Tuesday, July 16, 2024

පසුගිය මැතිවරණයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට මංත්‍රීවරියන් 207ක්!

ජායාරූපය: 2015 මහා මැතිවරණයෙන් මංත්‍රීවරියන් 196ක් තේරීපත් විය.

පසුගිය 08දා පැවැති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයෙන් මංත්‍රීවරියන් 208 දෙනෙකු පත් වී නව වාර්තාවක් පිහිටුවා තිබේ. 2015 මැතිවරණයෙන් පත්ව සිටියේ මංත්‍රීවරියන් 196කි.

වසර 104කට පෙර කාන්තාවන්ට ජන්ද බලය ඉල්ලා සටන් කළ එමිලි වයිඩින් එවැනි උද්ඝෝෂනක් අතර තුර මරණයට පත් වූයේ ද මෙම මැතිවරණය පවත්වන ලද ජූනි 08දාකය.

බ්‍රිතාන්‍ය යෙහි සමස්ත පාර්ලිමේන්තු ආසන 650ක් වන අතර මෙම මැතිවරණයෙන් එහි මංත්‍රීවරියන්ගේ ප්‍රතිශතය සියයට 32 ක්වා ඉහළ ගොස් තිබේ. එනමුත් බ්‍රිතාන්‍ය තවම මහජන නියෝජන ආයතනයන්හි කාන්තා නියෝජනය අතින් ඉන්නේ බොහෝ යුරෝපීය රටවලට පසුපසිනි. ලෝක දර්ශකයෙහි එය දරන්නේ 40 වන ස්ථානයයි.

ලොව වැඩිම මංත්‍රීවරියන් සිටින රට අප්‍රිකාවෙහි රුවන්ඩාවය. එරට කාන්තා නියෝජනාය සඳහා ප්‍රතිශතයන් නීතියෙන්ම නියම කර තිබේ.

එමෙන්ම තවත් කැපී පෙනෙන ලකුණක් නම් කමන් සමරිසි ලිංගිකයන් බව රහසක් වශයෙන් පවත්වා නොගන්නා මංත්‍රීවරුන් 36 දෙනෙක් ද මංත්‍රීවරියන් 09 දෙනෙකුද මෙවර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පත්ව තිබීමයි.

කම්කරැ පක්ෂ නායක ජෙරමි කෝබින් පක්ෂයේ ප්‍රධානීන් සමඟ.

වැඩිම කාන්තා නියෝජන ප්‍රතිශතයක් ඇත්තේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයෙහිය. එය සියයට 45කි. කොන්සවෙටිව් පක්ෂයේ සියයට 21කි.

Archive

Latest news

Related news