Wednesday, May 8, 2024

රාජ්‍ය මාධ්‍ය අවභාවිතය: ආරියරත්න ඇතුගලට මාධ්‍යවේදීන්ගෙන් වැඳ සමාව ගැනීමට සිදුවෙයි

ජායරූපය: රාජපක්ෂ ස්ත්‍රෝත ගායකයකු බවට පත් වූ ආචාර්යවරයා ආරියරත්න ඇතුගල.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවෙහි හිටපු සභාපති ආරියරත්න ඇතුගල ඊයේ එනම් ජූලි 14දා අධිකරණයෙහිදී තමා විසින් තර්ජනය කරන ලද මාධ්‍යවේදීන් තිදෙනෙකුගෙන් වැඳ සමාව ගන්නා ලදී.

කළක් ජනමාධ්‍ය ආචාර්යවරයකු ලෙස වැදගත් සේවයක් කරමින් සිටි ආරියරත්න ඇතුගල රූපවාහිනී සංස්ථාවෙහි සභාපතිධුරයට පත් වීමෙන් පසු රාජපක්ෂ පාලනයේ බලය ආරූඩ කරගෙන ඉතාම අශීලාචාර මාධ්‍ය මෙහෙයුමක ප්‍රධානියකු බවට පත්විය.

පසුගිය ජනාධිපතිවරණ දිනයෙහිදී එජාප උපනායක සජිත් ප්‍රේමදාස මහින්ද රාජපක්ෂ සමඟ එක්ව ඇතැයි ව්‍යාජ පුවතක් ප්‍රචාරය කළ ඔහුට මැතිවරණ කොමසාරිස්වරයාගේ තදබල දෝෂාරෝපණයකට ලක්වීමට ද සිදුවිය.
විශ්ව විද්‍යාල ආචාර්යවරයකු වශයෙන් සිටියදී රාජ්‍ය පාලිත රාජ්‍ය ජනමාධ්‍ය මහජන සේවා ජනමාධ්‍ය බවට පත්කළ යුතු බවට කැමැත්ත දී සිටි අතුගල දේශපාලන පත්වීමක් ලබා රූපවාහිනී සංස්ථාවෙහි සභාපතිධුරය ලබා ගැනීමෙන් පසු ඉතාම පක්ෂග්‍රාහී දේශපාලන ප්‍රචාරක ආයතනයක් බවට එය පත් කරන ලදී.

2010 ජනාධිපතිවරණ සමයෙහි රූපවාහිනී සංස්ථාව විසින් අනුගමනය කළ යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයා විසින් පනවන ලදුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරන ලද මඟපෙන්වීම් තමා ගණනකට ගන්නේ නැතැයි කියමින් ඇතුගල ප්‍රමුඛ බලධාරීන් විසින් විසින් එම මඟපෙන්වීම් අනුගමනය කළ යුතු බවට කියා සිටි මාධ්‍යවේදින් තිදෙනෙකුට තර්ජනය කර පහර දෙන ලදී. ආර්යරත්න ඇතුගලට අමතරව හිටපු අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ සහ ජී.ඩී. සුගතපාල යන අයද මෙම පහරදීමට සම්බන්ධ වී තිබුණි.

පහරකෑමට ලක්ව එකළම නොබියව පොලීස් පැමිණිල්ලක් දැමූ මාධ්‍යවේදීන් තිදෙනා නම් හර්බට් කුමාර අලගියවන්න, කාන්චන මාරසිංහ සහ රවි අබේවික්‍රමය.

එකී පැමිණිළිකරුවන් විසින් කියා සිටියේ ‘තමාට ජනමාධ්‍ය ගැන උගැන්වීමට අවශ්‍ය නැහැ ‘ කියමින් ඇතුගල කුණුහරුපයෙන් බැණ වැදුණූ බවයි.

එම චෝදනාවන්ට වරද පිළිගත් ඇතුගල ඇතුළු පිරිස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බන්ඩාර හමුවෙහි වැද සමාව ගන්නා ලදී.

Archive

Latest news

Related news