Friday, March 29, 2024

විග්නේශ්වරන් පැරදීමට ගිය පළාත් සභාවේ අවුල තාවකාලික විසදෙයි!

මෙරට දෙමළ දේශපාලනයෙහි මහත් ආරවුලක් බවට පත්වීමට ඉඩ තිිබු උතුරු පළාත් සභා මහ ඇමැති විග්නේශ්වරන් සහ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන හවුල්කරු වන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය අතර ඇතිවෙන්නට ගිය ගැටුම දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානී පා.ම. ආර්. සම්පන්දන්ගේ මැදිහත්වීමෙන් විසදී තිබේ.

මේ අනුව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂවරන් මහතාට එරෙහිව සිය පක්ෂයේ පළාත් සභා මංත්‍රීවරුන් විසින් ගෙන එන ලද  විශ්වාසභංගය ඉල්ලා අස්කර ගන්නා බවට  ආර්.සම්බන්ධන් මහතා උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා වෙත 19වන දින   දැනුම් දෙන ලදී.

මෙම ගැටුම විසඳා ගන්නා ලෙස යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුන් සහ යාපන ප්‍රධාන හින්දු පූජක ශ්‍රී ශ්‍රී සෝමසුන්දරම් පූජකතුමන්ගේ දෙපාර්ශයටම ලිපි මගින් දැනුම් දී තිබුණි. එසේ නමුත් උතුරු දෙමළ දේශපාලනයෙහි නිරත ආන්තික කණ්ඩායම් අපෙක්ෂා කළේ ගැටුම දුර දිග  ගෙන ගොස් දෙමළ ජාතික සන්ධානය දුර්වල කිරීමටය.

දූෂණ චෝදනා සනාථ නොවූ  තමිල්අ අරසු කච්වු පක්ෂයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු  මසක නිවාඩුවක් සහිතව අමාත්‍යධූර අත්හිටුවීමට මහ ඇමැති විග්නේශ්වරන් විසින් තීරණය කිරීම මෙම ගැටුමට මූලික විය.  දැන්   එකී  තීරණය වෙනස් කරන බවට මහ ඇමතිවරයා එකඟ වි තිබේ. විශ්වාස භංග යෝජනාව සාච්ජාවට ගැනුනේ නම් විග්නේශ්වරන් පරාජය වීමට හොදටම ඉඩ තිබුණි.

එවැනි තත්වයක් ඇතිවුවහොත් සිය අනුගාමිකයින් ප්‍රචන්ඩ ක්‍රියාවන්ට පවා යොමු විය හැකි බවට  විග්නේශවරන් විසින් අනතුරු හඟවා තිබුණි. සම්පන්දන් – සුමන්දිරන් විරෝධී දෙමළ දේශපාලන බලවේග විග්නේශ්වරන් වටා එක්රැස් වෙමින් තිබුණේ බලය මහ පාරෙහි උරගා බැලීමටය.

මේ අනුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාස භංගය තමිල් අරසු කච්චි පක්ෂය විසින්ම ඉල්ලා අස්කර ගන්නා බවත් අමාත්‍යවරුන් දෙදෙනා  සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලටද ඇගිලි ගැසිම් නොකරන ලෙසට තමා ඔවුනට උපදෙස් දුන්  බවත්  දක්වමින්  සම්බන්ධන්  සිය ලිපියක් මගින් දන්වා ඇත.

කෙසේ වෙතත් විග්නේශ්වරන් සහ තමිල් අරසු කච්චි පක්ෂය අතර ඇති අර්බූදය මෙමගින් සහමුලින්ම විසඳි නැත. දෙමළ ජාතික සන්ධානයේ අනෙක් හවුල්කරුවන් වන සුරේශ් ප්‍රේමචනද්‍රන් නායකත්වය දරන ඉපීආර්එල්එෆ්, අයෙිකලනාදන් නායකත්වය දරන ටෙලෝ සහ සිද්ධාර්තන් නායකත්වය දරන ප්ලොට් යන සංවිධාන සමඟ එක්ව විග්නේශ්වරන් වෙනම දේශපාලනකට අවතීර්ණ වීමේ ඉඩ කඩ තවම පවති. දෙමළ මහජන සභාව නම් ස්වාධීන දේශපාලන එකතුවකට ද විග්නේශ්වරන් නායකත්වය දෙන අතර උතුරු නැගෙනහිර බොහෝ උද්ගෝෂණ සංවිධානය කරන්නේ එම එකතුව විසිනි.

 

Archive

Latest news

Related news