Saturday, April 20, 2024

මංගල සමරවීරට දිගටම කැපිලි!

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් නාමිකව පත් කරන ලද මංගල සමරවීර දැන් දිගින් දිගටම රනිල් වික්‍රමසිංහගේ කතුරට හසුවෙමින් යයි.

මෙම කැපිල්ලේ නවතම පියවර නම් ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ පිහිටුවා ගෙන ඇති කමිටුවෙන් මංගල සමරවීර කපා දැමීමයි. එම කමිටුවට ඇතුළත් වන්නේ රවි කරුණානායක, මහින්ද සමරසිංහ, සාගල රත්නායක, විජේදාස රාජපක්ෂ, තිලක් මාරපන, රුවන් විජේවර්ධන සහ හර්ෂ ද සිල්වා යන ඇමැතිවරුන්ය.

ජීනීවා යෝජනාවට ඍජුවම සම්බන්ධ සමරවීර මෙම කමුටුවට ඇතුළත් නොකිරීමෙන් පෙනී යන්නේ රනිල් වික්‍රමසිංහ සමරවීර කෙරෙහි දක්වන වෙවරය බව අභ්‍යන්තර දේශපාලන ආංරචි මාර්ගද දක්වති.

තවද රාජ්‍ය ජනමාධ්‍ය සම්බන්ධයෙන් මංගල සමරවීරට කිසිදු බලයක් නැති බව පෙන්වමින් මාතර පැවති රනිල් විරෝධී සජිත් පේමදාසවාදී කුරුඳු පොලු පා ගමනෙහි ප්‍රධානියකු වු රවි ජයවර්ධන දිගටම රෑපවාහිනී සංස්ථාව බාරව ක්‍රියාකරයි. එම පා ගමන අවස්ථාවෙහි ඊට එරෙහි උද්ඝෝෂණයක් සංවිදානය කරන ලද්දේ මංගල සමරවීර විසිනි. එනයින් දැන් සමරවීරට සිදුව ඇත්තේ සිය දේශපාලන විරුද්ධවාදියකු රෑපවාහිනී සංසථාවෙහි සභාපති වශයෙන් තබා ගැනීමටය.

අයිටිඑන් ආයතනය තවත් නිලතල රාශියක් දරන දීර්ඝ කාලයක් තිස්සේ වික්‍රමසිංහගේ ලේකම්වරයකු ලෙස සේවය කරන සමන් ආතිවුදහෙට්ටිට දැන් නිල වශයෙන්ම බාර දී තිබේ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව බාර දී ඇති සුදර්ශන ගුණවර්ධන ප්‍රබල රනිල් වික්‍රමසිංහවාදියකු ලෙස ප්‍රසිද්ධය.

ලෙක්හවුසිය දිගටම පාලනය වන්නේ අගමැති කාර්යාලයෙනි.

මෙම රාජ්‍ය නිලධාරීන් තිදෙනා එම තනතුරු සඳහා යෝග්‍ය නැතැයි ඉන් අදහස් නොවේ. එසේ නමුත් ඔවුන්ගේ පක්ෂපාතිත්වය පවතින්නේ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීරට නොවන බව පැහැදිළිය.

Archive

Latest news

Related news