ජායාරූපය: රටට පොරොන්දු වූ ‘මිශ්‍ර මැතිවරණ ක්‍රමය‘ පුර්ණ පක්ෂ නායක ඒකාධීපතීත්වයකට ලක් කිරීමක්.
රජිත් කීර්ති තෙන්නකෝන්.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඉවත දා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, පාර්ලිමේන්තු කාර්ය පටිපාටිය හා සම්ප්‍රදායන් උල්ලංඝනය කරමින් ඡන්ද කල් දැමීම සදහා සිදු කළ පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීම ‘ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වඩාත් ක්‍රම විරෝධී පනත් සංශෝධනය‘ යි.
ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ව්‍යවහාරයන්, විනිවිදභාවය, පාර්ලිමේන්තු සම්පාදනය හා නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම නෙසලකා පළාත් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කොට ගෙන ඇත්තේ දිගු කලක් සංවාදයට බදුන්වී තිබූ මිශ්‍ර මැතිවරණ ක්‍රමයේ විකාර රූපයක් ලෙසිනි.
1. රටේ නීතිය බවට පත්වන දැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල ද යන්න තීරණය කරනු යේ ශ්‍රේෂ්ඨාධිකරණය යි. සැප්. 19 දින ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කළ පනත් සංශෝධනයක් 2/3 ක ඡන්දයෙන් පස්සා දොරෙන් සම්මත කර ගැනීමට ලංකා පාර්ලිමේන්තුව කටයුතු කළේය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙවැනි ක්‍රම විරෝධී අපකීර්තිමත් සිදුවීමක් මෙයට පෙර සිදුවී නැත.
2. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාවේ විධි විධාන මෙම පනත් සංශෝධනය මගින් වෙනසකට ලක් වේ. ලංකා ඉතිහාසයේ පනතක් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනස් කළ එකම අවස්ථාව මෙයයි.
3. මෙම පනත පාර්ලිමේන්තුවේ කාර්ය පටිපාටිය උල්ලංඝනය කිරිමකි. පිටු 3 ක සංශෝධනයක් සදහා පිටු 31 ක සංශෝධනය ඉදිරිපත් කිරීම ම මෙම පනතේ ඇති දුෂ්ඨ බව පෙන්වන්නකි. අනෙක් අතට 30% කාන්තා නියෝජනය තහවුරු කිරීම හා සංශෝධිත පනතේ වත්මන් අන්තර්ගතය මගින් රටේ මැතිවරණ ක්‍රමයට සිදුකළ සංශෝධන අතර කිසිදු සම්බන්ධතාවක් නැත.
4. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම සංශෝධන පළමු වරට දකින්නේ සැප්. 20 දින පාර්ලිමේන්තුවේ දී ය. එය ලංකාවේ වෙනත් කිසිදු පුරවැසියෙකුට දකින්නට නොලැබුණු සංශෝධනය කි. එබැවින් එය ශ්‍රේෂ්ඨාධිකරණයේ, මහජන සංවාදයක දී හෝ අවම වශයෙන් මැතිවරණ කේෂ්ත්‍රයේ වෘත්තිකයින් අතර හෝ සාකච්ඡාවට බදුන් වීම වලක්වනු ලැබූ ‘රහස්‘ පනතකි.
5. මැතිවරණ කොමිෂන් සභාව මෙම සංශෝධනය දකින්නේ සැප්. 20 දින සවස 2.30ට පමණය. මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයින්ට තබා අවම වශයෙන් මැතිවරණ කොමිසමේ නීති නිලධාරීන්ගේ දායකත්වය හෝ ලබා ගත්තේ නැත. (2012 දී පළාත් සභා පනත සංශෝධනයේ දී රාත්‍රී 1 ට පවා මැතිවරණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ දායකත්වය ලබා ගැනීමට කටයුතු කළේය.)
6. පුරවැසියන්, සිවිල් සංවිධාන, බලපෑම් කණ්ඩායම් හි ගේ දායකත්වය, සහභාගීත්වය, නිරීක්ෂණය නොමැතිව පාර්ලිමේන්තුවේ පනත් කෙටුම්පත් සකස් කිරීම, සම්මත කිරීම ‘යහපාලන මුලධර්මයන්ට‘ පටහැනිය.
7. අනෙක් අතට මෙම පළාත් සභා සංශෝධන මගින් සිදු කරන ඇත්තේ මේ රටට පොරොන්දු වූ ‘මිශ්‍ර මැතිවරණ ක්‍රමය‘ පුර්ණ පක්ෂ නායක ඒකාධීපතීත්වයකට ලක් කිරීමකි. දිස්ත්‍රික්කයක තේරී පත්වන අපේක්ෂකයින්ගෙන් 50% ක් පත් කිරීමේ බලය පක්ෂ නායකත්වයට ලැබේ. අනෙක් අතට කේවල කොට්ඨාශ සදහා අපේක්ෂකයින් 100% ක් තේරීමේ බලය ද ඇත්තේ පක්ෂ නායකත්වයට ය.
8. කේවල කොට්ඨාශ සදහා අතුරු මැතිවරණ පැවැත්වීමට ඇති අවස්ථාව කොට්ඨාශ ක්‍රමය හා බැදුණු පිළිගත් ව්‍යවහාරය යි. කේවල කොට්ඨාශයක් පුරප්පාඩු වූ විට එය පක්ෂ ලේකම් විසින් පුරවනු ලැබීය අතිශයින් ප්‍රජාතන්ත්‍ර විරෝධීය. පක්ෂ සාමාජිකයින් නායකත්වයේ වහලුන් බවට පත්වීම ද, සුපිරි කල්ලියකට පක්ෂයේ බලය රැක ගැනීමේ මෙවලමක් ලෙස ද එය භාවිත විය හැකිය.
9. පළාත් සභා සංශෝධනය තුල පැහැදිලි දේශපාලන වාසිය ලැබෙන කණ්ඩායම් වන්නේ මුස්ලිම් පක්ෂ හා සුළු ජාතික නියෝජනයක් සහිත වතුකර ද්‍රවිඩ පක්ෂ ය. සැබවින්ම, මේ පනත දිගු කාලීනව ලංකාවේ ජාතික දේශපාලන පක්ෂ දියකර සුළු ජාතික දේශපාලන පක්ෂ ශක්තිමත් කරනු ඇත්තේය.
10. එක දේශපාලන පක්ෂයකට බහුතර බලය හිමි නොවන ‘අස්ථාවර පළාත් සභා‘ මෙම මැතිවරණ ක්‍රමයේ අනිවාර්ය ප්‍රතිඑලය වනු ඇත. නැගෙනහිර හා මධ්‍ය පළාත් සභාවන් හි එම තත්වය කැපී පෙනෙනු ඇත.
11. අනෙක් අතට ජනතා විමුක්ති පෙරමුණ රටේ කිසිවෙකු දැක නැති ව්‍යවස්ථා විරෝධී, ක්‍රම විරෝධී, ඡන්ද ක්‍රමයක් වෙනුවෙන් ඡන්ද කල් දැමීමට එජාපය හා ශ්‍රීලනිප සමග එක්වීම සුවිශේෂය.
12. මෙම අනීතික කාර්ය සදහා නීතිපති, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තු මහ ලේකම්, අගමැති ලේකම්, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, එම අමාත්‍යාංශයේ නීති නිලධාරිනිය සෘජුව පිළිගත් කාර්ය පටිපාටියට පරිබාහිරව කටයුතු කර ඇත. එසේ නොකර ලෙස සිදු කළ ඉල්ලීම් ඉවත දමා ඇත.
13. 2/3 ක බහුතරයක් ලබා ගැනීම සදහා රවුෆ් හකීම්, මනෝ ගනේෂන් හා රිෂාක් බදුර්දීන් යන පක්ෂ නායකයින්ගේ සහාය ලබා ගැනීම සදහා කේවල හා සමානුපාතික අනුපාතය 60% ට 40% සිට අවසන් මොහොතේ දී 50 ට 50 දක්වා වෙනස් කිරීම සිදු කර ඇත. එය මෙම පනතේ මුලික පදනමට දැවැන්ත බලපෑමක් එල්ල කර එම ප්‍රජාවන් නියෝජනය කරන කණ්ඩායම් වෙත අනාගතයේ දී ප්‍රබල වාසි දායක පරිසරයක් නිර්මාණය කර ඇත.
14. පනතට සෘජුව අදාළ නොවන නමුත් ඇන්ටන් බාලසිංහම් එල්ටීටීඊ නායක ප්‍රභාකරන් ගේ න්‍යායාචාර්යවරයා ලෙස කටයුතු කළ අයුරින් පා.ම. සුමන්දිරන් මහතා ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් මහතා ගේ නොව අගමැති වික්‍රමසිංහ මහතා ගේ න්‍යායාචාර්යවරයා ලෙස කටයුතු කිරීම පළාත් සභා පනත් සංශෝධනයේ දී කැපී පෙනේ.
සිදුවිය හැක්කේ කුමක් ද?
ලංකාවේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යි. සංශෝධනය වූ පළාත් සභා පනත ද්විතීය වේ. මෙම තර්කය පෙරදැරිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව ඔක්තෝබර් 2 දින ව්‍යවස්ථා ප්‍රකාරව උතුරු මැද, නැගෙනහිර හා සබරගමුව පළාත් ඡන්ද විමසීම සදහා නාම යෝජනා කැදවන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ‘සිවිල් සංවිධානයක්‘ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්මක් ඉදිරිපත් කිරීම මේ වන විට සලකා බලමින් සිටී.
අවධාරණය
පළාත් සභා පනතට පස්සා දොරොන් සංශෝධන ඉදිරිපත් කොට මැතිවරණ කල් දමා ගැනීම, පක්ෂ නායකත්වයට අවශ්‍ය පරිදි සභිකයින් ගෙන් බහුතරය තෝරා පත් කර ගැනීමට අවශ්‍ය සංශෝධන ඇති කර තිබේ. එමෙන්ම 2/3 ක බහුතරයක් පාර්ලිමේන්තුව තුල සපයා ගැනීමට ජාතිකත්වය මත පදනම් දේශපාලන පක්ෂ වෙත වාසිදායක තත්වයකට කේවල – සමානුපාතික නියෝජනය (ප්‍රතිශතයක් ලෙස) වෙනස් කොට ඇත.
පළාත් සභා පනත් සංශෝධනය සදහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය නොතකා, පාර්ලිමේන්තු සම්පාදය හා ව්‍යවහාරය බිද දමා කටයුතු කර ඇති ඇත. ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක් මෙයට පෙර කිසිදා සිදුව නැත.
පළාත් සභා පනත් කෙටුම්පත් සංශෝධනය සදහා භාවිත වූ පාර්ලිමේන්තු ව්‍යවහාරය ‘අතිශයින් බියකරු, බිහිසුණු ප්‍රතිඑල ඇති කරන්නක් බවත්‘ මෙවැනි අත්තනෝමතික හා ප්‍රජාතන්ත්‍ර විරෝධී සංශෝධන නැවත කිසිදා සිදු නොවිය යුතු බවත් කැෆේ සංවිධාන අවධාරණය කරයි.