Friday, April 19, 2024

දෙපාර්ථමේන්තු බෙදිල්ලෙන් මංගල සමරවීර තවත් හෑල්ලු කරයි!

කඳු ගණන් විලිලා බිහි කල ඇමැතිමාරු කෙන්දෙන් විදේශ ඇමැතිවයා ලෙස මහඟු කාර්ය භාරයක් කළ සහ රාජපක්සස පරිජය කළ සම්මුති ආණ්ඩුව ගෙන ඒමෙහි මූලිකයකු වූ මංගල සමරවීරගේ බලතල තවදුරටත් හෑල්ලු කර තිබේ.

මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට නම් පොදු  අපේක්ෂකයකු අත්‍යවශ්‍ය බවට තදබල ව්‍යාපාරයක් ගෙන ගිය නිසා තමන්ට තනිව තරඟ කර ජනාධිපති ළුිමට තිබූ අවසාන අවස්ථාව අහිමිවූයේ යැයි අගමැති වික්‍රමසිංහ සමරවීර සමඟ  වෛරයකින් පසුවන බව එජාපයට හිතැති අංරංචි මාර්ග පවසයි. සමරවීර විදේශ ඇමැතිවරයා වශයෙන් කටයුතු කිරීමෙන් ඉවත් කරන ලද්දේ වික්‍රමසිංහගේ උවමනාව අනුව බව එම ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම අැමැති රවි කරුනානායක කියන්නේ ද තමා මුදල් ඇමැතිකමින් ඉවත් කළේ රනිල් වික්‍රමසිංහගේ දකුණු අත වන් ව්‍යාපරික ඇමැති මලික් සමරවික්‍රම විසින් බවයි.

මංගල සමරවීරට ලබා දුන් මුදල් අමාත්‍යාංශයට  ශ්‍රී ලංකා මහ බැංකුව සහ වානිජ බැංකු කිසිවක්  ලබා දී නැත. ශ්‍රී ලංකා මහ බැංකුව අගමැතිවරයා යටතේම තබා ගෙන තිබෙන්නේ බැදුම්කර වංචාවට ඔහු වෙත ඇඟිල්ල දිඟූ වෙමින් තිබියදී්‍ය. එපමණක් නොව  මුදල් අමාත්‍යාංශය යටතේ තිබු සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශයට පවරා ඇත.

ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ තිබූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව සහ ජාතික චිත්‍රපට සංස්ථාව ජනමාධ්‍ය අමත්‍යාංශයෙන් ඉවත් කර  රංජිත් මද්දුම බණ්ඩාරගේ රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යාංශය යටතට පවරා ඇත.

ජනමාධ්‍ය ඇමැතිවරයා වශයෙන් සමරවීරට ප්‍රායෝගිකව හිමිව ඇත්තේ සොච්චමකි. ඔහුට නිල වශයෙන් අයත් ආයතනයන්ගෙන් බොහොමයක නියම හිමිකරුවන් වන්නේ සිරිසේන සහ වික්‍රමසිංහය.. තොරතුරු අමාත්‍යාංශය (එහි පාලනය රනිල්වාදී රංග කලන්සූරිය සතුය), ශ්‍රී ලංකා පුවත් පත් මණ්ඩලය ( වැඩකට නැත)   ශ්‍රී  ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ රූපවාහිනී සංස්ථාව  ( මෙම ආයතන දෙකම පාලනය වන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරනදේශපාලනඥයින් විසිනි) ලේක් හවුසිය සහ අයිටීඑඑන් ආයතනය ( මෙම ආයතන දෙකම රනිල් වික්‍රමසිංහගේ ඍජු පාලනය යටතේ ඔහුගේ හිතවතුන් විසින් පාලනය කරයි). මෙම ආයතනයන්ට අමතරව වැඩකට නැති තවත් ආයතන ගණනවක්ද ඔහුට බාර දී තිබේ.

මේ අතර සිය ජන මාධ්‍ය අමාතයාංශ සම්බන්ධිකරණ  ලේකම් වශයෙන් සත්හඩ පුවත්පත, ශ්‍රී ලංකා මිරර් වෙඩ් අඩිවිය සහ තවත් වෙබ් අඩවි ගණනාවක් පවත්වා ගෙන යන රැැවන් පර්ඩන්ඩස්  පත් කර ගෙන ඇතැයි ලංකා ඊ නිව්ස් වාර්තා කරයි.

අදාළ ගැසට් නිවේදනය පහත දැක්වේ:

2022-34_S

 

 

Archive

Latest news

Related news