Tuesday, July 16, 2024

වැලිකඩ හිරගෙදර වෛද්‍ය මාෆියාව ගැන සෞඛ්‍ය ලේකම්ට: වෛද්‍ය නිර්මලී වහාම මාරු කරන්න.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෙත ලිපියක් යවන පුරවැසි කණ්ඩායමක් වැලිකඩ බන්නාධගාරයෙහි වෛද්‍ය මාෆියාවෙහි ප්‍රධානියකු වන වෛද්‍ය නිලධාරීනි නිර්මලී තේනුවර මහත්මියගේ 2017 ස්ථාන මාරුවීම වහා ක්‍රියාත්මක කරන ලෙස  ඉල්ලා සිටී. එම ලිපියෙන් කියා සිටින්නේ පසුගියදා බරපතල වැඩ අැතිව සිර ගත කරන ලද ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන  දෙදෙනා සම්බන්ධයෙන් ඇට විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග ක්‍රම විරෝධී හා ප්‍ර‍ශ්නකාරීවන බවය. මෙම ලිපියට රංජන් රාමනායක (ගම්පහ දිස්ත්‍රික් පා.ම.) . මහින්ද කෝදාගොඩ – බන්ධනාගාර හෙද නිලධාරි සංගමය හිටපු ලේකම්, නීතිඥ සේනක පෙරේරා – සභාපති/ බන්ධනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් සදහා වන සංවිධානය, නීතිඥ උදුල් ප්‍රේමරත්න, රජිත් කීර්ති තෙන්නකෝන් – විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය, නීතිඥ නාමල් රාජපක්ෂ, සහ මාධ්‍යවේදී කසුන් පුස්සවෙල යන අය අත්සන් කර ඇත.

එම ලිපිය පහත පළවේ.

2017.09.11

ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශය, කොළඹ 10

ප්‍රිය ලේකම්තුමනි,

වැලිකඩ බන්ධනාගාරයේ වැඩ බලන ප්‍ර‍ධාන වෛද්‍ය නිලධාරීනි නිර්මලී තේනුවර මහත්මියගේ 2017 ස්ථාන මාරුවීම වහා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමයි.

වැලිකඩ බන්ධනාගාරයේ වැඩ බලන ප්‍ර‍ධාන වෛද්‍ය නිලධාරිනී නිර්මලී තේනුවර මහත්මිය ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන සිරකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග ක්‍රම විරෝධී හා ප්‍ර‍ශ්නකාරීය.

1. බරපතල වැඩ සහිතව සිර දඩුවම් ලබන සිරකරුවෙකු බන්ධනාගාරයට රැගෙන ආ පසුව ඔහුට/ඇයට සිරකරු අංකයක් නිකුත් කරනු ලබන අතර ඔහුගේ ඡායාරූපයක් ලබා ගනු ලබයි. ඉන් පසුව වෛද්‍ය මධ්‍යස්ථානයේ කාර්ය භාර වෛද්‍යවරයා වෙත යොමු කළ යුතුය.

2. නමුත් වෛද්‍ය නිර්මලී තේනුවර, සිරකරු අංකය නිකුත් කිරීමට පෙර හා නිල ඡායාරූපය ලබා ගැනීමට පෙර ඉහත කාර්ය පටිපාටියෙන් පරිබාහිරව අනුෂ පැල්පිට හා ලලිත් වීරතුංග හමුවී ඇත. එමෙන්ම ‘කාර්ය භාර වෛද්‍යවරයා‘ ඔවුන් යොමු කිරීමට ද පෙර, බන්ධනාගාර රෝහල වෙත ‘ඇතුලත් කිරීමේ ටිකට්පත් දෙක‘ ලියා ඇත.

3. මෙවැනි තත්වයක් ඇති විය හැක්කේ මරණාසන්න තත්වයකට පත් වූ පුද්ගයෙකු සම්බන්ධයෙන් පමණක් වේ යැයි සිතමු. බන්ධනාගාර ඉතිහාසයේ කිසිදු දිනක මෙවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බැවිනි.

4. මෙම ක්‍රියාවලිය බාහිර පුද්ගලයින්ට අනාවරණයවීමෙන් පසුව එල්ල වූ විරෝධය හේතුවෙන්, සැප්. 7 දින රාත්‍රියේ ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට දෙදෙනො බන්ධනාගාර රෝහළ වෙත ඇතුලත් කිරීම සිදු නොවීය. නිර්මලී තේනුවර මහත්මිය රාත්‍රී 9 වන තෙක් ඔවුන් දෙදෙනා පැමිණෙන තුරු බන්ධනාගාර රෝහලේ ගත කළේය.

5. සැප්. 8 දින උදයේ නියමිත වේළාවට පෙර සේවයට වාර්තා කළ වෛද්‍ය තේනුවර මහත්මිය හැකි ඉක්මනින් අංක V18069 සහ V18068 දරණ සිරකරුවන් දෙදෙනා බන්ධනාගාර රෝහලට අංක 7401 හා 7402 යටතේ ඇතුලත් කිරීමට කටයුතු කළාය. මෙම ක්‍රියාවලිය දුෂිතය. පිළිගත් කාර්ය පටිපාටිය උල්ලංඝනය කිරීමකි.

6. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමෙන් පසුව, ගරු අමාත්‍යවරයා විසින් සිරකරුවෙකු බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීම සදහා අවම වශයෙන් වෛද්‍යවරුන් තිදෙනෙකු නිර්දේශ කළ යුතු යැයි නියෝගයක් නිකුත් කරනු ලැබීය. වෛද්‍ය තේනුවර මහත්මිය වෛද්‍ය ටිරානි හා වෛද්‍ය සුජීවා සමග එක්වී දැන් මෙම නියෝගය ක්‍රියාවෙහි යොදවයි. ඒ සදහා අවශ්‍ය නිර්දේශ ලබාදීම සිදුවන්නේ වෛද්‍ය වරුණ ජයතිලක අතිනි. දැන් මේ සිව් දෙනාගේ කණ්ඩායම තමන් මෙයට පෙර සිදු කළ සියලු ක්‍රියාකාරකම් එලෙසම බන්ධනාගාර රෝහල තුල ක්‍රියාත්මක කරති.

7. ඔබ හොදින් දන්නා පරිදි වෛද්‍ය නිර්මලී තේනුවර මහත්මිය 2017 වසරේ සිට කොළඹ මහ රෝහලට ස්ථාන මාරුවීම් ලබා ඇත. නමුත් ඇයගේ ස්ථාන මාරුවීම ක්‍රියාත්මක නොවන්නේ වෘත්තීය සමිතියක බලපෑම නිසාය. සයිටම් ආයතනයට ද සම්බන්ධයක් ඇති නිලධාරියෙකු නිසාය.

8. බන්ධනාගාර රෝහල සම්බන්ධයෙන් ඔබ අමාත්‍යාංශය විසින් පසුගිය මාස 3 ක කාලය තුල පරීක්ෂණයක් පවත්වනු ලැබූ බවත්, එහි දී හෙළි වී ඇති කරුණු ඔබ දනී.

10. මේ සියලු කරුණු සලකා බලා, 2017 වසරේ දී වෛද්‍ය නිර්මලී තේනුවර මහත්මියට කොළඹ මහ රෝහල වෙත ලබා දී ඇති ස්ථාන මාරුවීම වහාම ක්‍රියාත්මක කිරීම සදහා ඔබගේ කාරුණික අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලමි.

11. දිස්ත්‍රික් රෝහලක කාර්ය භාර වෛද්‍ය නිලධාරි තනතුර දැරීමට සුදුසුකම් ඇති අයෙකු පමණක් බන්ධනාගාර රෝහලේ ප්‍ර‍ධානියා ලෙස පත් කිරීමට කටයුතු කරන ලෙස ද කාරුණිකව ඉල්ලමු.

ස්තුතියි මෙයට,

රංජන් රාමනායක (ගම්පහ දිස්ත්‍රික් පා.ම.) 0773624927

මහින්ද කෝදාගොඩ – බන්ධනාගාර හෙද නිලධාරි සංගමය හිටපු ලේකම්

නීතිඥ සේනක පෙරේරා – සභාපති/ බන්ධනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් සදහා වන සංවිධානය

නීතිඥ උදුල් ප්‍රේමරත්න

රජිත් කීර්ති තෙන්නකෝන් – විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

නීතිඥ නාමල් රාජපක්ෂ

මාධ්‍යවේදී කසුන් පුස්සවෙල

පිටපත් –

1. ජනාධිපති ලේකම්තුමා – ප්‍ර‍මුඛ කාර්යයක් ලෙස සලකා මේ ගැන ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලමි.

2. අග්‍රාමාත්‍ය ලේකම්තුමා – සුදුසු ඉදිරි කටයුතු සදහා

3. ලේකම්තුමා/පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍ර‍තිසංස්කරණ අමාත්‍යාංශය

Archive

Latest news

Related news