Saturday, May 4, 2024

වැලිකඩ ඝාතන: තවත් ඇසින් දුටු තවත් සාක්ෂිකරුවෙක් ලැහැස්තියි!

ජායාරූපය: ඝාතනය කල සැකකරුවෙක්.

2012 නොවැම්බර් 10දා වැලිකඩ බන්ධනාගාරයෙහි දී සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීම ඇසින් දුටු තවත් අයකු නිසි අධිකරණ පරීක්ෂණයක් සිදු කැරෛන්නේ නම් තමා සාක්ෂි දීමට සූදානම් බව කියා සිටී.මේ වන විට රටින් පිට ජීවත්වන ඔහු හේවදලුගොඩගේ සහන් ශ්‍රී නම් වෙයි.

2007 වසරෙහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංඟුවට ගන්නා ලද සහන් ශ්‍රී වසර හතකට පසු නඩු නොපවරා නිදහස් කරන ලදී.

තමා ඇසින් දුටු සිදුවීම පිළිබඳ දීර්ඝ විස්තරයක් ඔහු සන්ඩේ ලිඩර් පුවත්පතට සපයා තිබේ. ඔහුගේ විස්තරය මේවන විට හෙළිදරව් වී ඇති අනෙක් සාක්ෂි සහ විස්තර සමඟ ගැළපෙයි.
තමා නන්දිමාල් සමඟ එක්වී බන්ධනාගාර කොමසාරස්වරයා ලවා සිරකරුවන්ට කතා කරවූ බවත් ඒ වන විට එල්ලවෙමින් පැවැති කදුළු ගෑස් ප්‍රහාර නතර කරන බවට කොමසාරිස්වරයා පොරොන්දු වූ අන්දමත් ඔහු විස්තර කරයි.

තමා සහ නන්දිමාල් වාඩිවී සිටි මේසය යට සැඟවී සිටි කලු තුෂාර හමුදා භටයන් විසින් ඇඳගෙන ගොස් මරා දැමූ අන්දමද තමා ඇසින් දුටු බව සහන් ශ්‍රී ප්‍රකාශ කරයි.

මෙතරම් පැහැදිළි සාක්ෂි තිබියදී ආණ්ඩුව මෙම ඝාතනයන් පිළිබඳ නිසා පරීක්ෂණයක් නොකරන්නේ ඇයිදැයි යන්නට රනිල් වික්‍රමසිංහ හෝ මෛත්‍රීපාල සිරිසේන උත්තර දිය යුතුය.

Archive

Latest news

Related news