Thursday, April 25, 2024

කුණු කා යැපෙන ශ්‍රී ලංකාවේ දේශපාලනය

දිනතුනක් තුළ කොළඹ සහ තදාසන්න නගරයන්හි කුණූ ඉවත් නොකළහොත් බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය තනතුරින් ඉවත් කරන බවට ජනාධිපති සිරිසේන අනතුරු හඟවා තිබෙන බවට ඩේලි මිරර් පුවත්පත විසින් ඵල කරන ලද පුවත බොරුවක් බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි. මෙම ව්‍යාජ පුවත සය පුවත් පතෙහි පල කරන ලද්දේ කුමන මූලාශ්‍රයකින්දැයි එම පුවත්පත සදහන් කර නැත.

කුණු ප්‍රශ්ණය මෙම ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය පෙන්වන තවත් කැඩපතකි.  රට පුරා කුණූ ඉවත්කිරීමේ වගකීම පැවැරෙන පළාත් පාලන ආයතන දෙවසරක් පුරා ක්‍රියාත්මක වන්නේ නිලධාරීන් යවතේය. මහජන නියෝජිතයින් පත්කර ගැනෙන මැතිවරණ දෙවසරක්ම මෙම ආණ්ඩුව කල් දමා තිබෙන්නේ ජන්දයකට යෑමට ඇති බිය නිසාය.

අප ජීවත්වන කොලඹ තදාසන්න පෙදෙසෙහි කුණූ සති තුනක්ම ඉවත් කළේ නැත. එමෙන්ම මෙම පෙදෙස ඩෙංඟු රෝගය පැතිර ඇති රතු පෙදෙසෙකි්‍. මෙම පෙදෙස හරහා යන මාවත දෙපස ඩෙංඟු රෝගින් 500 ඉක්මවා තිබේ.

මේ අසාර්ථකත්වයට හේතුව ආණ්ඩුවේ සමස්ත නොහැකියාව මිස කවර  හෝ පුද්ගලයකු නොවේ.

ආණ්ඩුවේ බැරිකම නම්  හෙලුව වසා ගන්නා සීතාම්බර පටය නම් ව්‍යවස්ථා සංසෝධන කෝදුරු තෙල් හත්පට්ටයයි.

එකක් කිව හැකිය. දින තුනකින් නොව මාස තුනකින්වත් කුණූ ප්‍රශ්ණයට විසඳුමක් දීමට ආණ්ඩුවට බැරිය. ෙ

එපමනක් නොව මෙම ප්‍රශ්ණයට විසඳුමක් සෙවීමට සමහර විට අගමැති සිංගප්පුරුවට ද ජනපති තවත්  කොහේ හරි යෑමට බැරිකමක් ද නැත.

මෙරට ආණ්ඩුකරණය සමස්තයක් වශයෙන් කාර්යක්ෂම කරන තුරු කුණු හෝ ඩෙංඟු ප්‍රශ්ණයට විසදුමක් නොලැබෙනු ඇත. ගතවන දිනක් පාසාම පෙනෙන්නේ මෙරට බිහිවු ඉතාම අකාර්යක්ෂම ආණ්ඩුවවීමේ වාර්තාව කරා සිරිසේන – රනිල් යුග ගීතය පල්ලම් බසිමින් තිබෙන හැඩයයි.

මේ ලෝකෙන්ම උතුම් රට වන ලංකාවය.

Archive

Latest news

Related news