Monday, May 20, 2024

උමා ඔය සීලවතී ගේ කදුළු හෙවත් ‘උමා ඔය‘ ඛෙදවාචයකයක් කළ බදුලු පරිපාලනයේ කථාව

රජිත් කීර්ති තෙන්නකෝන්.

රු. මිලියන 300 කින් රු. 7500 ක් නොවටින ‘සුදු අම්මා ‘තවමත් ‘අගු පිලකය.‘ – බදුල්ල දිසාපති නිමල් අබේසිරි ‘ජනාධිපතිගේ අමාත්‍යාංශය‘ ඇන්දුවේ මෙහෙමයි.

උමා ඔය හේතුවෙන් විපතට පත් පළමු කාන්තාව ගලහිටියාව සීලවතී (70) ය. ඇයටත්, ඇගේ පුතාටත් නිවාස දෙකක් තිබුණි. මෙයට වසර දෙක හමාරකට පෙර උමා ඔය කැණීම් ඇරඹී ටික කලකින් ඇගේ නිවස අඩි 60 පෙළොව ඇතුලට ගිලා බැස්සේය. රජයේ ටයි කෝට් හමුදාවක් පැමිණ ඇය යලහිටියාව අතහැර දමා ඇති පාසලේ පන්ති කාමරයට දමා ගියේය. එතැන් පටන් ඇය ට රුපියලක් වත් රජයෙන් ලැබුණේ නැත. ඇය අදත් (අගෝ. 30) මේ අතහැර දැමූ වසර 75 ක් පැරණි ගොඩනැගිල්ලේ ය.

ඇයගේ වැඩිමහල් පුතාගේ විනාශ වූ නිවස කාමර 7 ක් හා නාන කාමර සහිත අංග සම්පූර්ණ නිවසක් විය. උමා ඔය ව්‍යසනයේ පළමු ගොදුර ලෙස ඇගේ නිවස බිලිගත් විට බදුල්ල දිසාපතිවරයා එහි ගොස් ඇය වහා එම ස්ථානයෙන් ඉවත්කර බඹරගම මහ විදුහලේ 1942 ඉදිකළ ගොඩනැගිල්ලක නවාතැන් දෙනු ලැබීය. මකුල්ඇල්ල ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදු කරන පිරිස් ඇයට උපකාර කරයි. දුක සැප බලයි. ජල ව්‍යාපෘතියේ පොම්පාගාරයේ වැඩ දැන් අවසන්ය. රජය විසින් අමතක කර දැමූ සීලවතී තනිකර දමා ඉදිකිරීම් කම්කරුවන් මෙතැනින් හෙට පිටව යා යුතුය.

ඇයට යන්නට තැනක් නැත. අන්තමට ඇය තමන්ට ජීවත්වන්නට නිවාස කුළියක් ඉල්ලා සිටියාය. වසර දෙකක් තුල ඇය ලිපි සිය ගණනක් ලියා ඇත. රජයේ නිලධාරීන් වැඩිම වාර ගණනාවක් බලන්නට ගිය ‘උමා ඔය පළමු අවතැන්වූ පුද්ගලයින් තිදෙනාට‘ (සැබවින්ම පවුල් 18 ක් මෙලෙස තැන තැන ඇත) තවමත් යන එන මං නැත.

නිවාස කුළී නැත. රජයේ නිල නිවාස නැත. සහනාධාර පාර්සල් නැත. වගා සහන නැත. නිවාස සහන ද නැත. ඉඩම් නැත. තාවකාලික නිවාස නැත. වැසිකිලි, කැසිකිළි ද නැත. ජලය, විදුලිය ද නැත. ආදායමක්, වන්දියක් නැත. අඩුම ගානේ පිං පඩියක්වත් නැත. අන්තිමට රජයේ නිලධාරීන් පිරිසක් ඇයට රු. 7500 කට නිවසක් සොය දී ඇත. බදුල්ල දිසාපති නිමල් අබේසිරි ඒ නිවසේ කුළිය ගෙවන්නට නොහැකි බව කියයි.

‘‘මට ඉඩමක් දෙනවා කිව්වා. නමුත් අපි තවම ඒක දැකලාවත් නෑ. ඒ ඉඩමත් නාය යනවා කියලා ආරංචියි. අපි කොහේ යන්නද? අපි වගා කරලා හොදින් හිටපු ඇය. රට ගිහින් ඇවිත් ලේලි ලස්සනට හැදුව ගේ ගිලා බැස්සා. අඩුම වගේ වගාවට හානියක්වත් දුන්නේ නෑ. මට මේ ආණ්ඩුව මොනවාවත් දුන්නේ නෑ. මම මෙතැන පාත්ති දෙක තුනක එළවළු හැදුවා. උයාගෙන කන්න. ඒකත් සුද්ද කලා. ඇය කියයි!

මේ ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය බදුල්ල දිසාපති ට, විෂය බාර ජනාධිපතිවරයාට අයත් මහවැලි අමාත්‍යාංශයේ ලේකම් ට ලිපි 3 ක් ලියා ඇත. ස්වදේශ කටයුතු ලේකම්ට ලියා ඇත. කියා ඇත. වෙනත් රාජ්‍ය නිලධාරින් 6 කට ලිපි ලියා ඇත. නමුත්, රු. මිලියන 300 ක උමා ඔය සහන ඇති බදුල්ලේ දිසාපති ගිණුමෙන් රු. 7500 ක් ගෙවන්න නොවටින ‘සුදු අම්මා‘ තවමත් වැස්සට තෙමෙන ගලහිටියාව ඉස්කොලේ කාමරයක් තුල ය.

ඇයගේ කුස්සිය පිරිසිදුය. ඇද ට හොදින් සේ දූ රෙදි අතුරා ඇත. කුණු බිදක් නැතිව කාමරය ලස්සට අතුගා පිරිසිදුව ඇත. හිල් වූ ටකරං වහලයෙන් වතුර බිමට වැටේ. ඇය කොහි යන්නද? වසර දෙකක් ඇයගේ තනියට සිටි ඉදිකිරීම් කම්කරුවන් ඉවත්ව ගිය පසු ඇය කොහි යන්නද?

බදුල්ල දිසාපති ගේ මේසය මතට මේ කාන්තාව පිළිබද ලිපි, ඉල්ලීම්, ආයාචනා, අභියාචනා, වාර්තා ටොන් ගානක් ලැබී ඇත. අවසන් වරට බදුල්ල දිසාපති නිමල් අබේසිරි ඉරාන ෆරාබ් ආයතනයට රු. 7500 ක් ඉතුරු කරන්නට ඇයගේ නිවාස කුලී ඉල්ලීම කුණු කූඩයට දැමුමේ අගෝස්තු 23 වන දිනයි. ‘බණ්ඩාරවෙල රතු කලාපයක් බව ලෝකයට කියන බදුල්ල දිසාපති නිමල් ට සිහිනයක් තිබේ. ඒ උමා ඔය නිසා විපතට පත් 28,000 කට වැඩි පිරිසකගෙන් වැඩිම පිරිසක් පණ පිටින් වැළලී යන තෙක්, ඊසාන දිග මෝසම් වැසි එනතෙක් තවත් දින 20 ක් බලා සිටීමය.

[alert type=”success or warning or info or danger”]සුදු අම්මාගේ නිවස ගිලා බැස්ස දවසේ එහි ගිය දේශපාලනඥයින්ට ජනතාව කෝපය පිටකළේ ය. ජනතාධිපති මෛත්‍රීපාල සිරිසේන විෂය භාර අමාත්‍යවරයාගේ රූපය ගැසූ බෝඩ් දුසිමක් මේ වන විට බණ්ඩාරවෙල උමා ඔය සල්ලිවලින් ඉදිවී තිබේ. මේ පුවරුවට යන වියදම තරම් හෝ ‘සීලවතී‘ වටින්නේ නැති ද?[/alert]

බදුල්ල දිසාපති වෙත මුදල් නිකුත් කර ඇත්තේ මහවැලි සංවර්ධන අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ය. එතුමා කටින් කියූ බොහෝ දේ, මහ පොළොවේ සිදුවන්නේ නැත. ඒ බවක් ඔහු දන්නේ ද නැත!

මේ ගැන පැමිණිලි කළ විට ජනාධිපති ලේකම්වරයා ස්වදේශ කටයුතු ලේකම්ගෙන් වාර්තාවක් ඉල්ලා සිටියේ ය. ඒ වාර්තාව අද දක්වාම ස්වදේශ කටයුතු ලේකම් නීල් ද අල්විස් ගේ මේසය මතය. නීල් ද අල්විස් හා නිමල් අබේසිරි මංගල සමරවීරගේ කළු පොතේ නම ලියවුණු රාජ්‍ය නිලධාරීන් ය. ඔවුන්ට ඉලක්කයක් තිබේ. ඒ මේ රටේ ජනාධිපතිවරයාගේ ප්‍ර‍තිරූපය විනාශ කිරීම ය. නිමල් අබේසිරි තම ඉලක්කයේ බොහෝ දුර දිගු අඩි තබා ගමන් කරමින් ඇත්තේ ‘සුදු අම්මලාගේ‘ ජීවිත මතිනි.

අනේ අපේ රටේ රාජ්‍ය සේවය!

Archive

Latest news

Related news