ජායාරූපය: බෙන් එමර්සන් කොළඹ දී ජනමාධ්‍ය අමතයි!
කොළඹ (ජූලි 14, 2017)
‘මානව අයිතිවාසිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබූ වසර 2 ක කාලයද අවසන්වී දැන් මාස 4 ක් ගතවී තිබේ. මෙම යෝජනාවේ සඳහන් කර ඇති ප්‍රධාන අරමුණ ඉටු කිරීමේ ප්‍රගතිය ඉතා මන්දගාමී මට්ටමක පවතින අතර, එය බොහෝ දුරට දැනට අඩපනවී ඇති බව පෙනේ. ශ්‍රී ලංකාවේ සන්ක්‍රාන්ත්‍රික යුක්ති බැදීම් ඉටුකර ගැනීම සඳහා අද වන තෙක් ක්‍රියාත්මක කරන ලද කිසිම පියවරයක් සත්‍ය වශයෙන් ප්‍රගතියක් ලඟාකර ගැනීමට ප්‍රමාණවත් නොවේ. ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවල යුධ අපරාධ කළ සාමාජිකයන් නීතිය ඉදිරියට රැගෙන ඒමේ ක්‍රියාවලියේද ප්‍රගතියක් සිදුවී නොමැත’ යැයි මානව අයිතිවාසිකම් හා මූලික නිදහස් ප්‍රවර්ධනය කර, ආරක්‍ෂා කිරීම සඳහාවූ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු බෙන් එමර්සන් ප්‍රකාශ කරයි.
ඔහු මෙසේ ප්‍රකාශ කරන ලද්දේ 2017 ජූලි මස 10 වෙනි සිට 14 වෙනි දින දක්වා ශ්‍රී ලංකාවෙහි යෙදුණු දූත ගමන අවසානයේදී ප්‍රකාශයක් නිතුත් කරමිනි.
ඔහු මෙසේද කියයි:
ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරන අවසථාවල මානව අයිතිවාසිකම් හා මූලික නිදහස් ප්‍රවර්ධනය කර, ආරක්‍ෂා කිරීම සඳහාවූ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු බෙන් එමර්සන් මහතා 2017 ජූලි මස 10 වෙනි සිට 14 වෙනි දින දක්වා ශ්‍රී ලංකාවේ චාරිකාවක යෙදුනේය. ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා තමනට් ආරාධනාවක් ලබාදීම වෙනුවෙන් ඔහු ශ්‍රී ලංකා රජයට තමන්ගේ ස්තුතිය පලකර සිටී. මෙම ගමනේ අරමුණ වනනේ අභ්‍යනතර අවි ගැටුම අවසන්වීමෙන් පසු ත්‍රස්තවාදයට එරෙහි සටනෙදී් ශ්‍රී ලංකාව එහි නීති, ප්‍රතිපත්ති හා භාවිතයන්හි ලඟා කරගෙන ඇති ප්‍රගතිය ඇගයීම වේ.
2015 වසරේදී ශ්‍රී ලංකාවේ සභාග රජයක් කරා දේශපාලන වෙනසක් ඇතිවූ අතර, එය ශ්‍රී ලංකාවේ සියලුම ජනතාව තුළ ප්‍රතිසංස්කරණ, ඇතුළත්කරණය, යුක්තිය හා මානව අයිතිවාසිකම් සඳහා ගරුත්වය යන කරුණු පිළිබඳ විශ්වාසයක් දැල්වීය. මෙම ගැම්ම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ සංහිදියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා රාමුවක් ස්ථාපිත වූ අතර, එය ශ්‍රී ලංකා රජයේ සම අනුග්‍රහය සහිතව එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසකිම් කවනු්සලය විසින් යෝජනා අංක 30/1 විසින් සම්මත කර ගන්නා ලදී. එක්සත් ජාතීන්ගේ යෝජනාව අතීතය ආමනත්‍රණය කිරීමටත්, රජයේ නිලිධාරීන් විසින් සිදු කරන ලද අපරාධ ක්‍රියා පිළිබඳ මුක්තිය හා සම්බන්ධ සංස්කෘතිය අවසන් කිරීමටත්, වගවීම, සාමය හා යුක්තිය තහවරු ැ කිරීමටත්, තිරසාර සංහිදියාවක් ලඟාකර ගැනමී ටත්, අතීතයේදී දෙපාර්ශවයන් විසින් සිදුකරන ලද මානව අයිතිවාසිකම් උල්ලංඝනයවීම් සිද්වීම් වළක්වා ගැනීමීටත් ශ්‍රී ලංකා රජයේ කැපවීම නියෝජනය කරන අතර, එය පිළිබිඹු කරයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ නව සංශෝධන ක්‍රියාවලිය සම්පූර්ණවීමෙන් පසු සත්‍ය හා සංහිදියා කොමිසම් සභාවක් ස්ථාපිත කිරීම සඳහා පනතක් සම්මත කර ගන්නා බවත්, ගැටුමේදී දෙපාර්ශවයන් විසිනම් සිදු කරන ලද ඉතා බරපතල අපරාධ සඳහා අපරාධ චෝදනා ගොනු කිරීමට විශේෂ නඩු පැවරීමේ කාර්යාලයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා, විශේෂ වාර්තාකරුට පුද්ගලකව පොරොන්දුවක් ලබා දුන්නේය. මෙම පියවරයන් ඇත්ත වශයෙනම් ජාත්‍යනතර ප්‍රජාවට ශ්‍රී ලංකා රජය විසින් ලබාදෙන ලද පොරොන්දු වන අතර, එම පොරොන්දු දැනටමත් සම්පූර්ණ කළ යුතුව තිබිණි.
නමුත් මෙම සියලුම දර්ශකයන් ශ්‍රී ලංකාව මුහුණපා සිටින ප්‍රශ්න සඳහා සියලුම ප්‍රජාවන්ට ප්‍රතිලාභයක් අත්වන ආකාරයේ තිරසාර හා සාධාරණ විසඳුමක් ලඟාකර ගැනීම පිළිබඳ එම රට ජාත්‍යනත්ර ප්‍රජාවට ලබාදී ඇති පොරොන්දුවට ඉතා පහළ මට්ටමක පවතී. සමානාත්මතාවය හා වගවීමේ මූලධර්මයන් විසින් ක්‍රියාත්මක කරනු ලබන අර්ථාන්විත සන්ක්‍රාන්තික යුක්ති ක්‍රමවේදයක් ස්ථාපිත කරන බවත්, ආරක්‍ෂක අංශය පිළිබඳ අත්‍යවශ්‍ය හදිසියෙන් සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ සිදුකරන බවත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දුවී තිබිණි.
2016 වසරේ අග භාගයේදී ත්‍රස්තවාදය වැළැකවී්මේ පනන යටතේ අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන්ගෙන් 80% ක් තමන් අත්අඩංගුවට ගැනීමෙන් පසු වදහිංසාවලට හා ශාරීරික හිරිහැරවලට ලක්වූ බව පැමිණිලි කර තිබෙන තත්ත්වය පිළිබඳ විශේෂ වාර්තාකරු තමන්ගේ දැඩි කනස්සල්ල පල කරයි. මෙම සිදුවීම් පසුව සාමාන්‍ය අපරාධ නීතිය යටතට ගන්නා ලදී. රැඳවම් මධ්‍යසථානවල සිටින රැඳවියන් වදහිංසාවට ලක් කිරීම පිළිබඳ කරුණු තමන්ගේ වැඩවල ප්‍රමුඛතා අංගයක් ලෙස පවතින බවත්, එය වැදගත් මානව අයිතිවාසිකම් ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකි බවත් මානව හිමිකම් කොමිසම අවධාරණය කළේය.ත්‍රස්තවාදය වැළැකවීමේ පනත යටතේ ගොනුකර ඇති නඩු සඳහා වගකීම් දරණ කොළඹ ශ්‍රේෂ්ඨ විනිසුරුවරයෙක් ඔහු 2017 දක්වා සම්බන්ධ වී ඇති නඩුවලින් 90% කට වැඩි නඩුවලට අදාළ අත්‍යවශ්‍ය පාපොච්චාරන සාක්‍ෂිය ඉවත් කිරීමට තමන්ට සිදුවූ බව විශේෂ වාර්තාකරු සමඟ පැවසයී. තර්ජනය කිරීම හෝ බලහත්කාර කිරීම මගින් එවැනි පාපොච්චාරන ලබාගෙන තිබීම එයට හේතුව විය. ස්වේච්ඡාවෙන් ඒවා ලබාදී නොමැත.
ශ්‍රී ලංකාවේ වදහිංසා සිදුකර කරන දැඩි කම්පනයට පත් කරන තත්ත්වයන් පවතින නමුත් , එවැනි චෝදනා පිළිබඳ සාර්ථක ආකාරයෙන් විමර්ශන නොපැවැත්වීම පිලිබඳ කරුණ විශේෂ වාර්තාකරු මෙහි සඳහන් කරයි. මෑත කාලයේ නිල සංඛ්‍යාලේඛණ ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමට ප්‍රතිචාරයක් වශයෙන ඔහුට ලැබුණු කරුණු අනුව, සැකකරුවන්ට වදහිංසා පමුණුවීම පිළිබඳව පොලිස නිලධාරීන් 71 දෙනෙකුට එරෙහිව පමණක් කටයුතු කර ඇති බව දැන ගන්නට ලැබුණි. පුද්ගලයන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින අවස්ථාවල දැනට මානව හිමිකම් කොමිසමට එය පිළිබඳව සාමාන්‍යයෙන් දැනුම් දෙනු ලබන බවද, සියලුම රැඳවම් මධ්‍යසථානවලට එම කොමිසමට බාධාවලින් තොරව පිවිසීමේ හැකියාව තිබෙන බවද විශේෂ වාර්්තාකරු මෙහි සඳහන් කරයි. කෙසේවෙතත්, පාපොච්චාරන මගින් අපරාධ පිළිබඳ කට උත්තර ලබා ගැනීමේ ක්‍රමයක් මත රඳා පවතින මෙම තත්ත්වය හා අනෙකුත් ආරක්‍ෂක පියවරයන්, මෙවැනි ඉතාම බියගුළු ජාත්‍යනත්ර අපරාධවලට එරෙහිව සැකකරුවන් ආරක්‍ෂා කිරීමට ප්‍රමාණවත් නොවන බව ඔප්පූවී ඇත.
දැනට අධිකරණ රුදවුම් භාරයේ සිටින සිරකරුවන් 81 දෙනෙකුගෙන් 70 දෙනෙක් වසර 5 කට වැඩි කාලයක් කිසිම නඩු විභාගයකන් තොරව රැඳවම් භාරයේ පසු වෙති. පුදගලයන් 12 දෙනෙක් වසර 10 කට වැඩි කාලයක් නඩු විභායකින් තොරව රැඳවුම් භාරයේ සටිි ති. මෙම විශ්මයජනක සංඛ්‍යාලේඛණ ශ්‍රී ලංකාවේ ජාත්‍යනත් ර කිර්තිනාමයට කැළලක් වේ. මෙම පුද්ගලයන වහාම ඇප මත මුදා හැරීමට පියවර ගත යුතුය. එසෙ නැත්නම් වසර ගණනාවකින හෝ දශක ගණනාවකින් ්නොව සති හෝ මාස කිහිපයක් තුළ ඔවනට එරෙහිව නඩු පැවරිය යුතුය. ත්‍රස්තවාදය වැළැකවීමේ පනත ඇතුළු මෙම සම්පූර්ණ පද්ධතිය අද වන තෙක් ක්‍රියාත්මකවී ඇති ආකාරය හා එය අදාළ වන නඩු සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක වන ආකාරය සම්පූර්ණයෙන් යුක්තිය ලබා නොදෙන තත්ත්වයක සමාන වේ.
කෙසේවෙතත්, වත්මන් නීති රාමු කෙටුම්පතේ ප්‍රධාන අඩුපාඩු බොහෝමයක් තිබෙන අතර, එය නීතියක් වශයෙන් සම්මත වුවහොත් ත්‍රස්තවාදී සැකකරුවන්ගේ මානව අයිතිවාසිකම් අඛණ්ඩව උල්ලංඝනය වන තත්ත්වයක් තවදුරටත් තහවුරු කළ හැකිය. මෙම අඩුපාඩුවල වැදගත්ම අඩුපාඩුව වන්නේ පොලිස් නිලධාරියෙකු වෙත රැඳවම් භාරයේ යටතේ ලබාදෙන පාපොචේචාරනය පිළිගැනීමට හැකිවන ප්‍රතිපාදනය එලෙසම තබා ගැනීම වේ. රැඳවුම් භාරයේ සිටින පුද්ගලයන් බරපතල ලෙස හා පුළුල් ලෙස හිරිහැරවලට ලක්වන රටක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් ජාත්‍යනත්ර මානව අයිතිවාසිකම් ප්‍රමිතීන්ට අනුකූලවීමේ එකම ක්‍රමවේදය වන්නේනිලධාරීන් වෙත කරන ලද පාපොච්චාරයන් භාවිතා කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමේ ප්‍රතිපාදනයක් මෙම පනතේ අවසන් කෙටුම්පතට නැවත හඳුන්වාදීම වේ. එය යහපත් හේතුවක් සඳහා ශ්‍රී ලංකාවේ තවද සාක්‍ෂි රැස්කර ගැනමී පිළිබඳ රාමු කෙටුම්පතේ බොහෝ ප්‍රතිපාදනවලද බරපතල ප්‍රශ්න පවතී.
මෙම නීතීි කෙටුම්පත සියලුම පාර්ශවයන් ඇතුළත් නොකරන තත්ත්වයට අදාළව හා ලෝකයේ මෙම ප්‍රදේශවල විදේශීය ත්‍රස්තවාදි සටන්කාමීන් කටයුතු කිරීම වැනි නූතන ත්‍රස්තවාදී තත්ත්වයන් ආමන්ත්‍රණය කීරීිමටද අපොහාසත්වීම සැලකිල්ලට ගතයුතු වැදගත් කරුණු වේ.
මෙම පනත ශ්‍රී ලංකාවේ නව ප්‍රවනතාවයේ සන්ධිස්ථානයක් කිරීම සඳහා එය නිවැරදි කර ගැනීමට තවමත් කල් තිබේ. ඊලඟ සති 2 ක කාලය තුළ ජීනවිාහි සිටින මගේ කණ්ඩායම සමඟ මේ පිළිබඳ සාකච්ඡා කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය එකඟතාවය පලකර ඇත. මෙම සංවාදයේ අරමුණ වන්නේ වත්මන් කෙටුම්පතේ තිබෙන අඩුපාඩු හඳුනා ගැනීම හා ඒවා නිවැරදි කිරීම සඳහා විසඳුම් සෙවීම වේ.
එමනිසා, අවසානයේදී මදකට නැවතී සමස්ථ චිත්‍රය දෙස බැලීම වැදගත් වේ. යහපත් චේතනාවකින් සතුව බොහෝ ප්‍රකාශ නිකුත්වී තිබේ. නමුත් අද වන තෙක් ගැටුමට ස්ථිරසාර හා යුක්තිසහගත විසඳුමක් ගෙන ඒම සඳහා ක්‍රියාකාරකමක් වශයෙන් කිසිදෙයක් සිදුවී නැත.
වගවීමේ තත්ත්වය පිළිබඳ දෙපාර්ශවයම වෙන් වෙන් වශයෙන් සමාලෝචනයට ලක් කරන විට එහි ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙන චිත්‍රය ඉතාම අඳුරු එකක් වේ: ඒ අකාරයෙන් ගුටුම්කාල වාකවානුවේ හා ගැටුමෙන් පසු බරපතල මානව හිමිකම් උල්ලංඝනය කර ඇති ආරක්‍ෂක හමුදාවල හා ආරක්‍ෂක සෙවාවල සාමාජිකයන් වගවීමට ලක් කිරීම සඳහා රජය කිසි දෙයක් කර නොමැත.
නමුත් එය අද වන තෙක් කෲර හා අසාධාරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළ පද්ධතිය අඛණ්ඩව ක්‍රියාත්මක කරයි. එම ක්‍රමවේදය දෙමළ ජනතාව කෙරෙහි විශාල වශයෙන් බලපෑමක් සිදුකර ඇත. මෙම තත්ත්වයන් අත්‍යවශ්‍යයෙන්ම ඔඩු දුවන දුක් ගැනවිලි නිර්මානය කළ හැකිය. එවැනි තත්ත්වයන් නොසන්සනු්තාවය පෝෂණය කිරීමටත්, ගැටුමක් නැවත අවිස්සීමටත් ඉවහල් විය හැකිය.
මානව අයිතිවාසිකම් කවුන්සලයේ 35 වන සැසි වාරයේදී සයි ආරම්භක ප්‍රකාශනයේදී එක්සත් ජාතීන්ගේ මහ
සම්පූර්ණ වාර්තාව පහත දැක්වේ. නැත්නම් පීඩීෆ් ගොනුවක් ලෙස කියන්න:Sinhala-Media-Release-Final (1)