Friday, May 3, 2024

දැනට යෝජනා වී ඇති ගබ්සා නීතිය ලිහිල් කිරීමේ සංශෝධනයට ඔබේ සහය ඉල්ලා පෙත්සමක්

දැනට අමාත්‍ය මංණ්ඩලය හමුවෙහි ඇති ගබ්සා නීතිය ලිහිල් කිරීමේ සංශෝධනයට සහාය පළ කරන පෙත්සමක් ක්‍රියාකාරී පිරිස් විසින් දියත කර තිබේ. මෙම පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ මෙකී සංසෝධනය ප්‍රමාණවත් නොවුවද එය හෝ සම්මත කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමට සහාය දක්වන ලෙසයි.
එම පෙත්සමද එයට අත්සන් කළ හැකි අන්තර් ජාල දිගුවද පහත දැක්වේ.
දැනට යෝජනා වී ඇති ගබ්සා නීතිය ලිහිල් කිරීමේ සංශෝධනයට මගේ සහය.
අවස්ථා දෙකකදී එනම්,
1. දරුණු කළල විකෘතිතා පිහිටන අවස්ථා වලදී
2. ස්ත්‍රී දූෂණයක ප්‍රතිපලය ලෙස ගැබ් ගැනීමක් සිදු වූ අවස්ථාවකදී
ගර්භණීභාවය අවසන් කිරීමට ඉඩ ලබා දීම සදහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් එකග වී ඇති යෝජනාවට අපි සහය පළ කරමු.මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස මෙහි අත්සන් කරන අප රජයට බල කර සිටින අතර ඒ සදහා පක්ෂ භේදයකින් තොරව සහය ලබා දෙන මෙන් සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ මන්ත්‍රීවරියන්ගේ ඉල්ලා සිටිමු.

දැනට පවතින නීතිය මගින් ගබ්සාවක් සිදු කිරීම සදහා අවසර ඇත්තේ ගර්භණීභාවය මවගේ ජීවිතයට තර්ජනයක් නම් වන අවස්ථාවකදී පමණි.

මෙය කිසිසේත්ම ප්‍රමාණයත් නොවේ. ස්ත්‍රී දූෂණයකදී සහ ව්‍යභිචාරයකදී (ළගම ඥාතියෙකුගෙන් දූෂණය වූ විට) ගැබ් ගත් අවස්ථා වලදී වින්දියන්ට ගර්භණීභාවය පූර්ණත්වය දක්වා දරා සිටීමට සිදු වේ. ඇතැම් විට මෙම වින්දිතයන් අවුරුදු 12ක් තරම් බාල වසයේ පසුවන දරුවන්ය. ස්ත්‍රී දූෂණ සහ ව්‍යභිචාරයට ලක් වන කාන්තාවන් සහ ගැහැණු දරුවන් මුහුණ දෙන ශාරීරක සහ මානසික කම්පනය අති විශාලය. එමෙන්ම එය සමානාත්මතාවය අගයන ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික මූලධර්ම වලටද පටහැනිය. තම පියාගෙන් දූෂණයය ලක් වන දියණියන්ට සිය කුස තුළ වැඩෙන කළලය පූර්ණ ගර්භණීත්වය දක්වා දරා සීටීමට බල කිරීමට අපට කිසිසේත්ම අයිතියක් නොමැත.

දරුණු කළල විකෘතිතා සහිතව උපදින දරුවන් නිසා පවුල් මුහුණ දෙන සෞඛ්‍යමය සංකූලතා, ආර්ථික අභියෝග සහ ජීවිතයේ ගුණාත්මකභාවය ආශ්‍රිත ගැටළු බොහෝ විට නොසලකා හැරේ. මෙවැනි දරුවන්ට අවශ්‍ය සත්කාර සහ සහය සදහා ප්‍රවේශ වීමට අප වටා ඇති සමාජ ආර්ථික යථාර්ථයන් ඉඩ අහුරා ඇත. මේ තත්ත්වය තුළ ඔවුන් ජීවත් වන ඉතා සුළු කාලයට පවා ලැබෙන ගුණාත්මක භාවය ඉතා පහල මට්ටමක පවතී.

ශ්‍රී ලංකාව තුළ දිනකට ගබ්සා 700ක් පමණ සිදු වන බව ඒ පිළිබද වූ සමීක්ෂණ වාර්තා පෙන්වයි. ඒ අපගේ යථාර්ථයයි. මෙම ගබ්සා වලින් අති බහුතරය සිදු වන්නේ අනාරක්ෂිත සහ කිසිදු සනීපාරාක්ෂාවක් නොමැති වටපිටාවන් තුළ වන අතර, එවැනි ගබ්සා වලින් පසුව ලේ විෂ වීම, පූර්ණ වදභාවය වැනි බරපතල සෞඛ්‍යය ගැටළු වලට මුහුණ දීමට ඇතැම් කාන්තාවන්ට සිදුවේ. මේ සංකූලතා වලින් කාන්තාවන් මිය වන අවස්ථා ද ඇත. පවුල් සෞඛ්‍යය කාර්යංශයේ 2012 දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ මාතෘ මරණ වලට තෙවැනි මූලික හේතුව අනාරක්ෂිත ගබ්සා වන අතර එය සමස්ත මාතෘ මරණ වලින් 13%කි.

ගර්භණීභාවය අවසන් කිරීම සදාචාරය පිළිබද සාකච්ඡාවක් නොවේ. එය ගර්භණීභාවය අවසන් කරනවාද, එය පූර්ණත්තවය කරා දරා සිටිනවාද යන්න පිළිබද දැනුවත් ලෙස තීරණය කිරීමට ස්ත්රිවයට ඇති අයිතිය තහවුරු කරන්නකි.

එම නිසා, ඔබේ මහජන නියෝජිතයන් සමග දැනුවත් සාකච්ඡාවක් අරඹමින්, දැනට පවතින ගබ්සා නීතිය ලිහිල් කිරීම සදහා සෞඛ්‍යය අමාත්‍යංශය සහ වත්මන් රජය දරන උත්සහයට සහය ලබා දෙන මෙන සියළුම පුරවැසියන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

ඔබේ අත්සන යෙදීම සඳහා මෙතැන ක්ලික් කරන්න

Archive

Latest news

Related news