Saturday, April 20, 2024

මානව හිමිකම් ආරක්ෂක සහ නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාට සහයෝගය දක්වමු! – සිවිල් සමාජ ප්‍රකාශය

නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාව නීතියට අනුකූලව ඔහුගේ නීති වෘත්තියෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවට තර්ජනය කරමින් අධිකරණ අමාත්‍යවරයා විසින් ඔහුව බිය වැද්දීමට ගත් ප්‍රයත්නයන් පිළිබඳව අපි අතිශයින් තැති ගන්නෙමු. තනි පුද්ගලයෙකු මහජන අපකීර්තියට සහ එදිරිවාදී බවට ලක් කෙරෙන අමාත්‍යවරයාගේ මෙම හැසිරීම සිය බලය අයුතු ලෙස භාවිතා කිරීමක් ලෙස අපි තරයේ හෙළා දකිමු.
 
2017 ජූනි 14 වෙනි දිනදෙරණ රූපවාහිනී නාලිකාවෙහි අලූත් පාර්ලිමේන්තුව” වැඩසටහනට පෙනී සිටිමින්, 2015 ආරම්භයේ සිට,මෙරට ක්‍රිස්තියානි සිද්ධස්ථානවලට එරෙහි පහර දීම් සහ අනෙකුත් හිරිහැර කිරීම් 195 ක් සිදු වී ඇති බව ඩයස් මහතා ප්‍රකාශ කළේය. ජුනි 16 වෙනි දිනඩයස් මහතා විසින් ඉදිරිපත් කළ අදහස් ගැන සඳහන් කරමින් ජනාධිපතිතුමා සිදු කළ කතාවක් ස්වාධීන රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්තිවල විකාශය කෙරිණි. එම කතාවට අනුව ඩයස් මහතාගේ ප්‍රකාශය සැබෑ දැයි විමසීමට ජනාධිපතිතුමා වහාම රෝමානු කතෝලික සභාවේ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අමතා ඇති අතරඑවැනි සිදුවීම් කිසිවක් ගැන කාදිනල් හිමිපාණන් දැනුවත්ව නොසිටි බව පැවසුවේ යැයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. පසුවජුනි 17 වෙනි දිනජනාධිපතිතුමාගේ ප්‍රකාශය යළිත් අවධාරණය කරමින් ඇමැති විජේදාස රාජපක්ෂගේ ප්‍රකාශයක් දස්වාධීන රූපවාහිනී නාලිකාව විකාශය කළ අතරඩයස් මහතා පැය 24 ක් ඇතුළත ජාතියෙන් සමාව නොඅයදින්නේ නම් නීති වෘත්තියෙහි යෙදීමෙන් ඔහුව ඉවත් කිරීමට පියවර ගන්නා බවට තවදුරටත් තර්ජනය කළේ ය.
 
ඩයස් මහතා ඉදිරිපත් කළ දත්ත පාදක වී තිබුණේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය (NCEASL) විසින් ලේඛන ගත කර තිබූ තොරතුරු මතය. මෙයටපොලීසියට කරන ලද පැමිණිලි සහ මෙවැනි සිදුවීම් බොහොමයක නඩු අංක ඇතුළත් විය. 2017 මැයි 17වෙනි දිනශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය මගින්, 2017 වසරේ දී ක්‍රිස්තියානි සිද්ධස්ථාන ඉලක්ක කළ සිදුවීම් 20 ක් ගැන කනස්සල්ල ප්‍රකාශ කරමින් ප්‍රවෘත්ති නිවේදනයක් ඉදිරිපත් කළේය. තවදවෙරිටේ රිසර්ච් විසින් සම්පාදනය කළ නිහඬ මර්දනය: ක්‍රිස්තියානින්ගේ ආගමික නිදහස කෙරෙහි සීමා පැනවීම් (1994-2014) –  වසර විස්සක ප්‍රවනතා විශ්ලේෂණයක්”  සහ ආගමික නිදහසට අධිකරණ ප්‍රතිචාර : සිද්ධි විශ්ලේෂණයක් – 2015-   2014 අතරතුර ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ප්‍රජාවෙහි මූලික අයිතිවාසිකම් කෙරෙහි අධිකරණ ප්‍රතිචාර” නමැති ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානයෙහි ප්‍රලේඛන පදනම් කර ගෙන සැකසූ පර්යේෂණ වාර්තා හරහා ද ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ප්‍රජාවට එරෙහි උල්ලංඝනය කිරීම් තවදුරටත් ඉස්මතු කරයි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය ද, 2017 මැයි 31 වෙනි දිනක්‍රිස්තියානි සහ මුස්ලිම් ප්‍රජාවන් ඉලක්ක කොට ගෙන ආගමික සිද්ධස්ථානවලට කරන පහර දීම් ගැන ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරමින් එතුමාගේ මැදිහත් වීම පිණිස ලිපියක් යවා ඇත.
 
ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය  විසින් 2016 සැප්තැම්බර් 30 දාතමින් යවන ලද ලිපියක් හරහා මෙරටෙහි සුළුතර ආගමික කණ්ඩායමක් වන ධර්මදාන ක්‍රිස්තියානි ප්‍රජාවෙහි අභිලාෂයන් ශ්‍රී ලංකාවේ අන්තර්-ආගමික සභාවේ දී නියෝජනය කිරීමට අදහස් කරන බවට ජනාධිපතිතුමා හට සන්නිවේදනය කළ මුත්මෙම ඉල්ලීමට ප්‍රතිචාරයක් නොලැබිණි. ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානයපැවතුණු රජයන් යටතේ ආගමික කටයුතු අමාත්‍යාංශයෙහි නිලධාරීන් මුණ ගැසීබියවැද්දීම් සහ ප්‍රචණ්ඩත්ව ක්‍රියා ගැන තොරතුරු ඛෙදා හදා ගෙන ඇත. ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය විසින් දකුණු ආසියානු ප්‍රතිපත්ති සහ පර්යේෂණ ආයතනය ඇතුළුවරජය සමග සමිපව කටයුතු කරන අනෙකුත් නියෝජිතායතන සමඟ එහි සිද්ධි වාර්තා සහ ප්‍රලේඛන බෙදා හදා ගෙන ඇති අතරඩයස් මහතා විසින් දක්වා ඇති සංඛ්‍යා ලේඛනවල සාක්ෂි ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටියි.
 
මේ ආකාරයෙන් බලන විටජනාධිපතිතුමා සහ අධිකරණ ඇමති මෙවැනි සිද්ධීන් ගැන දැනුවත්ව නොසිටීම පුදුමයට කරුණකි. මේ ප්‍රහාර සිදු වූයේ රෝමානු කතෝලික දේවස්ථානවලට නොවධර්මදාන ක්‍රිස්තියානි දේවස්ථානවලට වන බව යන කාරණය කෙරෙහි අපි අවධානය යොමු කරන අතරමැල්කම් කාදිනල් රංජිත් කටයුතු කරනුයේ කොළඹ රෝමානු කතෝලික අගරදගුරු ලෙස බව ද සටහන් කරමු.
ලක්ෂාන් ඩයස් මහතා කීර්තිමත් නීතිඥයෙක් සහ දශක දෙකකට අධික කාලයක් තුළ සිවිල් සමාජ ක්‍රියාකාරිත්වයෙහි නියැලී සිටින කැප වුණු මානව හිමිකම් අයිතිවාසිකම් ආරක්ෂකයෙකි. ඔහු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහ බොහෝ දේශීය සහ කලාපීය මානව හිමිකම් කණ්ඩායම්වල සාමාජිකයෙකි. ඔහු කොන් කිරීමට ලක් වූ සහ වරප්‍රසාද නොලත් පුද්ගලයින් වෙනුවෙන් ශුභ සිද්ධිය පදනම් කර ගෙන,බොහෝ මූලික අයිතිවාසිකම් උල්ලංඝන නඩුවලට පෙනී සිට ඇත. සුළුතර ආගමික ප්‍රජාවන් අතර ආගමික ප්‍රචණ්ඩත්වය සහ වෙනස් කොට සැලකීමට ලක්වූ බොහෝ වින්දිතයින් ඔහු නියෝජනය කොට ඇත.
 
අපිසිවිල් සමාජයක් ලෙසඩයස් මහතාව ඉලක්ක කිරීම දකින්නේමානව හිමිකම් ක්‍රියාකාරිත්වයෙන් නිහ කිරීමට දරන ප්‍රයත්නයක් ලෙසය. තවදලක්ෂාන් ඩයස් මහතාගේ නීතිඥ වෘත්තියට සහ ඔහුගේ ආරක්ෂාවට එල්ල වී ඇති තර්ජනය ගැන අපි අපගේ බලවත් කණස්සල්ල ප්‍රකාශ කරන්නෙමු.
අපි පහත සඳහන් ක්‍රියාවන් ඉටු කරන ලෙස රජයෙන් දැඩිව ඉල්ලා සිටිමු.
 
1.     නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාගේ ප්‍රකාශයන් වාර්තාගත සංඛ්‍යා ලේඛන මත පදනම් වූ ඒවා බව අධිකරණ අමාත්‍යවරයා විසින් ප්‍රසිද්ධ කිරීමට වහාම කටයුතු කිරීම.
 
2.     ඩයස් මහතාගේ සහ ඔහුගේ පවුලේ සුරක්ෂිතතාව සහ ආරක්ෂාව තහවුරු කිරීම සහ ඩයස් මහතා විසින් තෝරා ගෙන ඇති වෘත්තියෙහි නියැලීමට ඔහුට ඇති මූලික අයිතිවාසිකම් පිළිගැනීමසහ නීතිඥයෙක් සහ අයිතිවාසිකම්වල ආරක්ෂකයෙකු ලෙසශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවෙහි 14 (1) (අ) වගන්තිය යටතේ සැමට තහවුරු කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස දිගටම භුක්ති විදීම තහවුරු කිරීම. 
 
නිකුත් කරන ලද්දේ,
ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය 
 
අනුමත කරන ලද්දේ,
පුද්ගලයින්
1.       Abdul Halik Azeez
2.       Aboobacker Abdul Ghany
3.       Affan Rushdie
4.       Afham Ismail
5.       Altaf Iqbal
6.       Ameer Faaiz – Attorney-at-Law
7.       Amjad Saleem
8.       Anberiya Hanifa 
9.       Annouchka Wijesinghe
10.   Anushani Alagarajah
11.   Areeb Ahamed 
12.   Ashad Wahab
13.   Aslam Mohamed
14.   Asma Edris
15.   Avanthie Sahabandu
16.   Azhar Ahamed
17.   Azmy Yehiya
18.   Azward Sulaiman
19.   B. Gowthaman 
20.   Balasingham Skanthakumar – Social Scientists’ Association (SSA)
21.   Basheer Ahamed
22.   Brito Fernando
23.   C. Ranitha Gnanarajah – Attorney-at-Law
24.   Caryll Tozer
25.   Cayathri Divakalala
26.   Chandraguptha Thenuwara – University of Visual and Performing Arts
27.   Chinniah Rajeshkumar 
28.   Chulani Kodikara
29.   D.B.S. Jeyaraj – Journalist
30.   Damaris Wickremesekera
31.   Darshan Ambalavanar
32.   Deanne Uyangoda
33.   Deekshya Illangasinghe
34.   Dilrukshi Handunnetti – Journalist and Lawyer
35.   Dr. Farah Mihlar
36.   Dr. Ivor Poobalan – Principal, Colombo Theological Seminary
37.   Dr. Jehan Perera
38.   Dr. M.A.M. Siddique
39.   Dr. Mareena Refai
40.   Dr. N.P.M. Woleedh
41.   Dr. Paikiasothy Saravanamuttu
42.   Dr. Philip Setunga
43.   Dr. Vickramabahu
44.   Dulan de Silva
45.   Emil van der Poorten
46.   Eng. A.G.A. Barie
47.   Faiz Ur Rahman
48.   Faizun Zakeriya 
49.   Farzana Haniffa – University of Colombo 
50.   Florida be Marzook
51.   Florine Marzook
52.   Freddy Gamage
53.   Gayathri Gamage
54.   Gehan Gunatilleke – Attorney-at-Law
55.   Godfrey Yogarajah
56.   Hanif Yusuf
57.   Harini Amarasuriya – Open University of Sri Lanka
58.   Hasanah Cegu Isadeen
59.   Herman Kumara
60.   Hilmy Ahamed
61.   Hussain Shamil
62.   I. Madani
63.   Ian Ferdinands
64.   Irshad Muhamed Nazeel
65.   Isham Marrikar
66.   Jake Oorloff
67.   Jansila Majeed
68.   Joanne Senn
69.   K. Aingkaran – Attorney-at–Law
70.   K.S. Ratnavale – Attorney-at-Law
71.   Kalani Subasinghe
72.   Keshini Dias Sumanasekera – Attorney–at-Law
73.   Kumudini Samuel
74.   Kusal Perera – Journalist
75.   Lakshman Gunasekara
76.   Luke David
77.   M.B.M. Firthous Naleemi
78.   M.H.M. Firdous
79.   M.T. Thassim
80.   Mahalaxumy Kurushanthan
81.   Mahesh De Mel
82.   Mahir ismail
83.   Mangaleswary Shanker – Attorney-at-Law
84.   Manjula Gajanayake – Centre for Policy Alternatives (CPA)
85.   Mareena Abdeen
86.   Mario Gomez
87.   Marisa de Silva
88.   Mass E. Usuf
89.   Maureen Ernest
90.   Melani Manel Perera  – Journalist
91.   Mike Gabriel
92.   Mirak Raheem
93.   Mohamed Azad – Human Rights Activist and Attorney-at-Law
94.   Mohamed Jaleel
95.   Mohamed Mahuruf
96.   Mohamed Rafi
97.   Moiz Mohsin Eusfally
98.   Muhammed Muzzammil Cader – Samadanam, Kandy
99.   Muhammed Zuhair
100.   Mujeebur Rahman – Journalist & Human Rights Defender
101.   Mumtaz Rahman
102.   Munza Mushqtaq
103.   Najah Mohamed
104.   Nalini Ratnarajah
105.   Nazrah Ismail
106.   Nazvi Rahman
107.   Nihar Hameed
108.   Nilshan Fonseka
109.   Nimalka Fernando – Attorney-at-Law
110.   Nirmal Ranjith Dewasiri
111.   Nirmala Rajasingam
112.   Niroza Hussain
113.   Niyas Mohideen
114.   Niyas Yusuf
115.   P. Selvaratnam
116.   P.N. Singham

Archive

Latest news

Related news