Friday, April 26, 2024

ශ්‍රී ලංකාවේ යුද අපරාධ විභාග කැරෙන දේශීය යාන්ත්‍රණයක් නැතිකම නිසා අන්තර් ජාතික නීතිය යෙදවීම අත්‍යවශයයි. – මහ කොමසාරිස් සෙයිඩ්

ජායාරූපය: මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන්.

අද ජිනීවා නුවර දී ආරම්භ වූ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36 වන සැසිවාරයෙහි ආරම්භක දේශණය පැවැත්වූ මානව හිමිකම් මහ කොමසාර්ස් සෙයිඩ් අල් හුසේන් යුද අපරාධ (අන්තර් ජාතික මානව හිමිකම් නීතිය සහ අන්තර් ජාතික මානුෂීය නීතිය කෙළෙසීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා) පිළිබඳ ඇති චෝදනා විභාග කිරීමට දේශීය යාන්ත්‍රණයක් පිහිටුවීමට පියවර නොගෙන ඇති බැවින් එම චෝදනා විභාග කිරිමට අන්තර් ජාතික අධිකරණ බලය යොදා ගැනීමට අවශ්‍ය වනු ඇතැයි අනතුරු අඟවා සිටියේ ය.

ඔහු විසින් ඉංග්‍රිසි බසින් පවත්වන ලද කතාවෙහි ශ්‍රී ලංකාවට අදාළ කොටසෙහි ෙසිංහලානුවාදයක් පහත පළවේ.

‘‘අතුරුදහන්වුවන් පිළිබඳ කාර්යාලය වහාම ක්‍රියාකාරීකරන්නැයි ද විශ්වාසය ගොඩ නැගීමේ, එනම් හමුදාව විසින් අල්ලාගෙන සිටින ඉඩම් නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලියාපදංචි කොට ඇති නඩු විභාග විසදීම වැනි පියවරයන් ඉක්මන් කරන්නැයිද මම ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිමි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුකූල පනතක් මගින් විස්ථාපනය කරන්නැයි වු මගේ ඉල්ලීම යළි ඉදිරිපත් කරමි. උතුරුකරයෙහි විනිදිතයින්ගේ විරෝධතා විසින් ප්‍රතිසංස්කරණයන්හි මන්දගාමී ස්වභාවය පිළිබඳ වර්ධනය වන පිළිබඳ කළකිරීම පෙන්නුම් කරයි. 30/1 දරණ යෝජනාවෙන් සංක්‍රමණීය යුක්ති යාන්ත්‍රණයන් පිහිටුවීමට දෙන ලද පොරොන්දු සම්බන්ධයෙන් පියවර ගන්නැයි ද එකී සහ අනෙක් පොරොන්දු ඉටු කැරෙන නිශ්චිත කාල සටහනක් සහ මිනුම්දඩු පිහිටුන්නැයිද මම ශ්‍රී ලංකාණ්ඩුව දිරිමත් කරමි.

මෙම පොරොන්දු ඉටු කිරීම ශ්‍රී ලංකාන්ඩුව විසින් මානව හිමිකම් කවුන්සිලය සතුටු කිරීම සඳහා කැරෙන කොටුවලට හරි දැමීමේ අභ්‍යාසයක් ලෙස නොසැළකිය යුතු අතර ඒවා සැළකිය යුත්තේ ස්වකීය ජනතාවගේ අයිතීන් ආමන්ත්‍රණය කිරිමක් ලෙසය. අන්තර් ජාතික මානව හිමිකම් නීතිය සහ අන්තර් ජාතික මානුෂීය නීතිය කෙළෙසීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිරික්සීමටට වගවීමේ යාන්ත්‍රණයක් සහතික කිරීම සඳහා වන විශ්වසනීය පියවරයන් ශ්‍රී ලංකාණ්ඩුව විසින් නොගැනීම විසින් අන්තර් ජාතික අධිකරණ බලය භාවිත කිරීම වඩාත් අත්‍යවශය කරයි. ‘‘

Archive

Latest news

Related news