිදුකල පරීක්ෂණ වලදීත් මෙසේ කටයුතු කොට බොහෝ අපරාධ පිළිබඳ පරීක්ෂණ යටපත් කිරීම සම්බන්ධයෙන් දීර්ඝකාලීන ඉතිහාසයක් ඇත.

මෙය වළක්වාගත හැක්කේ යම් පුද්ගලයෙකු විසින් කරණු ලබන පැමිණිල්ලක් අපරාධ ගණයට වැටේනම් එය මුලින්ම අපරාධයක් සේ සළකා අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ පවතින නීතියට අනුව කටයුතු කිරීම සඳහා අදාල නිලධාරීන් විසින් අදාල නීතියට අනුව කටයුතු කිරීමෙනි. මේ අනුව පීසීීඅයිඞීය විසින් පරීක්ෂීණ පැවැත්විය යුතු වන්නේ පොලිස් නිලධාරීන් හෝ පොලීස් සේවය විසින් කරණු ලබන අපරාධ ගණනයට නොවැටෙන වැරදි සම්බන්ධයෙන් පමණක් පරීක්ෂමණ පවත්වා සහණ ලබාදීම පමණකි. ඉතා පැහැදිලිව අපරාධ ගණයට වැටෙන පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂයණ පැවැත්වීමේ බලය පීසීඅයිඞී ආයතනයට අදාල නොවන කටයුත්තක් සේ සඳහන් කරමින් මෙම කෙටුම් පත සංශෝදනය කල යුතු ඇත. එසේ නොකල හොත් අදාල පීසීඅයිඞී පරීක්ෂවණ අපරාධ යටපත් කිරීම ස`දහා යොදවා ගැනීම තවදුරටත් කෙරීගෙන යෑමේ අවධානම බරපතල ලෙස පවතී.

2. පැමිණිලි පිළිබඳ පරීක්ෂාණ හා එම පැමිණිලි පිළිබඳ තීන්දු එකම කණ්ඩායමක් විසින් කිරීම

වරදක් පිළිබඳව පරීක්ෂතණ පැවැත්වීම එකකි. කරණ ලද පරීක්ෂණය මත සොයාගත් කරුණු මත අවසාන නිගමනයකට පැමිණිම වෙනත් කාර්යයකි. උදාහරණයක් වශයෙන් අපරාධ නීතිය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම පොලීසියටත් ඒවා පිළිබඳව නඩු පැවරීම නීතිපතිවරයාටත් ඒවා පිළිබඳව අවසාන නිගමනයක් කරා යෑම අධිකරණයටත් පැවරෙන වෙන වෙනම කාර්යයන් වේ. මෙසේ වෙනත් අවස්ථා වලදී වෙනස් ආකාරවලින් නිගමන වලට පැමිණිය යුතු අතර ඒ අවස්ථා අනුව එම කටයුත්තේ යෙදෙන පුද්ගලයන්ගේ ද සුදුසුකම් වෙනස් වේ. මෙම වෙනස පීසීඅයිඞී ඒකකය මගින් කෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් කුමන ආකාරයකින් සිදුකරන්නේ ද යන්න පිළිබඳව යෝජිත සංශෝදන වල කිසිම සඳහනක් කොට නැත.

සාමාන්‍ය යෙන් ජාතික පොලිස් කොමිසන් සභාව මෙතෙක් කර ඇති පරීක්ෂණ දෙස බලන කල පෙනී යන්නේ ඒවා බොහෝ දුරට සිදුකරන්නේ පොලිසියේ ඉහළ තනතුරු දැරූ විශ්‍රාමලත් පොලිස් නිලධාරීන් විසින් බවය. ඔවුන් මෙය බොහෝ දුරට කරන්නේ අදාල  පෙදෙස්හි  සහකාර පොලිස් අධිකාරීවරයා වෙත පරීක්ෂණ කාර්යය භාරදීම මගිනි. ඔහු විසින් ගන්නා නිගමන සනාථ කරමින් පොලිස් කොමිසම සිය තීන්දු  ප්‍රකාශයට පත්කරයි. මෙය සාවද්‍ය  ක්‍රියාදාමයකි. ඉහළ පොලිස් නිලධාරීන් තමන් යටතේ සිටිනා පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය අපක්ෂිපාතීත්වය ඇත්තන් නොවේ. මේ නිසා එවැනි පරීක්ෂණ වලින් මෙතෙක් කල් සිදුවී ඇත්තේ පැමිණිලි යටපත් කිරීම හෝ නැතහොත් පැමිණිල්ල පිළිබඳව සමාදානයක් කිරීම සඳහා පැමිණිලිකාරයාට බලපෑම් කිරීමය. පීසීඅයිඞී විමර්ශන ඉහත සඳහන් වර්ගයේ ‘විමර්ශනවලින්’ වෙනස් වන්නේ කෙසේද? මෙය මෙම යෝජිත කෙටුම්පත මගින් ඉතා පැහැදිලිව ප්‍රකාශයට පත්කල යුතුව ඇත. පැමිණිලි පරීක්ෂා කිරීමේ අපක්ෂපාතීත්වය ආරක්ෂා් වන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලිව ප්‍රකාශයට පත්කල යුතුව ඇත. එමෙන්ම කරන ලද පරීක්ෂාණය මත පදනම් වී ඉන්පසු අවධියේ කෙරෙන කටයුතු මොනවාද යන්නද පැහැදිලි කල යුතුය. එමෙන්ම මේවා කරන්නේ ඒවා කිරීමට කුමන සුදුසුකම් ඇති පුද්ගලයන් විසින්ද යන්නද පැහැදිලිව ප්‍රකාශයට පත්කල යුතුය. එසේ නැතහොත් සිදුවන්නේ පරීක්ෂණ කිරීමක් නොව, පරීක්ෂණ යටපත් කිරීමක් පමණි.

පොලිස් චන්ඩි!

3.පොලිස් නිලධාරීන්ට විරුද්ධව කරන පැමිණිලි හා පොලිස් සේවය සම්බන්ධයෙන් කෙරෙන පැමිණිලි

පොලිස් නිලධාරීන්ට විරුද්ධව කරන පැමිණිලි හා පොලිස් සේවය සම්බන්ධයෙන් කෙරෙන පැමිණිලි සම්බන්ධයෙන් අදාල පරීක්ෂනණ කෙරෙන්නේ කුමන ආකාරවලින්ද යන්න ද කෙටුම්පත තුළින් ප්‍රකාශයට පත්නොවේ. මෙය උදාහරණයකින් පැහැදිලි කල හැකිය. පොලිස් නිලධාරියෙකු විසින් යම් තැනැත්තෙකුට වදහිංසා කලාය යන්න එක් නිලධාරියෙකුට හෝ නිලධාරීන් කණ්ඩායමකට විරුද්ධව කරන පැමිණිල්ලකි. ලංකාවේ පොලිස් සේවය තුළ සහකාර පොලිස් අධිකාරීවරුන් වදහිංසාවට අනුබල දෙන ආකාරයෙන් කටයුතු කරනවාය යන්න, පොලිස් සේවය සම්බන්ධයෙන් කරණු ලබන පැමිණිල්ලකි. මේ දෙක සම්බන්ධයෙන් කරණු ලබන පරීක්ෂණ හෝ විමර්ශණ එකම ආකාරයකින් කල හැක්කේ නැත. නිලධාරියෙකුට විරුද්ධව කෙරෙන පරීක්ෂ්ණ හා පොලිස් ආයතනය තුළ පවතින වැරදි පිළිබඳ කරණු ලබන පරීක්ෂණ එකිනෙකට හාත්පසින්ම වෙනස් ඒවා වේ. ආයතනයට විරුද්ධව කරනු ලබන පරීක්ෂණ ගැන විමර්ශණ සිදුකල යුතු වන්නේ එසේ කිරීම සඳහා සුදුසුකම් ඇති හා එසේ කිරීමේ දී අපක්ෂපාතීව ක්‍රියා කරනවා ඇතැයි බලාපොරොත්තු විය හැකි අය මගින්ය. ආයතනයට විරුද්ධව කරන පැමිණිලි පරීක්ෂා කිරීමේ දී ආයතන ක්‍රියාකරන ආකාරය පිළිබඳ දැනීම සමාජ විද්‍යාව පිළිබඳව හා දේශපාලනමය විද්‍යාවන් පිළිබඳ දැනීම මෙන්ම තුලනාත්මකව සමාජ ප්‍රශ්ණයක් සාකච්චාවට භාජනය කල හැකි ආකාරයකින් කටයුතු කිරීමේ හැකියාව පැවතිය යුතුය. මේ පිළිබඳව කිසියම්ම හෝ සැළකිල්ලක් යෝජිත කෙටුම්පත මගින් ප්‍රකාශයට පත්වී නැත.

ඉහත සඳහන් කර ඇත්තේ පැමිණිලි විභාග කිරීම සම්බන්ධයෙන් ක්‍රියා පරිපාටිය ගැන සකස්කර ඇති කෙටුම්පතෙහි ඇති යම් මුලික අඩුපාඩුකම් පිළිබඳව කෙටි සටහනකි. මෙම කෙටුම් පත අප දන්නා තරමට සිංහලෙන් හෝ දෙමළෙන් පරිවර්ථනය කොට ඉදිරිපත් කොට නැත. මේ නිසාවටම මේ පිළිබඳව සාකච්චාවට සහභාගී වීමේ අවස්ථාව රටේ වැඩි කණ්ඩායමකට හිමි නොවේ. රටේ ඉතාමත්ම වැදගත් සංස්ථාවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මෙම කෙටුම්පත පිළිබඳව පළල් සාකච්චාවක් අවශ්‍ය වේ. එවැනි සාකච්චාවකට අදාලවන මූලික කරුණු සමහරක් පමණක් මෙම ලේඛණයේ සඳහන් වේ. සාකච්චා අවස්ථාවේ දී වඩා පුඵල් කරුණු දැක්වීමක් කිරීමට බලාපොරොත්තු වෙමි. රටේ සියලූ ජනතාවටත් විශේෂයෙන්ම සිවිල් සමාජයේ ක්‍රියා කණ්ඩායම් වලටත් මේ පිළිබඳව සාකච්චාව සඳහා වැඩි කාලයක් අවශ්යෙ බව අපගේ මතයය.

පොලිස්පතිගේ භාවනාව කාටුන් ශිල්පියකුගේ ඇසින්

යෝජිත කෙටුම්පතේ සඳහන ප්‍රධාන කරුණු

1. ඉහත සඳහන් පැමිණිලි සම්බන්ධයෙන් විභාග කිරීම ජාතික පොලිස් කොමිසම විසින් හෝ එම කොමිසමේ ලේකම් හෝ අධ්‍යක්ෂකවරයකුගේ නිරීක්ෂණ යටතේ කරණු ලබයි. එසේ කරණු ලබන්නේ පී සී අයි ඞී ඒකකය මගින් හෝ එහි අතිරේක අධ්‍යක්ෂක හෝ  ප්‍රාදේශී්‍ය නිලධාරියෙකු විසින් හෝ කොමිසන් සභාව විසින් පත්කරණු ලබන වෙනත් නිලධාරියෙකු විසින් කරණු ලබයි.

2. මේ සඳහා එවා ඇති පැමිණිලි ලැබුණු බවට අදාල නිලධාරීන් විසින් එසේ ලැබී සතියක් ඇතුලත දී පැමිණිල්ල කල අයට දැනුම් දිය යුතුව ඇත.

ජාතික පොලිස් කොමිසම පැමිණිලි විභාග කිරීම පිළිබඳ කොමිසම සතු බලය මෙම පී සී අයි ඞී අංශය වෙත පවරා දෙනු ලබයි. ජාතික පොලිස් කොමිසම පරීක්ෂණ පැවැත්වීම සඳහා ස්වාධීන පරීක්ෂසකයන්ට හෝ පරීක්ෂණ කණ්ඩායම් වලට බලය පැවරිය හැකි අතර එසේ බලය පැවරූ තැනැත්තන් ඔවුන්ගේ  පරීක්ෂාකිරීම පීසීඅයිඞී අංශයේ අධීක්ෂසණය යටතේ කල යුතුය.

3. ජාතික පොලිස් කොමිසම විසින් පීසීඅයිඞී අධ්‍යක්ෂකවරයාට හෝ අදාල වෙනත් අයට පොලිස් නිලධාරීයෙකුට හෝ පොලිස් සේවයට විරුද්ධව කර ඇති පැමිණිලි පරීක්ෂා කිරීම සඳහා ඕනෑම පොලිස් ස්ථානයකට ඇතුලූවී පරීක්ෂාව කොට අවශ්‍ය පුද්ගලයන්ගෙන් ප්‍රශ්ණ කිරීමටත් අදාල ලේඛණ පරීක්ෂා කිරීමටත් බලය පැවරිය හැකිය. ඕනෑම තරාතිරමක පොලිස් නිලධාරියෙකු විසින්ම පීසීඅයිඞී අංශයේ පරීක්ෂවණ වලට සහයෝගය දැක්විය යුතු අතර යම් හේතුවක් නිසා පීසීඅයිඞී අංශය විසින් ඉල්ලා සිටින තොරතුරු ලබාදීමට නොහැකි තත්ත්වයක් ඇතොත් ඒ බව සති දෙකක් ඇතුලත දී දැනම් දිය යුතුය.

4. ජාතික පොලිස් කොමිසන් සභාව හා පීසීඅයිඞී අංශය මගින් පැමිණිල්ලක් ලැබී මාස තුනක් ඇතුලත එම පැමිණිල්ල විභාග කර අවසන්කර ඒ පිළිබඳ නිර්දේශ මාස තුනක් ඇතුලත දී දැනුම් දීම සඳහා සියලූම ප්‍රයත්න දරනු ඇත. පැමිණිලිකරුට පැමිණිල්ල සම්බන්ධයෙන් විභාගයේ  ප්‍රගතිය දැනගැනීම සඳහා ඉල්ලීම් ඕනෑම අවස්ථාවක කල හැකි අතර ඒසඳහා එස් එම් එස්, ඊමේල්, ලිපි හෝ පුද්ගලිකව පැමිණ ඉල්ලාසිටීම් ආදිය කල හැකිය.

5. පැමිණිල්ල පිළිබඳ පරීක්ෂණයෙ මුල් තීරණ සම්බන්ධයෙන් පැමිණිලිකරු සෑහීමකට පත්නොවේ නම් මේ පිළිබඳව නැවත පරීක්ෂාල කිරීමට ඉල්ලීමක් කල හැකිය. එසේ නැවත පරීක්ෂාය කිරීමේ දී කරණු ලබන තීන්දුව අවසාන තීන්දුව වේ.

6. මෙම පරීක්ණ‍ෙ සම්බන්ධයෙන් අනුගමනය කල යුතු ක්‍රියා පටිපාටිය සම්බන්ධව පැහැදිලි නිර්දේශයක් නැති අවස්ථාවක දී සුදුසු  ක්‍රියාපරිපාටියක් කොමිසන් සභාව විසින් අනුගමනය කල හැකිය.

7. අගතියට පත් පාර්ශවය වශයෙන් පොලිස් නිලධාරියෙකු හෝ පොලිස් සේවය විසින් කරණු ලබන ක්‍රියාවක වින්දිතයෙකු අදහස් කරණු ලබයි. ලබාදිය හැකි සහන සම්බන්ධයෙන් නීත්‍යනකූලව ලබාදිය හැකි සහන ඇඟවේ.

( ආසියානු මානව හිමිකම් කොමිසම මගිනි)

Archive

Latest news

Related news