Tuesday, July 16, 2024

අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය සිකුරාදා (15) සිට ක්‍රියාත්මකයි!

අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයාගේ නියෝගය නිවේදනය කරන ගැසට් නිවේදනය ඊයේ රැයෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිතුත් කර තිබේ.

ගැසට් නිවේදනයට අනුව අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාල මේ මස 15 වැනි දා සිට ක්‍රියාත්මක වනු ඇත. මෙම කාර්යාලයට අතුරුදන් වු පුද්ගලයන්ගේ ඥාතීන්ට හෝ වෙනත් ඕනෑම අයකුට මෙන්ම ආයතන වලට ද පැමිණිලි කළ හැකිය.

එසේ නමුත් කාර්යාලය ක්‍රියාත්මකවීමට නම් ඒ සඳහා නිලධාරීන් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය හරහා පත් කළ යුතුය. ඒ සඳහා දින ගණනාවක් ගතවනු ඇතැයි විශ්වාස කැරේ.

පසුගිය සදුදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරයට ඉදිරිපත් කළ සිය ආරම්භක දේශණයෙහි මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් මෙසේ කියා සිටියේ ය: ‘‘අතුරුදහන්වුවන් පිළිබඳ කාර්යාලය වහාම ක්‍රියාකාරීකරන්නැයි ද විශ්වාසය ගොඩ නැගීමේ, එනම් හමුදාව විසින් අල්ලාගෙන සිටින ඉඩම් නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලියාපදංචි කොට ඇති නඩු විභාග විසදීම වැනි පියවරයන් ඉක්මන් කරන්නැයිද මම ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිමි. ‘‘

දේශීය සංවිධාන විසින් දිගින් දිගටම මෙම ඉල්ලීම කරන ලද මුත් මානව හිමිකම් කොමසාරිස්වරයා අනතුරු අඟවන තෙක් ශ්‍රී ලංකාණ්ඩුව මුනිවත රැක්කේය.

මෙමගින් පෙනෙන්නේ අන්තර් ජාතික උපදේශනයේ වැදගත්කම බව මානව හිමිකම් අංශ පෙන්වා දෙති.

 

Archive

Latest news

Related news