Thursday, May 9, 2024

අතුරුදහන්වූවන්ගේ දිනය: යුක්තිය ලැබෙන තුරු උපවාසයේ

ජායාරූපය: වවුනියාවෙහි උපවාසයේ යෙදී සිටින මව්වරු 2017 ජුලි. (c)s.deshapriya.

අන්තර් ජාතික අතුරුදහන් වුවන්ගේ දිනය : ශ්‍රී ලංකාවේ දෙමළ කාන්තාවන් විසින් අඛණ්ඩව සිදු කරන විරෝධතාවයන්ට සහයෝගය දැක්වීමක් වශයෙන්, බලහත්කාරයෙන් අතුරුදහන් කරවූවන් සිටිනා ස්ථාන සහ ඔවුන්ගේ ඉරණම පිළිබඳ ප්‍රශ්නවලට පිලිතුරු ලබා ගැනීමට ප්‍රයත්න දරමින් දෙමළ කාන්තාවන් විසින් මාස ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල විරෝධතාවයන්හි නිරත වන ලදී. අගෝස්තු 30 වන දින, එනම් ජාතික අතුරුදහන් වූවන්ගේ දිනය වන විට සත්‍යය, යුක්තිය සහ හානිපුරණය කිරීම වෙනුවෙන් වන මෙම විරෝධතාවයන් ආසන්න වශයෙන් දින 200 ක් තිස්සේ පවත්වා ඇත.

මාස ගණනාවක් තිස්සේ දෙමළ කාන්තාවන් සිය ගණනක් ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනිහර ප්‍රදේශ වල ගම්මාන පහක විරෝධතාවයන්හි නිරත වී ඇත. චණ්ඩ සුර්යයා, කුණු දුහුවිලි ඉවසමින් මොවුහු දිවා රෑ දෙකෙහිම මහමගට වී සිටියහ. ස්වකිය අතුරුදහන් වූ ඥාතීන් සිටින ස්ථාන පිළිබඳව ප්‍රශ්නවලට අවසානයේ පිලිතුරක් ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. අනෙකුත් රටවල් සමග ගෝලීය වශයෙන් සංසන්දනය කිරීමේදි ශ්‍රී ලංකාව බලහත්කාරයෙන් අතුරුදන් කරවූවන් ඉහළම සංඛ්‍යාවක් සිටින රටකි.

යුද්ධය අවසාන වීමේ සිට පුද්ගලයන් 146,679 දෙනෙකුගේ ඉරණම පිලිබඳව තවමත් නිවැරදි වටිනාකමක් ලැබී නැත. කෙසේ වුවද, මෙතෙක් මූල සිද්ධීන් පිලිබඳව නිසි අයුරින් විමර්හනයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය තවමත් අපොහොසත් වී ඇත.

බලධාරීන්  නිසි ක්‍රියා මාර්ග ගත යුතුය‍.

අතුරුදහන් වූවන් පිලිබඳ කාර්යාලය :ධඵඡ*ග ස්ථාපිත කිරීම සඳහා වන පනතක්  2016 අගෝස්තු මසදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලදී. කෙසේ වුවද, මෙම කාර්යාලය  මේ වන තෙක් ස්ථාපිත කොට නැත. බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් පිළිබඳ නඩු විමර්ශනය කිරීමේ කාර්යය භාර දී තිබූ සියලුම කොමිෂන් සභා මෙතෙක් කිසිදු නඩුවක් විසඳාලීමට සමත් වී නැත. රජයේ ක්‍රියාකාරි නොවු ස්වභාවය හේතුවෙන් දෙමළ කාන්තාවෝ සිය ගණනක් මහමගට බැස විරෝධතා වල නිරත වීමට තීරණය කළහ. 2017 ජුනි 12 වන දින මෙම විරෝධතාකරුවන්ගෙන් ඇතැමෙක් ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් හමුවූහ. යුද්ධය අවසන් වීමෙන් පසු භාර වූ හෝ රඳවා තබා ගනු ලැබූ
තැනැත්තන්, රහසිගත රැඳවුම් මධ්‍යස්ථාන වල සිටින සිරකරුවන් සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබා ගෙන සිටින්නවුන් වශයෙන් ලැයිස්තු තුනක පුද්ගලයන් නිදහස් කිරීමට ජනාධිපතිතුමන් පොරොන්දු විය. මේ දක්වා එම පොරොන්දුව ඉෂ්ඨ වී නොමැත. තර්ජනයට ලක් වූ පුද්ගලයින් සඳහා වන සමාජයේ ශ්‍රී ලංකා කළමනාකරු යීව්ස් බෝවී පවසනුයේ ‘විවිධ ජනවාර්ගික කණ්ඩායම් අතර ප්‍රතිසංධාන ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දැන්ම ක්‍රියාත්මක විය යුතු අතර විරෝදතාකරුවන්ගේ ඉල්ලිම් ඉෂ්ඨ කළ යුතුය‘ යනුවෙනි.

– තර්ජනයට ලක් වූ පුද්ගලයන් සඳහා වන ස්වි්විට්සර්ලන්ත්ත සමාජයේ පුවුවත්පත් නිවේදනයෙන් උපුටා ගන්නා ලදී.

 

 

Archive

Latest news

Related news